Gossip

ආදරය ජීවමාන කරමින් ආදරණීය බිරිඳට වුණු පොරොන්දුව ඉටු කරන්න පුංචි ටජ්මහලක් හදපු ප්‍රේමවන්තයා – Photos

තමන් ආදරය කරන කෙනාට ආදරය ඔප්පු කරන්න ගොඩාක් දෙනෙක් බොහො දේවල් කරනවා.
ඉතින් ඉතිහාසය පුරාවට ආදරය සංකේතවත් වෙන බොහො දේවල් සදහන්. රෝමියෝජූලියට්, ලයිලා මන්ජූ, ෂිරන් ෆර්හාඩ් වගේ ආදරකතා ඔවුන් ආදරය වෙනුවෙන් කරන ලද කැප කිරීම් වගේ බොහො දේවල් ඉතිහාසය තුළ දකින්න පුළුවන්.
මේ අතර ලෝකයේ බොහො දෙනා විවිධ අදහස් දරපු ආදර කතාවක් තමයි සහජාන් මූන්ටාස් ආදර කතාව.
කතාව කොහොම වුනත් අදටත් ලෝකයේ ආදරයේ සංකේතයක් ලෙස ටජ්මහළ පිළිගන්නා බව නම් ඕනම කෙනෙක් දන්න දෙයක්.
ඒත් මේ කියන්න යන්නේ සහජාන් හෝ මූන්ටාස්ගේ ආදර කතාව ගැන නම් නෙමෙයි. තමන්ගේ ආදරණිය බිරිද වෙනුවෙන් සැබැවින් ම ටජ් මහලක් සැදූ මිනිසෙක් ගැනයි. ආදරය වෙනුවෙන් මේ මිනිසා කළ දේ නම් හරිම අපුරුයි.
ඔහු නමින් ෆයිසල්හසන්කූර්දි. ඔහුගේ කතාව සාහිත්‍යය තුළ සදහන් වූ ආදරය යළිත් ජිවමාන කරන්න සමත් වෙනවා.
ඔහු වෘත්තියෙන් තැපැල් නිලධාරීයෙක්. දැන් විශ්‍රාමිකවයි කාලය ගෙවන්නේ. කුර්දි ට එයාගේ සැබෑ ආදරය හමු වන්නේ 1953 දී ඇය නමින් ටාජාමුල්ලි ඔවුන් විවාහයෙන් පස්සේ ආදරයෙන් සතුටින් කාලය ගත කරා. නමුත් ටාජාමුල්ලිට එක් දුකක් තිබුනා. ඔවුන්ට දරුවන් සිටියේ නෑ. ඉතින් ඇය සෑම වෙලාවකම ඒ ගැන සිතමින් කාලය ගත කරේ තමන්ගේ ස්වාමියාගේ නම ලෝකයෙන් දිනක මැකී යයි ඔවුන් ආදරය මරණයෙන් අවසන් වෙයි කියන දුකින්.
නමුත් කුර්දි තමන්ගේ බිරිදව සතුටින් තියන්න සියලු දේ කරා. ඔහු දවසක් හරි අපුරු කතාවක් එයාගේ බිරිදට කියනවා. ඔවුන්ගේ මරණයෙන් පස්සේ ඔවුන්ගේ ආදරය ලෝකයෙන් මැකිලා නොයන විදිහේ දෙයක් නිර්මාණය කරනවා කියලා. ඔවුන්ගේ අවසන් කටයුතු ඒ නිර්මාණය තුළම කරනවා කියලා. ඊට පස්සේ හැමදාටම මේ ලෝකයේ ඔවුන්ගේ ආදරය සංකේතවත් වෙයි කියලත් කුර්දි එයාගේ බිරිදව සනසමින් කියනවා.. නමුත් මේ ආදරය වැඩි කාලයක් පැවතුනේ නෑ.
ටාජාමුල්ලිගේ ශරීරයේ ඇයව සදාකාලිකවම කුර්දිට අහිමි කරන දෙයක් වර්ධනය වෙමින් තිබුනා. 2011 වසරේ දී ඇයට පිළිකාවක් බව අනාවරණය වෙනවා. ඒ වසරේ දීම ඇය මිය යනවා.
