Gossip

අවුරුදු 8 දී අරවින්ද සිල්වාගෙන් සමරු සටහනක් ගත් පුංචි කොල්ලා මෙවර ලෝක කුසලානයේ හිමිකරුවෙකු වුණු හැටි – Photos

ලෝක කුසලාන ජය එංගලන්තයට හිමිවීමත් සමගම තවමත් ඒ ගැන ලෝකයම කතාවෙනවා.
ඒකට විශේෂම හේතුව වෙන්නේ එංගලන්ත කණ්ඩායම ලබපු පළමු ලෝක කුසලාන ජය මෙය නිසයි.
තවද ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට අවසන් මහා තරගයක සුපිරි පන්දු වාරයක අවස්ථාව දක්වා පැමිණි අවස්ථාවද සුවිශේෂී සිද්ධියක්.
මෙම තරගයේදී විශිෂ්ඨ පිතිකරණයක නියැලුණු එංගලන්ත ක්‍රීඩක ජෝස් බට්ලර්ගේ කුඩා කාලයේ සිදුවීමක් ගැන බීබීසී පුවත් සේවය වාර්තා කර තිබුණා.
බීබීසී නාලිකාවේ වැඩසටහනක් ඉදිරිපත් කළ Greg James විසින් කිසියම් අයෙකු විසින් ලියන ලද චරිතාපදානයකින් කොටසක් කියවනු ලබනවා.
ඒ කතාව ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි පිතිකරුවෙකු වන අරවින්ද සිල්වාගෙන් අත්සනක් ලබා ගැනීමට පැමිණි අවුරුදු 8 ක කුඩා දරුවෙකු ගැනයි.

“මේ සිද්ධිය වෙද්දි මගේ වයස අවුරුදු 8යි. මං හිටියේ තෝටන්ටන්වල කවුන්ට් ග්‍රවුන්ඩ් එකේ. අරවින්ද සිල්වා ෆයින් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටියා. මට ඔහුගෙන් අත්සනක් ගන්න ඕනි වුණා. ඉතින් සැමරුම් පොතයි පෑනයි අතට අරන් මං මගේ වාරය එනකල් බලන් හිටියා. මගේ අවස්ථාව ආවා. මං අතේ තිබ්බ පෑන අරවින්ද සිල්වාට දුන්නා. ඔහු මගේ සැමරුම් පොතේ අත්සන ගහන්න හදද්දිම පන්දු යවන්නා පන්දු යැවීම සඳහා දුවන් එනවා අරවින්ද දැක්කා. මං දුන්නු පෑන සාක්කුවේ දාගත්ත අරවින්ද සිල්වා ඉක්මනින්ම පන්දු රැකීම ගැන අවධානය යොමු කළා. ඒ පන්දුවට පිතිකරුවා එක ලකුණක් ලබා ගත්තා. අනිත් පිතිකරුවා වමත් පිතිකරුවෙක්. ඉතින් අරවින්ද සිල්වාට ක්‍රීඩා පිටියේ අනිත් පැත්තට යන්න වුණා. මගේ පෑනත් සාක්කුවේ දාගෙන ඔහු අනිත් පැත්තට ගියා.. මට ඔහුගේ අත්සන ලබාගන්න වුණේ නෑ, ඒ වගේම, ආයෙ කවදාවත් ඔහු අරන් ගිය පෑන හම්බ වුණෙත් නෑ.. ඒ හැන්දෑව බොහෝම දුක්බර හැන්දෑවක් වුණා. එදා හිටපු ඒ අට හැවිරිදි පොඩි එකා වෙනින් කවුරුත් නෙවෙයි, එංගලන්තයේ සුපිරි පිතිකරු මෙන්ම කඩුළු රකින ක්‍රීඩක ජොස් බට්ලර්…”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!