Gossip

අලින්ටත් බෙහෙත් ගන්න රෝහලක් – එක්ස් කිරණ සහ තවත් නවීන පහසුකම්වලින් යුක්තයි

ඉන්දියාවේ අලින් සඳහා වන පළමු රෝහල පසුගියදා විවෘත කර තිබෙනවා.

ඒ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී රෝහල විවෘත කිරීම සනිටුහන් කරමින් 67 හැවිරිදි සුසී නම් ඇතින්නිය එම රෝහලට ඇතුලත් කර ගෙන තිබෙනවා.

ඇයට අමතරව ආසා නමැති 49 හැවිරිදි ඇතින්න ද ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවේ වල්අලි විසිපන් දහසක පමණ ප්‍රමාණයක් සිටින අතර, ඔවුන් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව කොට්ඨාසයක් ලෙස නම්කර තිබෙනවා.

බොහෝ අලි ඇතුන් මිනිස් ජනාවාසවලට ඇතුළුවීමට උත්සහ කිරීමේ දී මිනිසාගේ ප්‍රහාරවලට ගොදුරුව තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

අලින් සඳහා එක්ස් කිරණ සහ තවත් නවීන පහසුකම්වලින් මෙම රෝහල සමන්විතයි. බලධාරීන් පවසන්නේ. මෙහි අලි විසි දෙදෙනෙක් සඳහා ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතින අතර, ඉදිරියේ දී එය 50ක් දක්වා ඉහළ නංවන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!