Gossip

අවසන් කැමැත්ත පරිදි අමරදේවයන්ගේ දේහය වෛද්‍ය විද්‍යාලයට නොදුන්නේ ඇයි?

1-800x600

රංජන අමරදේව යනු අපෙන් සමුගත් ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන්ගේ පුතණුවන්.

ඔහු තම පියාගේ වියෝව පිළිබඳව සතිඅන්ත පුවත්පතකට කරුණු සඳහන් කර තිබෙනවා.

එහිදී ඔහු දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයට බාරදීමේ තීරණය වෙනස් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වා තිබුණා.

“මියගිය දවසක දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයට දෙන්න තාත්තා සහ අම්මා කතා වෙලා ඉන්න ඇති. අම්මා අපට කීවේ ඒ තීරණය ඉටු කරමු කියලයි. නමුත් තාත්තා අපේ වුණත්, අපට අයිති නැහැ කියලා ඒ මොහොතෙම අපි හැමෝටම තේරුණා. තාත්තා රටට අයිති සම්පතක්.

ඒ වගේ ආදරණීය ප්‍රසිද්ධ කෙනකුගේ දේහයක් වෛද්‍ය විද්‍යාලයට දුන්නත්, භාරගන්න ලොකු කැමැත්තක් වෛද්‍යවරුන්ගේ නැති බවත් අපට තේරුණා. මොකද අමරදේව සර්ට කොහොමද ඒ දේ කරන්නේ කියන ගැටලුව එයාලටත් තිබුණා. අන්තිමේ දී තාත්තාට ආදරය කළ මේ රටේ මිනිස්සු වෙනුවෙන් තීරණය වෙනස් කරන්න අපේ අම්මා කැමැති වුණා.

ඔය යෝජනා අතරේ අමරදේවයන්ගේ දේහය සංරක්ෂණය කරමු කියලත් කාගෙන් හරි යෝජනාවක් ආවා. ඒ අදහසට නම් අපි කවුරුත් විරුද්ධ වුණා. මොකද එක අතකින් ඒක අපේ සංස්කෘතිය නොවේ. අනික් අතට අමරදේවයන්ගේ නිර්මාණ සහ එතුමාගේ දර්ශනය මිස නිසල දේහය කල් තබා ගැනීම පුහු වැඩක් කියලයි අපට හිතෙන්නේ” යනුවෙන් ඔහු එහිදී සඳහන් කර තිබුණා.

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!