Gossip

“අපේ ලොකු අම්මා ෆන් ගන්නවා… දවසක සෙට් වෙමුද.?” – කඩ­වත රාල­හා­මිගේ අව­සන් ගමන

කඩවත පොලි­සි­යට අනු­යු­ක්තව පොලිස් කොස්තා­පල් රියැ­දු­රෙකු ලෙස සේවය කළ ජයන්ත රාජ­පක්ෂ නිල­ධා­රි­යාගේ පැහැ­ර­ගැ­නීම ගෙවී ගිය සතියේ අස­න්නට ලැබුණු ශෝකී­ජ­න­ක පුව­තකි. වීර­කැ­ටිය, කුඩා බිබුල ප්‍රදේ­ශයේ විසූ 37 හැවි­රිදි කොස්තා­පල් රාජ­පක්ෂ සහෝ­ද­ර­යන් සිවු­දෙ­නෙ­කු­ගෙන් යුත් පවුලේ තුන්වැ­නි­යායි. 2013 වස­රේදී රාජ­පක්ෂ පොලිස් සේව­යට එක්වූයේ විවා­හ­ක­යන් මෙන්ම වෙනත් රැකි­යා­වල නියු­තුව සිටි­ය­වුන්ට පොලිස් රියැ­දු­රන් ලෙස එක් වීමට ලැබුණු අව­ස්ථා­වෙන් ප්‍රයෝ­ජන ගනි­මිනි.

අට හැවි­රිදි සහ තුන් හැවි­රිදි පුතුන් දෙදෙ­නෙ­කුගේ පියෙකු වන කොස්තා­පල් රාජ­පක්ෂ පසු­ගිය 17 වැනිදා රාත්‍රියේ 1.20ට පමණ පැහැර ගැනිණි. ඒ, කිරි­බ­ත්ගොඩ හුනු­පි­ටිය පාරේ පිහිටි හෝට­ල­යක කාන්තා­වක සමඟ සිට මාර්ගය අස­ලට පැමි­ණීමෙන් අන­තු­රු­වය.

කොස්තා­ප­ල්ව­ර­යාගේ පැහැ­ර­ගැ­නීම වූ මොහො­තේම බස්නා­හිර උතුර පළාත් බාර නියෝජ්‍ය පොලි­ස්පති වරුණ ජය­සු­න්දර මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් එහි විම­ර්ශන කට­යුතු බාර කෙරුණේ පෑලි­ය­ගොඩ කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­ක­ය­ටයි. පෑලි­ය­ගොඩ කොට්ඨාස බාර පොලිස් අධි­කාරි රොෂාන් ඩයස් මහ­තාගේ උප­දෙස් මත එහි ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ලින්ටන් සිල්වා මහතා ප්‍රමුඛ කණ්ඩා­ය­මක් කොස්තා­පල් රාජ­පක්ෂ සෙවීමේ සූක්ෂ්ම මෙහෙ­යු­මක් ආරම්භ කෙළේය.

ඒ අනුව පසුගිය 21 වැනිදා පෙරවරුවේ කපාකොටා ඝාතනය කර තිබූ රාජපක්ෂගේ සිරුර පන්නල බුළුගොඩ ප්‍රදේශයේ ළඳු කැලෑවක තිබී සොයා ගැනීමට විමර්ශන නිලධාරිහු සමත් වූහ. රාජ­ප­ක්ෂගේ පැහැ­ර­ගැ­නී­මත් සමඟ පෑලි­ය­ගොඩ අප­රාධ විම­ර්ශන ඒක­කයේ බාර­යට ගත් රාජ­පක්ෂ සමඟ සිටි පත්මිණි නමැති කාන්තාව සහ ඔවු­නට කෑම රැගෙන පැමිණි පත්මි­ණිගේ ඥාති දිය­ණි­යක වන කෝකි­ලාගේ පාපෝ­ච්චා­ර­ණය අනුව රාජ­පක්ෂ පැහැර ගැනීමේ සිද්ධිය හෙළි කර ගැනී­මට හැකි විය. එම කතා­න්ද­රය පෙළ ගැසෙන්නෙ මෙලෙ­සිනි.

