Gossip

අමතක නොවන සිය අතීතය ගැන කුමාර් ධර්මසේන තැබූ සංවේදී සටහන

අධික වර්ෂාවකට හසුවී ගසක් යටට වී සිටින යතුරුපැදිකරුවෙකුගේ ඡායාරූපයක් සිය ෆේස්බුක් පිටුවට එක් කළ කුමාර් ධර්මසේන අපූරු සටහනක් තබා තිබුණා.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් ක්‍රිකට් තරග විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන කුමාර් ධර්මසේන සිය අතීතය සිහිකරමින් එම සටහන තබා තිබෙනවා.

අදාළ සටහන පහතින්,

“එක දිගට අවුරුදු 5ක් කිලෝමීටර් සිය ගණන් බයික් එකේ තෙමුණු මට මේ අත්දැකීම පුදුම විදිහට දැනෙනව…😥 ඒ හැමවෙලේම පාරෙ නොතෙමී යන වාහන දිහා අහිංසක විදිහට බලන් හිටියෙ අල්පෙනෙති තුඩක තරම්වත් ඊරිසියාවකින් නම් නෙමේ…. ඒ හැමවෙලේම සිහින දැක්ක, මාත් කවදහරි නොතෙමී යනව කියලා….
අද මම නොතෙමී යනවා… ඒත් අදටත් තවත් කෙනෙක් මෙහෙම ඉන්නව දකිද්දි දැනෙන හැගීම වචනවලින් කියන්න බෑ… 😥😥 මම නොතෙමී යද්දී මගේම එවුන් තෙමීගෙන එද්දී,, යද්දී පුදුම හැගීමක්… මට උබලත් එක්ක තෙමෙන්න බැරි වෙයි… ඒත් හදවතින් පතනව හැම මොහොතකම උබල හැමෝටම මාත් එක්ක නොතෙමී යන්න ඉක්මණටම….😥😥😥
KD”

ඔහුගේ සටහනට විවිධ පිරිස් විවිධ ලෙස සිය අදහස් දැක්වීම් ද තබා තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!