Gossip

අනාවැකි සියල්ල හරියටම හරි.. කොළඹටත් රතු එළි, අනුරාධපුරයත් වැසී යයි, දිවයිනටම අනතුරු ඇඟවීම්, බේරෙන්න මේ දේවල් කරන්න

මේ වනවිට කොළඹ ප්‍ර දේශයටද තද සුළං ඇති වෙමින් තිබෙන බව වාර්තා වනවා.
අපට ලැබෙන තොරතුරුවලින් හා සම්බන්ධ කරගත් පුද්ගලයන් පවසන්නේ මීට පෙර කිසිදිනක මෙවැනි ආකාරයට කාලගුණය වෙනස් නොවූ බවයි.
මෙම සුළං තත්ත්වය හා වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා ජනතාව දැඩි බියකින් පසුවන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අනුරාධපුරය ප්‍රදේශයටද අද දවස පුරාම දැඩි වර්ෂාපතනයක් ඇදහැලෙමින් පවතිනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මුළු දිවයිනටම රතු නිවේදනයක් නිකුත්කරමින් සියලුම ජනතාවට විම්සිලිමත්වන ලෙස දැනුම්දෙයි.
මේවන විට දැඩි සුළං තත්වයක් පවතින අතර දිවයිනේ බොහෝ ස්ථානවල විදුලිය බිඳ වැටී ඇත.
ධීවර ජනතාවට සහ නාවික ජනතාවට මුහුදු ගමන් වලදී විමසිලිවන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවන අතර මෙම තත්වය ඉදිරි පැය 24 දක්වා බලාපොරොත්තු විය හැකි බවද ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
සුළංවලින් බේරීම සඳහා නිවෙස්තුළට වී සිටීම වඩාත් සුදුසු බවත් හැකි එළි මහනේ ගමන්කිරීම හානිදායක බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයකු කියා සිටියේ දැඩි සුළං පැවතිය ද එය සුළි සුළං තත්ත්වයක් නොවන බවයි.
ආපදාවක් සිදුවුවහොත් එය වහාම ආපදා කළමනාකරණ 0112136136 ට කඩිනමින් දැනුම් දෙන්න. එමෙන් ම තම ග්‍රාම නිලධාරීවරයාට වාර්තා කරන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!