Gossip

අමල් පෙරේරාගේ නිවසේ කොකේන් හිස්කොපු දෙකක් – රංගන ශිල්පී රයන්ගේ සොහොයුරා අත්අඩංගුවට

ගායක අමල් පෙරේරාගේ මහරගම ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී කොකේන් හිස් කොපු දෙකක් සොයා ගෙන තිබෙනවා.

ඊයේ (07) පස්වරුවේ පොලිස් විශේෂ කාර්යය බලකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් එම නිවස පරීක්ෂා කිරීමේදී කොකේන් හිස් කොපු සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්යය බළකාය සඳහන් කළේ.

එමෙන්ම රංගන ශිල්පී රයන් වෑන් රෝයන්ගේ දෙහිවල පිහිටි නිවස ද පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ එම නිවස තුළ තිබී රහස් කුහරයක් සහිත ගමන් මල්ලක් සහ ඩිජිටල් තරාදියක් සොයා ගෙන ඇති අතර රයන් වෑන් රෝයන්ගේ සොහොයුරා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළා.

මේ අතර මධුෂ් සමඟ අත්අඩංගුවට ගැනුණු පිරිස අතර කළුතර බන්ධනාගාරයේ නිලධාරියෙක්, පොලිස් නිලධාරියෙක්, කඹුරුපිටියේ ප්‍රාදේශීය දේශපාලනඥයෙක් මෙන්ම ව්‍යාපාරිකයෙකුද සිටින බවට වාර්තාවනවා.

අත්අඩංගුවට පත් පිරිස මේ වනවිට ඩුබායි අල්මුල්ලා ප්ලාසා අභිහිල් ජේල් බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!