Gossip

“අවුරුදු දහයකට පස්සේ මම මනාලියක් වුණා.”- හැමෝම බලාගෙන සිටි ජනප්‍රිය නිළි අනූෂා දමයන්තිගේ විවාහය මෙන්න

හැමදාම මාධ්‍ය මෙයාගෙන් ඇහැව්වේ පෙම්වතියක්ද? එහෙමත් නැතිනම් කවදාද විවාහ උත්සවය ගන්නේ කියලා.
එයත් කිව්වේ ලබන අවුරුදේදේ, ලබන අවුරුද්දේ කියලා. ඔන්න දැන් ඒ අවුරුද්ද ඇවිල්ලා. දිනත් නියම වෙලා. හැබෑවට මනාලියක් වෙනවා.
කවුද ඒ. වෙන කවුරුවත් නෙමෙයි, අනූෂා දමයන්ති.
ඇය මේ හැමදේකටම උත්තර සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

අනූෂාගේ නම මේ දවස්වල හරියට කියැවෙනවා නේද?
නම කියැවෙලා කතාවෙන්නේ කලාවට පැත්තට වඩා මගේ විවාහය පැත්ත වෙන්න ඇති.

එතකොට ඒ ආරංචිය ඇත්තක් ?
ඔව්. අවුරුදු ගණනාවක් විවාහ වෙන්න ඕනෑ කිය කියා හිටියා. ගෙදරින් විවාහ වෙන්නම කියලා බලකළා.
ඉතිං ඒක හින්දා විවාහ වෙන්න ඕනෑ කියලා තීරණය කළා. කාලය හරි කියලා හිතුවා. ඉතිං මැයි මාසයට මාගේ විවාහය තීරණය වුණා.

හැමදාම මනාලියක් විදිහට ඇඳපු අනූෂා සැබෑවට මනාලියක් වීම දකින්නේ ?
ඒක ඇත්තටම කියන්න බැරි තරම් හැඟීමක්. දැන් අපි ෂූටින්වලට ඕනෑතරම් මනාලියන්ට ඇදලා තියෙනවා.
ජීවිතයේ සැබෑ මනාලියක් වෙනවා කියන්නේ ජීවිතයේ දෙවැනි දෙවැනි පටන්ගැන්මක්, දෙවැනි උප්පත්තියක් වගේම හිතේ චූටි බයකුත් තියෙනවා. එදාට ඕනෑම ගැහැණු ළමයෙක් ලස්සනට ඉන්න ආසයිනේ.

සැබෑ මනමාලියක් විදිහට එදාට හැඩ ගැන්වෙන්නේ මොන විදිහටද?
ගොඩක් වෙලාවට ඔයාට ලස්සනට උඩරට මනමාලිය කියලා තමයි හැමෝම කිව්වේ.
ඒ වගේම මගේ සාම්ප‍්‍රදායික කටයුතු එදාට ඒ විදිහටම කරන්න ඕනෑ කියලා කිව්වා. අපේ සංස්කෘතියට අදාල සියලූම දේවල් උඩරට විදිහට තමයි කරන්න ලෑස්ති කරලා තියෙන්නේ.

අනූෂාව හැඩගැන්වීමට නිරූපණ ශිල්පියෝ පොරකනවා කියන්නේ ඇත්තද?
ඒ කතාව නම් ඇත්ත තමයි. මට දුකයි. ගොඩක් අය මට යෝජනා කළා සියලූම දේවල් ඔයාට දීලා අපි අනූෂව මනාලියක් විදිහට හැඩ ගැන්වීම් සිදුකරන්නම් කියලා.
ඉතිං මට එක්කෙනෙක් තෝරාගන්න හරිම අමාරුයි. හැමෝම හිතුවේ මම තනියම මනමාලියට අඳීවි කියලා. අන්තිමේ චන්දිමාල් තමයි මම තෝරාගත්තේ.

සැබෑ මනමාලියගේ ජීවිතයේ ඉදිරි ගමන කොහොම වේවිද?
ඒක දැන්ම කියන්න බැරිවේවි. මම හිතන්නේ හැඟීම කියන දේ මට පුරුදුම නැති දෙයක්. විවාහ වුණහම මෙහෙම කරනවා, මෙහෙම කරනවා කියලා මට ලොකු සැලසුමක් තිබුණෙ නැහැ.
මට දැනෙනවා ලොකු වගකීමක් ගන්න තියෙනවා කියලා. මම කොයි තරම් නිළියක් කිව්වත් බිරිද කියන වගකීම් කොටස මට එනවා. හැබැයි මට ජීවිතයේ කළමනාකරණය හරියට සිදුකරන්න පුළුවන්.

අනූෂා සැබෑ මනාලියක් විදිහට දකින්න ගොඩක් හිතවතුන් ඇති නේද?
පැහැදිලිවම. ඇත්තටම ඔය කාරණාව හින්දා අපේ අම්මාට කිව්වා ලොකු විවාහ උත්සවයක් ගන්න මම කැමැති නැහැ කියලත් කිව්වා. මම කැමැති නැහැ කාගේවත් හිත රිද්දන්න. අපි මේක පවුලේ කට්ටියත් එක්ක විතරක් කරමු කියලා යෝජනාවක් කළා.

