Gossip

අවුරුදු 20 වෙද්දී BMW i8 කාර් එකක් ගන්න හදන පුංචි කොල්ලා

ලංකාව ඇතුළේ youtube හරහා තමන්ට ආවේණික වෙච්ච යමක් නිර්මාණය කරන අපූරු පුද්ගලයෙක් තමයි Dilshan Abeygunawardana කියන්නේ.
ඒ වගේම “Operation Wanni” පරිගණක ක්‍රීඩාව වෙනුවෙන් E – ස්වාභිමානී 2010 සම්මානයක් හිමිකර ගන්නත් ඔහුට හැකි වුණා.
ලංකාවේ මුල් කාලීනව නිර්මාණය වූ “සිඥෝ” Android ක්‍රීඩාවත් මොහුගේ නිර්මාණයක්.
මේ ඇතුළු පරිගණක සහ දුරකථන ක්‍රීඩා ගණනාවක් නිර්මාණය කිරීමේ ගෞරවය ඔහුට හිමිවෙනවා.
චිත්‍ර කලාව තුළින් ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරය ජයගත් පුද්ගලයෙක් විදිහටත් ඔහු ගැන හඳුන්වන්න අපට පුළුවන්. helpsrilankans.com වැනි ව්‍යාපෘති ගණනාවකින් ඔහු සමාජයට සේවය කරන ඔහු එක්කයි මේ පාර මචං කතාබහ.

myHub LK Dilshan එහෙම නැති නම් Dilshan Abeygunawardana මේ නම්වලින් හැර තමන්ව හඳුන්වා ගන්නේ කොහොමද? සරලවම ඇහුවොත් ඔබ කවුද?
මම මිනිසුන්ගේ mind set එක වෙනස් කරන්න උත්සහ දරන පුද්ගලයෙක් විදිහට මං ගැන දකින්න කැමතියි.
අපි මෙහෙම කියමු මිනිස්සු කොටුවෙලා ඉන්න යම් ආකාරයක සීමාවක නම් මම කැමැති ඒ සීමාවෙන් ඔබ්බට යමක් තියෙනවා ඒ ගැන හිතන්න කියලා මිනිස්සු motivate කරන්න/දිරි ගන්වන්න. කොටින්ම මම “Be ashamed to die until you have won some victory for humanity” කියන ආදර්ශ පාඨය මුල් කරගෙන ජීවත් වෙන මිනිහෙක්. Helpsrilankans.com වැනි ව්‍යාපෘතිවලින් මගේ අරමුණ වෙන්නෙත් සමාජයට මගෙන් ඉටුවිය යුතු වගකීම් ඉටුකරන එක. තවත් විස්තර http://dilshan.me එකට ගිහින් බලාගන්න පුළුවන්.

වෙනස් විදිහට හිතන තරුණයෙක් විදිහට ඔබ ඔබේ රැකියාවත් සාමාන්‍යයෙන් දකින්න ලැබෙන රැකියාවන්වලට ඔබ්බෙන් තිබෙන යමක්. මම හරිද?
ඔව්, මම මගේ රැකියාව ගැන යමක් සඳහන් කළොත් වෘතියෙන් මම youtuber කෙනෙක් නෙමෙයි, මම කිව්වා වගේම මම revenue එකම බලාගෙන content හදන්නේ නෑ.
මගේ වෘත්තියෙන් මම strategic solution supplier කෙනෙක් වගේම entrepreneur කෙනෙක්. කාලයට ගැළපෙන අදහස්වලින් යම් ව්‍යාපාරික අවස්ථා මතු කර ගැනීම තමයි මම කරන්නේ.

ශ්‍රී ලාංකීය පුරවැසියෙක් විදිහට රට තියෙන තැන ගෙන සහ තැන යම් වෙනස්වීමක් විය යුතු නම් ඒ ගැන ඔබේ අදහස?
පෞද්ගලිකව මම දරන මතය නම් මම ඇත්තටම එතරම් සතුටක් නැහැ. මම පිළිගන්න විදිහ අනුව යම් ආකාරයක රටේ වෙනස්වීමක් අවශ්‍ය නම් ලංකාවේ EQ අගය වැඩි මිනිස්සුන්ගෙන් හරියට වැඩ ගන්න ඕනේ.
උදාහරණයක් විදිහට යම් ආකාරයක Idea Hub එකක් නිර්මාණය කරගන්න ඕනේ.
ඒ හරහා යම් ආකාරයක නව්‍යකරණය වූ දැනුම සහිත වෙනස් විදිහට හිතන පුද්ගලයන් පිරිසක් එකතු කළ යුතුයි.
ඒ වගේම ලංකාවේ නව නිර්මාණ ශිල්පීන් වෙත මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුයි. තව බොහෝ දේවල් කරන්න අවශ්‍යයි. මේ කටයුත්ත කියන තරම් ලේසි නැහැ, එත් මෙය සිදුවිය යුතුමයි.

