Gossip

අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා එරටින් පිටුවහල් කරයිද? – “මං මත්ද්‍රව්‍ය භාවිතා කළේ නෑ” – අමල් නීතීඥවරයාට කියයි

ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණු ජනප්‍රිය ගායක අමල් පෙරේරා, මත්ද්‍රව්‍ය භාවිත කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙන බව ඔවුන් වෙනුවෙන් නීතිමය කටයුතු සඳහා ඩුබායි රාජ්‍යයට ගොස් සිටින නීතිඥ ෂාබ්දික වෙල්ලප්පුලි කියා සිටියා.

ඊයේ අමල් පෙරේරා මුණ ගැසුණු අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළ බවයි පවසා සිටියේ.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කළ බවට වන සැකය හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පිරිස 28 වන දා දක්වා බන්ධනාගාර ගත කර කිරීමට ඊයේ එරට අධිකරණය මගින් නියෝග කෙරුණා.

කෙසේ වෙතත්, ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ පිරිසගේ පළමු සහ දෙවන රුධිර සාම්පල වාර්තා මෙතෙක් නිකුත් වී නොමැති බව පවසන නීතිඥ ෂාබ්දික වෙල්ලප්පුලි සඳහන් කළේ සිදුකරන පරීක්ෂණ අනුව පෙනී යන්නේ අමල් පෙරේරා සහ ඔහුගේ පුතු නදීමාල් පෙරේරා බොහෝ දුරට එරටින් හිටුවහල් කරනු ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!