Gossip

අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් ආණ්ඩුව වැඩක් කළාම මෙහෙම කරන ඒක හරිද..? – මොහොතක් සිතන්න

අපේ රටේ මිනිස්සු හරි වෙනස් කියලා අපි කියමනට කියනවා.
ඔව්… ඇත්ත අපේ රටේ මිනිස්සු අනිත් රටවල මිනිස්සුන්ට වඩා ගොඩක් වෙනස්.
රටම සංවර්ධන කටයුතුවලට වගේම රට ඉදිරියට ගෙනයන්න අවශ්‍ය මුදල් හොයාගන්නේ බදුවලින්.
ඇත්තම කිව්වොත් අහිංසක මිනිස්සුන්ගේ බදු මුදලින් තමයි රටේ හුඟක් දේ සිද්ධ වෙන්නේ.
මිනිස්සුන්ගේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට ගිහින් කෝටි ගණන් වටින වාහන අරගෙන සැපපහසු ජිවිත ගත කරන මන්ත්‍රීවරු ගැන ඕනේ තරම් අපිට අහන්න දකින්න ලැබෙනවා.
ඔවුන් ඡන්දෙන් දිනලා පාර්ලිමේන්තු ගියාට පස්සේ ඒ හුඟක් අය කරන්නේ අහිංසක මිනිස්සුන්ට කොකා පෙන්වන එක.
ඒ මදිවට රටේ සංවර්ධන ක්‍රියාවලියක් වුණාම ලොකු ලොකු බෝඩ්වල නම් හරි අපූරුවට ගහනවා.
නම යන්නේ කාගෙවත් හම යන්නේ තවත් කාගෙවත්.
ඔවුන් ඒ විදිහට ලොකු ලොකු බෝට් ගහලා තමන්ගේ නම් ප්‍රදර්ශනය කළාට ඒ හුඟක් සංවර්ධන කටයුතුවලට මුදල් ලැබෙන්නේ කොහෙන්ද..?
තමන්ගේ පෞද්ගලික සල්ලිද..? නෑ.. ඒ හැමදෙයක්ම සිදුකරන්නේ මිනිස්සු ගෙවන බදු සල්ලිවලින්.
ඉතිං මැතිඇමතිවරු තමන් කළා වගේ ඔවුන්ගේ නම් ප්‍රදර්ශනය කරන්න ඔවුන්ට තියෙන අයිතිය මොකක්ද..?
ලැජ්ජාවක් තියෙන කෙනෙක්නම් කිසිම වෙලාවක ඒ විදිහට හැසිරෙන්නේ නෑ. ඒත් අවාසනාවට අපේ රටේ හැමෝම වැඩ කරන්නේ ඒ විදිහට.
අපි මේ විදිහට කතා කරන්න හිතුවේ මේ දවස්වල අන්තර්ජාලය පුරාම පැතිරෙන ඡායාරූපයක් නිසා.
ඒ තමයි වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් එෆ් පීරිස් ක්‍රීඩාංගණයේ පිහිණුම් තටාකයේ ක්‍රීඩා මණ්ඩපය විවෘත කිරීමේ උත්සවයේදී සකස් කර තිබූ සමරු පලකය.
මෙහි මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන්ගේ නම් 10 කට වැඩි ප්‍රමාණයක් එහි ප්‍රදර්ශනය කර තිබුණා.
ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් අන්තර්ජාලය හරහා සිය අප්‍රසාදය පලකර තිබුණේ අහිංසක මිනිසුන්ගේ බදුමුදලින් නිම කළ මෙම ක්‍රීඩා මණ්ඩපය විවෘත කිරීම වෙනුවෙන් මැතිඇමතිවරුන්ගේ නම් පෙළක් මෙලෙස යොදා තිබීම විහිලු සහගත බවයි.
එමෙන්ම අනෙක් රටවන එලෙස සිදුනොවන බවත් ඡායාරූප සමඟින් මුහුණුපොතට බොහෝ දෙනෙක් එක්කර තිබුණා.

අදාල ඡායාරූපය පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!