අම්මා ඒකට කැමැති වුණේ නැතිද?
නැහැ. එයා විතරක් නෙමෙයි මගේ අනාගත සැමියාගේ ඥාතීන් එහෙම කරන්න කැමැතිවුණෙ නැහැ. ජීවිතයේ මංගල්ල දෙකක් ගන්නේ නැහැනේ. ජීවිතයේ එක වතාවයි බඳීන්නේ. ඒක ඔයාට කැමැති විදිහට සිදුකරන්න කියලා කිව්වා.

ඇත්තටම මේ විවාහ උත්සවය සිදුකරන්නේ කොහේද?
සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ තමයි ගන්නේ.

අනූෂාගේ විවාහ උත්සවයේ දෙවැනි මනමාලයෝ මනමාලියෝ කවුද?
දෙවැනි මනමාලයෝ ටිකයි මනමාලියෝ ටිකයි මම චන්දිමාල්ට භාරදුන්නා. මම ක්ෂේත්‍රයේ ඉන්න හින්දා කට්ටිය තෝරන්න මට බැහැ.
ඔයා අන්දන හින්දා ඔය කැමැති කට්ටිය ගන්න කියලා.

අනූෂා මනාලියක් වෙන දවසට කාගේවත් හිත රිද්දන්න කැමැති නැහැ ?
අනිවාර්යයෙන්ම. මම කාගෙවත් හිත රිද්දන්න කැමැති නැහැ.

මේ මනමාලිය කැන්දාගෙන යන්නේ කවුද කියලා තවම කිව්වේ නැහැනේ ?
එයා ව්‍යාපාරිකයෙක්. මීට ඉස්සරනම් රගපාලත් තියෙනවා. අවුරුදු දහයක සම්බන්ධයක්. එයා මගේ රසිකයෙක්. මේ සම්බන්ධය පටන්ගන්නේ 2008 අවුරුද්දේ අග භාගයේදී. ඩාන්සින් ස්ටාර් නිසා තමයි එයා මට මුලින්ම කතා කරන්නේ. රසිකයෙක් හැටියට කතා කරලා එයා මට එස්. එම්. එස් කළ. ඒ එස්. එම්. එස්. හරි වෙනස්. හරි වැදගත් එස්. එම්. එස්. වුණා. ඒකේ පොඩි අමුත්තක් තිබුණා. මාස හයක් විතර අපි දුරකථනයෙන් කතා කළා. දවසක් මම කිව්වා දකින්න ආසයි කියලා.

ඊට පස්සේ එයා ආවද?
මම අපේ ගෙදර පාර පැත්තට එන්න කිව්වා. හරි ආවා කිව්වහම ආවනම් වාහනයෙන් බහින්න කිව්වා.
බැස්සට පස්සේ කිව්වා ඇවිදින්න කියලා. ඊට පස්සේ යන්න කියලා කිව්වා.

එතැනින් එහාට දුරදිග ගිය කතාව?
ඔයා මට කැමැති නම් කෙලින්ම ගෙදරින් ඇවිත් අහන්න කියලා කිව්වා. මම එළියේ පහළ හම්බවෙන්න කැමැති නැහැ කියලත් කිව්වා.

අම්මාගෙන් ඇහැව්වාද?
එයා කෙලින්ම ඇවිත් අම්මාගෙන් ඇහැව්වා. අපේ අම්මා කිව්වා ඔයාට එහෙම අදහසක් තියෙනවා නම් දෙමව්පියන්ට එන්න කියන්න කියලා.
අනේ අම්මයි තාත්තයි ඇවිත් කතාබහ කරලා අන්තිමේ දන්නේම නැතිව අවුරුදු දහයක් ගෙවුණා. අවුරුදු දහයකට පස්සේ මම මනාලියක් වුණා.

අනූෂාව මනාලියක් කරන ඔහුගේ නම තවත් රහසක්ද?
එයාගේ වාසගම විතරක් කියන්නම්. ජයතිලක කියලා දැනට ලියන්නකෝ. තව මාස තුනයිනේ.
එතකොට ඔක්කොම දැනගත්තහැකිනේ.

බිරිදක් වුණාට පස්සේ රඟපෑමට මොකද වෙන්නේ ?
අනේ මොකුත් වෙන්නේ නැහැ. මම හරි වාසනාවන්තයි. එයා කලාවට හරි ආදරෙයි. මගේ නර්තනය විඳීන්න හරි කැමැතියි. මම ලස්සනට ඉන්නවාට, ලස්සනට අදිනවාට තමයි එයා කැමැති.

අනූෂා මනාලියක් වෙනවා කිව්වහම ක්ෂේත්‍රයේ අය මොනවාද කිව්වේ ?
සමහර අයට විශ්වාසත් නැහැ. කෝල් කරලා අහනවා මේ යන කථාව ඇත්තක්ද.? ඔයා බඳීනවාද කියලා. මම කිව්වා ඔව් කියලා. හැමෝගෙන්ම එන්නෙ සුභපැතුම් තමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!