ඔබ නිතර අන්තර්ජාලය සමග වගේම තාක්ෂණය සමග ගැටෙන පුද්ගලයෙක්. ලංකාවේ මේ වෙද්දි යම් ආකාරයක තාක්ෂණික ප්‍රගමණයක් ඔබ දකිනවද?
ඔව්, ලංකාව අනෙක් රටවල් සමග වේගයෙන් තාක්ෂණිකව දියුණුව දකින රටක්. නමුත් මේ ප්‍රගමණය තුළ යම් ආකාරයක යහපත් වගේම අයහපත් බලපෑම් දැකගන්න පුළුවන්. සමස්තයක් විදිහට ගත්තහම ඒ ප්‍රගමණය ගැන අපට සතුටුවෙන්න පුළුවන්.

අයහපත් බලපෑම්?
ඔව්, මේ තාක්ෂණයට සහ අන්තර්ජාලයට දරුවන් යොමු කිරීම සිදු විය යුත්තක්.
නමුත් තාක්ෂණ දැනුම සහ අන්තර්ජාල දැනුමේ ඌනතාවක් වැඩිහිටි පරම්පරාව සහ ගුරුභවතුන් අතර දකින්න පුළුවන්.
ලංකාවේ අන්තර්ජාල භාවිතය අනිවාර්යෙන්ම වැඩිවිය යුත්තක්. නමුත් ඒ වෙත දරුවන් යොමු කිරීමේදී මූලික මගපෙන්වීමක් වැඩිහිටියන්ගෙන් ලැබිය යුතුයි.
ලංකාවේ මා පෞද්ගලිකව දන්නා දරුවෙක් ඉන්නවා වයස අවුරුදු 15ක් විතර වෙන අවුරුදු 20 වෙද්දී BMW i8 car එකක් තමන්ගේම Fiverr ආශ්‍රිත ව්‍යාපාරයක් තුළින් ගන්න ආදායමෙන් ලබාගන්න අරමුණින්. ඔහුගේ දෙමාපියන් කුඩා කාලයේදීම ඔහුට මගපෙන්වීම මෙයට එක හේතුවක්.

ඔබේ නාළිකාවේ බොහෝ තැන්වල ඔබ විවෘතව දකින්න, හිතන්න කියලා මිනිස්සුන්ට කියනවා. කොහොමද විවෘතව ලෝකය දකින්නේ?
අපි හැම දෙයක්ම ප්‍රශ්න කළ යුතුයි. තව සරලව කිව්වොත් හැමදේම Debunk කරන්න අපිම උත්සාහ ගන්න ඕනේ.
විවිධ මූලාශ්‍රවලින් තොරතුරු දත්ත ගන්න ඕනේ process කරන්න ඕනේ.
එකම දෙයක රාමුවක කොටුවෙලා අහවලා කියන දේ හරි කියන මට්ටමේ හිටියොත් අපිට වෙන්නේ විශාල පාඩුවක්, ලංකාවේ සංස්කෘතිය තුළත් මම දකින එක වරදක් තමයි කොටු කිරීම. හැමදෙයක්ම යාවත්කාලීන වෙන කාලයක තාමත් වික්ටෝරියා යුගයේ සංස්කෘතිය අපට ගැළපෙනවාද කියන එක ප්‍රශ්නයක්.
අධ්‍යාපන ක්‍රමය තුළ වුණත් බොහෝ විට පොතේ දැනුම මත යැපෙන අධ්‍යාපන ක්‍රමයක් තමයි පවතින්නේ. අපි තව ලෝකයට විවෘත විය යුතුයි. විදේශ රටවල්වලින් බොහෝ දේ අපට උකහා ගන්න පුළුවන්. ඒ දේවල් ලංකාවට ගැළපෙන අන්දමින් අනුගත කර ගැනීම තමයි සිදු විය යුත්තේ. විවෘතව දකින්න ප්‍රායෝගික වෙන්න දැනුම කියන්නේ අත්‍යවශ්‍යම සාධකයක්.

උපුටා ගැනීම – අරුණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!