Gossip

“ආදරණීය මතක ගොඩක් ඉතිරි වුණා.ඒක ලොකු වේදනාවක් නෙමෙයි” – පුබුදු මුල්වරට හෙළි කළ කතාව මෙන්න

පුබුදු ගැන පසුගිය දවස් ටිකේම කතාවුණා.
පුබුදු සහ මාෂි යුග දිවියට පා තබලා තාම වැඩි කාලයක් නැහැ.
පුබුදු ගැන පසුගිය දවස්වල කතාවෙන්න පටන් ගත්තේ පුබුදුගේ කොණ්ඩය නිසා.
මේ දේ ගැනත් පුබුදු මාෂිගේ අලුත්ම විස්තර ගැනත් සතිඅන්ත පුවත්පතක මේ විදිහට සටහන් වෙලා තිබුණා.

විවාහ වුණාට පස්සේ පුබුදුට ඇයි හදිසියේම හිතුණේ කොණ්ඩය හිටවන්න ඕනේ කියලා.
මීට පෙර මම රග පෑ චරිත නිසා මගේ කොණ්ඩය ඩැමේජ් වෙලයි තිබුණේ. ඉතිං මට ඕන වුණා මගේ කොණ්ඩේ යළි පිළිසකර කරන්න.
නළුවෙක් නිසා මම කොණ්ඩෙ ස්ප්‍රේ පාවිච්චි කරනවා. ටෙස් ගන්වදිදී තව්ත කෙමිකල්ස් පාවිච්චි කරන්නත් වෙනවා. ඔය විදියට බලද්දි නළු නිළියන්ගේ කොණ්ඩේ යෑමේ
අවදානම වැඩියි.
හැබැයි ඔය විදියට කොණ්ඩේ ගියාම අපිට සමහර චරිත කරන්න බැරි වෙනවා. එතකොට අපිට විග් දාන්න වෙනවා. මම විග් දාන්න කැමති නැහැ.
සොබාවිකත්වයට කැමැති කෙනෙක් විදියට මම මේකට ක්‍රමයක් හොය හොයා හිටියේ. ඔය අතරේ තමයි මගේ මිතුරන් කිහිප දෙනකු මේ විදිහට තමන්ගේ කොණ්ඩය සිටවා ගත්තේ.
ඉතින් මම ඔය විස්තර බිරිද මාෂිටත් කිව්වා. එයත් මේ වැඩේට කැමති වුණා. අන්තිමට මමත් කොණ්ඩය සිටුවා ගත්තා.

පුබුදුගේ කොණ්ඩේ හිටවන ජායාරූප දැන් අන්තර්ජාලයේත් සැරිසරනවා. කොහොමද ලැබෙන ප්‍රතිචාර එහෙම ?
ගොඩක් වෙලාවට අපි භාවිතා කරන කෙමිකල්ස්, ඒ වගේම කාලගුණය, අව්වත් එක්ක අපේ රටේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බොහෝ දෙනෙකුගේ කොණ්ඩෙට හානි වෙලා තියෙනවා.
ඉතිං ගොඩක් දෙනා මගේ ෆොටෝස් දැකලා ඇහුවා පුබුදු කොහොමද කොණ්ඩේ හිටෙව්වේ…. අපිටත් කරගන්න ඕනේ… කොහොමද මිල ගණන් එහෙම කියලා. ඉතින් මම ඒ අයට යායුතු නිවැරදි මාර්ගය පෙන්වා දුන්නා.

ඔය විදියට කොණ්ඩය හිටවන කොට වේනාවක් දැනෙනවාද ?
කුහුඹියෙක් කනවා වගේ තමයි දැනෙන්නේ. හැබැයි ඒක ලොකු වේදනාවක් නෙමෙයි. හැබැයි මාෂි නම් ගොඩක් බය වුණා කොණ්ඩේ හිටවන්නත් කලින්ම මට රිදෙයි කියලා. පස්සේ එයාගේ බය නැති වුණා.

විවාහයෙන් පස්සේ පුබුදු – මාෂි සමරපු පළවෙනි අලුත් අවුරුද්ද බොහෝම සුන්දර ඇති නේද ?
සුන්දරයි…. සුන්දරයි…. (හිනැහී) මෙවර අලුත් අවුරුද්ද තමයි අපි දෙන්නට පවුලක් විදිහට සමරන්න ලැබුණේ.
ඉතින් මේ සමරපු අවුරුද්දේ අපි දෙන්නටම බොහෝම ආදරණීය මතක ගොඩක් ඉතිරි වුණා. ඇත්තටම මේ උදාවුණේ ආදරයෙන් පිරුණු අවුරුද්දක්.
ආදරය කරපු දෙන්නෙක් ළංවෙලා අවුරුදු සමරන එක ඇත්තටම ලස්සනයි. අලුත බැදපු ජෝඩුවක් නිසා තවමත් අපි නෑදැ ගෙවල්වල යනවා.

පුබුදුගේ බිරිදත් ලස්සන හැඩකාරියක් නිසා කැමති නැද්ද ඇයවත් රංගන ක්ෂේත්‍රයට යොමු කරවන්න ?
මාෂීත් එක්ක රගපාන්න මටත් ආසයි. එයත් එහෙමයි. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි දෙන්නා ඉදිරියේදී එකට රගපානවා.
මාව සිනමාවට රුගෙන ආපු මගේ පළවෙනි ගුරුවරයා උදයකාන්ත වර්ණසූර්ය මහත්මයත් එක්ක එකතුවෙලා මම පිටපතක් ලිව්වා.
මාෂි නිළියක් වන්නේ අන්න ඒ චිත්‍රපටයෙන්. මේ රහස ඉස්සෙල්ලාම කිව්වෙත් ඔයාලටයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!