Gossip

අම්මාවද දුවද බඳින්නේ කියලා අහලා – අම්මාගේ ෆේස්බුක් ඡායාරූප නිසා දියණියට වෙච්ච ඇබැද්දියක්

අන්තර්ජාලය කියන්නේ මේ වෙද්දි හැමෝම භාවිතා කරන දෙයක්.

අපි මේ කියන්න යන්නේ අන්තර්ජාලය නිසා වෙච්ච අබැද්දියක් ගැන.

ෆේස්‌බුක්‌ සමාජජාලය නිසා පාසල් සිසුවෙක් සහ සිසුවියක් මත සිදුවෙච්ච මතගැටුමක් මත තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ.

කොහොමවුණත් සිද්ධිය දුරදිග ගිහින් අදාළ පාසල් සිසුවා තම හිතවත් ශිෂ්‍යාවට පහරදීමෙන් ඇය ගම්පොල ශීක්‍ෂණ රෝහලටත් ඇතුළත් කර තිබෙන බවයි ගම්පොල පොලිසිය පැවසුවේ.

ඇය හා මෙම සිසුවා ගම්පොල නගරයේ ප්‍රසිද්ධ පාසල් දෙකක ඉගෙනුම ලබන අතර පාසල අවසන්ව මේ දෙදෙනා එකම බසයේ යන එනවා. මෙම සිසුවියගේ මව ෆේස්‌බුක්‌ සමාජ ජාලයේ සිටින්නියක වන අතර සිසුවා එම ඡායාරූප රැගෙන අම්මාද දුවද බඳින්නේ යෑයි මෙම ශිෂ්‍යාවට පවසා තිබෙනවා.

මෙයින් උරණ වූ ශිෂ්‍යාව ඇයි එහෙම අහන්නේ මට ලැඡ්ජා කරන්න එපා යෑයි පවසා ඇති අතර එම අවස්ථාවේ මෙම සිසුවා ඇයට පහරදී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව මව විසින් එම ශිෂ්‍යාව එදිනම රාත්‍රියේ ගම්පොල ශීක්‍ෂණ රෝහලට ඇතුළත් කර ඒ සම්බන්ධයෙන් ගම්පොල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!