Gossip

අර්ජුන රණතුංග රට අතහැර යයි – තවත් ඇමතිවරු කිහිප දෙනෙක් විදෙස් ගත වෙයි – හේතුව මෙන්න

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා අද උදෑසන දිවයිනෙන් බැහැරව ගොස් තිබෙනවා.

අද(25) අළුයම 3.00ට පමණ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් දෝහා කටාර් වෙත පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.

මේ අතර අද පස්වරුවේ තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විදෙස් ගතවීමට සැලසුම් කර තිබේ.

සුසිල් ප්‍රේමජයන්ත, ආචාර්ය සරත් අමුණුගම, යන අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍ය, රවීන්ද්‍ර සමරවීර මහතා ද විදෙස් ගත වීමට නියමිතය.

මේ අතර අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

මීට හේතුව අද සිදුවන මේ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී මෙම අමාත්‍යවරුන්ට ඇමති ධුරයක් නොලැබීම බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!