ඉන්දියාවේ ප්‍රසිද්ධ ආදර කියමනක් තමයි “මම ඔබේ නමින් ටජ් මහලක් හදනවා” කියන එක. ඒත් සහජාන් මූන්ටාස් වෙනුවෙන් ටජ් මහලක් හැදුවට පස්සේ කාරුත් ඒ විදිහේ නිර්මාණයක් කරන්න හිතුවේ නෑ.
නමුත් ෆයිසල් හසන් කුර්දි තමන්ගේ බිරිද වෙනුවෙන් වුනු පොරොන්දුව ඉටු කරන්න ඔහු ජිවිත කාලය පුරාවට එකතු කළ ධනය වියදම් කරලා පුංචි ටජ් මහලක් ඉදි කරනු ලබනවා. ඒ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් වල බුල්ෂාෂර් වල කසෙර් කලන් කියන ගම්මානයේ වෙලක් මැද්දේ කුඩා බිමකයි.
ඔහුගේ පුංචි ටජ් මහල හදන අසලම කාන්තා පාසලක් නිර්මාණය කරමින් තිබුනු අතර පසුව තමන්ගේ නිර්මාණයේ වැඩ මදකට නතර කරන මේ අපුරු මිනිසා තමන්ගේ උපරිම දායකත්වය පාසල වෙනුවෙන් ලබා දුන්නේ ය.
ඔහුගේ ටජ් මහල හදන හීනය තවමත් ඉටු කර ගන්න ඔහුට නොහැකි වුනේ පාසල වෙනුවෙන් ටජ් මහල හදන ධනය වියදම් කරපු නිසායි.
උත්තර් ප්‍රදේශ් වල මහ ඇමැතිවරයා තමන්ගේ ප්‍රාන්තය තුළත් කුඩා ටජ් මහලක් ඉදි කරන්නට සැරසෙන මේ මිනිසා ගැන ආරංචි වෙනවා.
ඔහු වාහම මේ පුද්ගලයා සොයාගෙන ඔහුගේ නිර්මාණයට මුල්‍යම වශයෙන් උදව් කරන්න සැරසුනත් 81 වෙනි වියේ පසුවෙන් කුර්දි එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන්නේ එයාගේ බිරිදගේ මතකයන් අමරණිය කරන්නේ එයාගේ හැකියාවෙන් විතරයි කියලා.
මෙය ඇත්ත ටජ් මහල තරම් විශාල නොවුනත් එය ආකාරයටම ඉදි කරන්නට ඔහු සමත් වී තිබෙනවා.
දැනට ඔහුට මේ නිර්මාණයෙන් වැඩ කිරීමට ඉන්දියානු රුපියල් ලක්ෂ 17ක් වියදම් වී තිබුනා.
කුර්දිගේ ආදරණිය බිරිදගේ සිරුර තැන්පත් කරලා තියෙන්නෙත් මේ පුංචි ටජ් මහල තුළම විම විශේෂත්වයක්. ඉතින් තවමත් වැඩ අවසන් නොකර ඇති මේ ටජ් මහල අවසන් කරන්න මේ කුර්දි දැඩි ලෙස බලාපොරොත්තුවෙන් සිටින බවත් සදහන් වෙනවා.
ඔහු මිය ගිය දිනක ඔහුගේ ශරීරයත් මේ පුංචි ටජ් මහල තුළම තමන්ගේ බිරිදගේ සොහොන අසලම තබන ලෙස ඔහු ගේ අවසන් කැමැත්ත තුළින් ඥාතින්ගෙන් ඉල්ලා ඇති බවත් සදහන්. ඉතින් අන්ද්‍ර වල තියෙන සැබෑ ටජ් මහල බලන්න එන සංචාරකයන් මෙන් ම කුර්දිගේ ආදරය වෙනුවෙන් ඉදි වූ මේ පුංචි ටජ් මහල බලන්න එන සංචාරකයන් ද සිටිනවා. තමන්ගේ ආදරය වෙනුවෙන් මිනිසාට කළ හැකි අපරිමිත කැප කිරීම ගැන මේ නිර්මාණය කදිම නිදසුනක් බවයි බොහො දෙනා පවසන්නේ.. ඒත් කුර්දි කියන්නේ නම් ඔහුගේ සහ බිරිදගේ ආදරය කොන්ක්‍රීට් ගොඩකින් පෙන්වා දිය නොහැකි බවත්. යම් දිනක ඔවුන් ආදරය ලෝකය දැන ගැනීම උදෙසා මෙය ඉදි කරන බවත් ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!