Gossip News

අසභ්‍ය දර්ශන පෙන්වා වසරක් තිස්සේ අයියා නංගිට අතවර කරලා

බාලවයස්කාර දැරියකට ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වා වසරකට ආසන්න කාලයක් ලිංගික අතවර කළ ඇයගේ වැඩිමහල් සොහොයුරා 30 වැනිදා දහවල් අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 16 හැවිරිදි තරුණයෙකි.

ළමා ආරක්‍ෂණ අධිකාරියට ලද දුරකථන ඇමතුමක් මත බේරුවල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගොස් පරීක්‍ෂා කිරීමෙන් පසු වසරකට ආසන්න කාලයක් අවස්ථා ගණනාවකදී දැරිය ලිංගික අතවරවලට ලක්වී ඇති බව තහවුරුවී ඇත. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිසිය කියයි.

දැරිය නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇත. සැකකරු කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බේරුවල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක යූ. කේ. එල්. පත්මකුමාර මහතාගේ සහ අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ධම්මික සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක මධුවන්ති මහත්මියගේ මූලිකත්වයෙන් සැරයන් ජයසිංහ (51130) මහතා පරීක්‍ෂණ පවත්වයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!