Gossip

අහස පොළව කම්පා වෙලාද.. ? රටටම රතු එළි නිකුත් වෙද්දී, හැමතැනින්ම ඇසෙන ව්‍යසනයක අදෝනා මෙන්න

වැසි සහිත තත්ත්වයත් සමඟ දිවයින පුරාම සුළං තත්ත්වයක් ඇතිව තිබෙනවා.
මේ හේතුවෙන් විදුලිය බිදවැටීම්ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වය ගැන දිවයින පුරාම විවිධ පැතිවල පුද්ගලයින් තම ප්‍රදේශවල තත්ත්ය මුහුණුපොත හරහා අනෙකුත් හිතවතුන්ට දැනුම් දෙන අයුරු අප දුටුවා.
කෙසේ වෙතත් මෙම තත්ත්වය නිසා නිවාසවලටද හානි සිදුව ඇති බවටයි අපට වාර්තා වන්නේ.
ගස් කඩාවැටීම්, මාර්ග සහ වාහනවලට අලාභ හානිද සිදුව ඇති අතර සියලු දෙනාම විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයද පවසනවා.
එක් එක් ප්‍ර දේශවල ඇතිවු තත්ත්වයන් ගැන තැබූ සටහන් පහතින්…

මාතර සුළං දැඩි වෙයි
පවතින අධික වර්ෂාවත් සමග දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් අද(29) සවස මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක නිවාසවලට හා වාහනවලට දැඩි අලාබ හානි සිදුව තිබෙනවා.
මාතර හා දික්වැල්ල ප්‍රදේශ හරහා දැඩි සුළං තත්ත්වයක් පැවැති අතර මේ හේතුවෙන් නිවාස කිහිපයකම වහලට හානිවී ඇති අතර වාහනවලට ද ගස් කඩා වැටීම නිසා අලාබ හානි සිදුව ඇතැයි වාර්තාවේ.
විදුලි කණුද කඩා වැටීම නිසා ප්‍රදේශ කිහිපයකම විදුලිය ද විසන්ධි වී ඇත.

දැඩි සුළඟින් ගාල්ලටත් හානි
මේවන විට ගාල්ල ,හබරාදුව ප්‍රදේශවලට දැඩි සුළං තත්වයක් පවතින අතර ගාලු දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවල විදුලිය බිඳ වැටී ඇත.
ධීවර ජනතාවට සහ නාවික ජනතාවට මුහුදු ගමන් වලදී විමසිලිවන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවන අතර මෙම තත්වය ඉදිරි පැය 24 දක්වා බලාපොරොත්තු විය හැකි බවද ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
ගල්ල දිස්ත්‍රික්කයේ මේවනවිට බොහෝ ස්ථානවල ගස් කඩාවැටීම් ද වාර්තාවේ.

 

ගම්පහ

වැස්සත් සමඟ සුළං තත්ත්වයක් ඇතිව තිබෙනවා.

මේ නිසා ඇතැම් ප්‍ර දේශවලට විදුලියද විසන්ධිවී ඇති බවයි වාර්තා වන්නේ.

තවද නිවෙස්වලට යම් යම් හානි සිදුව ඇති අතර ගස් කඩාවැටී මාර්ගද අවහිරවී තිබෙනවා.

කොළඹ 

කවදාවත් මේ විදිහට කාලගුණය වෙනස් වෙලා නැහැ.

නිවෙස් ඇතුලේ සිටින්න පවා බියක් මිනිසුන් තුල ඇතිව තිබෙනවා.

සුළං තත්ත්වය කෙමෙන් කෙමෙන් වර්ධනය වෙමින් තිබෙනවා.

නිවෙස්තුලට වී ආගමික වතාවත්හි යෙදෙන්න… ස්වභාවදහම එක්ක සටන් කරන්න කිසිදු ජගතෙක්ට බැහැ.. ස්වභාවදහම සුවපත් වේවායි පතන්න!

සුළං අඩුවනතුරු 
අද දින නිදිවරා සිටීමෙන් හෙට දිනය සුරක්ෂිත වනු නියතය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!