Gossip

අමල් පෙරේරාගේ සහ නදිමාල් පෙරේරාගේ ගීත ඩුබායි පොලිසිය තුළ වාදනය වෙයි

ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදිමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා පසුගියදා ඩුබායි බලා පිටත්ව ගියා.

එමෙන්ම අද දිනයේදී ඔවුන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට ඩුබායි පොලිසිය වෙත ගිය නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සිය කරුණු දැක්වීමේදී තමන් පෙනී සිටින පුද්ගලයින් දෙදෙනා ශ්‍රී ලංකාවේ වෘතීමය ගායකයින් බවත් එම නිසා ලොව වටා ප්‍රසංග සදහා සහභාගිවන බවත් පෙන්වා දී තිබුණා.

එමෙන්ම ඔවුන්ගේ ගීත ඩුබායි පොලිසියේදී Youtube හරහා ප්‍රචාරය කර පෙන්වීමටත් ඔහු කටයුතු කර තිබුණා.

අමල් සහ නදීමාල් ඩුබායි පැමිණ ඇත්තේ එවන් ප්‍රසංගයකට සහභාගීවීමට පමණක් බවත් මොවුන් මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් නොවන බවත් නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පෙන්වා දී තිබුණා.

එමෙන්ම නදීමාල් පෙරේරාගේ රුධිර සාම්පලයන්හි විෂ මත්ද්‍රව්‍ය අඩංගු වී නොමැති බව අද දිනයේදී ඩුබායි පොලිසිය තමන්ට නිල වශයෙන් දැන්වූ බවත් නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!