Gossip

අවසන් ලියුම ලියා නොඑන ගමන් ගිය සරසවි සිසුවිය, අමාලි චතුරිකාට වසර තුනකට පසු නැවත පණ යයි – Photos

කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන් සබරගමුව සරසවියට ගිය අමාලි චතුරිකාගේ කතාව රටේ ලොකු කතාබහක් ඇති කළා.
2014 වසරෙ උසස් පෙළ ඉහළින්ම සමත් වූ අමාලි, පියාද නොමැති පවුලක මව සමග ජීවත් වූ තරුණියක්.
සතුටින් සරසවියට ගියත් එහි ගෙවූ කෙටි ජීවිත කාලයනම් අමාලිට සතුටක් ගෙන ආවේ නැත.
ඒ සරසවිය තුල තිබූ නවකවදය නිසාවෙයි.
සරසවි බිමේදී නවකවදයට ලක්වූ අමාලි, නවකවදය ලබා දෙන ජ්‍යේෂ්ඨ සිසු සිසුවියන්ගේ විශේෂ ඉලක්කයක් වුණේ ඇය කොළඹ පාසලකින් සරසවියට පැමිණීම නිසාය.
කෙසේ වෙතත් තමාට ලැබුණු හිරිහැර ඉවසාගත නොහැකිව 2015 වසරේ බෙපරවාරි 16 වැනිදා ලිපියක්ද ලියා සියදිවි හානිකර ගත්තේය.
තම දියණියට අත්වූ ඉරණමට යුක්තිය ඉල්ලා අමාලිගේ මව නැවතත් ඉදිරියට පැමිණිම නිසා දැන් ආයෙමත් අමාලි ගැන හැමතැනම වගේ කතාවෙන් පටන් අරන්.
අමාලි තමාට සිදුවූ සියල්ල ලිපියක ලියා අවසන් ගියද තවමත් ඇයට යුක්තිය ඉටුවී නැත.
ඊයේ අමාලිගේ මව පොලිස් මූලස්ථානයට පැමිණ මේ ගැන පැමිණිලි කළේය.
වසර තුන හමාරක කාලයක සිට අමාලි චතුරිකාගේ මව කොමිසමට, පොලීසියට, මානව හිමිකම් කොමිසමට ආදි නීතිය රැකීමට ඇති නොයෙකුත් ආයතන වලට පැමිණිලි කළද තවමත් අමාලි වෙනුවෙන් යුක්තිය ඉටුව නැත්තේ ඇයට නවක වදය ලබා දුන් ජ්‍යේෂ්ඨ සිසු සිසුවියන්ගේ නම් පවා ඇයගේ ලිපි වලින් සඳහන් කර තිබෙද්දීය.
උමාලිගේ මව පවසන්නේ ඇයට අසභ්‍ය දර්ශන අඩංගු චිත්‍රපට පවා පෙන්වා තිබෙන බවයි.
ජ්‍යේෂ්ඨ සිසුන් විසින් ඇයට අසභ්‍ය වචනයෙන් දැඩි ලෙස බැන වැදී තිබෙනා බවත් මෙම හිරිහැර දරා ගත නොහැකිව අවසන් දිනවල අමාලි දැඩි මානසික පීඩනයකින් කල් ගෙවූ බවත් ඇයගේ මව පවසයි. කොළඹ ප්‍රදේශයෙන් සරසවියට පැමිණෙන නවක සිසු සිසුවියන්ට නවකවදය අමානුෂික ලෙස ලබා දුන් බවටත්, අමාලි දේවී බාළිකා විද්‍යාලයෙන් සරසවියට පිවිසි නිසා ඇය නවකවදයේ දැඩි ඉලක්කයක් වූ බවත් අමාලිගේ මව මාධ්‍යයට ඊයේ පැවසුවා.

අමාලි ලියූ ලිපිය පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!