පත්මිණි අවු­රුදු 47ක කාන්තා­වකි. වත්තල ප්‍රදේ­ශයේ වෙසෙන ඇය තර­මක වත්ක­මක් සතු කාන්තා­වකි. සුඛෝ­ප­භෝගි මෝටර් රථ­යක්ද හිමි ඇයගේ ස්වාමියා නිලන්ත බන්ධ­නා­ගා­ර­ග­තව පසු වෙයි. ඒ, මත්ද්‍රව්‍ය ජාවා­ර­ම­ක­ටය. පත්මිණි සියලු වත්කම් උපයා ඇත්තෙ මත්ද්‍රව්‍ය ජාවා­ර­මෙන් බවට හෙළි වේ. ඇයට දරු­වන් දෙදෙ­නෙකි. 20 හැවි­රිදි වැඩි­ම­හල් පුත්‍රයා බන්ටි නමින් හඳු­න්වයි. පත්මි­ණිගේ නිවෙ­සේම වෙසෙන සිය නැඟ­ණි­යගේ පුත්‍රයා සුද්දාය. ඔහු 23 හැවි­රිදි අයෙකි. සුද්දා සහ බන්ටි අයිස් මත්ද්‍ර­ව්‍ය­ව­ලට තදින් ඇබ්බැහි වූ දෙදෙ­නෙකි.

මීට වසර තුන­කට පමණ පෙරදී සුද්දා රථ­වා­හන වර­ද­කට පොලි­සි­යට හසු විය. එදින සුද්දා සහ රාජ­පක්ෂ රාල­හාමි අතර මිත්‍ර­ත්ව­යක් ගොඩ­නැ­ඟිණි. නිල­ධා­රියා සමඟ ඇති කර­ගත් එම මිත්‍ර­ත්වය නිසා නඩු නිමි­ත්ත­කින් තොරව සුද්දා වරද ගොඩින් බේරා­ගෙන ඇති බව­ටද හෙළි වේ.

අන­තු­රුව රාජ­පක්ෂ රාල­හාමි වත්තල පිහිටි සුද්ද­ලාගේ නිවෙ­සට යෑමට-එමට පට­න්ග­ත්තේය. සුද්දා පන්නල වෙසෙන අයෙකු වුවත් ඒ වන විට විසූවේ වත්තල පිහිටි සිය ලොකු අම්මා වූ පත්මි­ණිගේ නිවෙ­සේයි.

සුද්දාගේ ලොකු අම්මාද විනෝ­ද­යට බර මත්පැ­න­ටද ලොල් කාන්තා­වකි. දිනක් නිවෙ­සට පැමිණි පොලිස් නිල­ධා­රියා අමතා සුද්දා පවසා ඇත්තෙ, “අපේ ලොකු අම්මා ෆන් ගන්නවා… දව­සක සෙට් වෙමුද…“කියාය

ඒ අනුව දිනක් සුද්දා, රාජ­පක්ෂ, පත්මිණි සහ බන්ටි ඇතුළු පිරිස මත්පැන් සාද­යක් පවත්වා තිබිණි. එම සාද­යෙන් රාජ­පක්ෂ සහ පත්මිණි අතර කිසි­යම් සබ­ඳ­තා­වක් ගොඩ නැඟිණි. එලෙස දෙදෙනා අතර ගොඩ­නැ­ඟුණු සබ­ඳ­තාව මත පත්මිණි සිය මත් ජාවා­ර­මට රාජ­පක්ෂ රාල­හා­මිගේ ද සහාය ලබා­ගෙන ඇත. ඒ අනුව රාජ­පක්ෂ, පත්මි­ණිගේ මුදල් පරි­පා­ලන කට­යු­තු­ව­ල­ටද අත ගසා ඇත්තේ පවු­ලේම කෙනෙකු ආකා­ර­ය­ක­ටය.

ඒ වන විට පත්මි­ණිගේ ස්වාමියා නිලන්ත මත් ජාවා­ර­ම­කට වර­ද­කරු වී බන්ධ­නා­ගා­ර­ග­තව සිටි­යේය.

එසේ කල් ගෙවෙද්දී දිනක් බන්ටි සහ සුද්දා මත්ද්‍රව්‍ය පාන­යට අවැසි මුදල් පත්මි­ණි­ගෙන් ඉල්ලූ විට ඔවුන් දෙදෙ­නාට මුදල් ලබා දී ඇත්තේද රාජ­ප­ක්ෂගේ අනු­දැ­නුම මතයි. ඒ හේතු­වෙන් සුද්දා සහ බන්ටිට මුදල් ප්‍රශ්නද මතු විණි.

නිවෙසේ තිබූ මෝටර් රථය එතෙක් පාවිච්චි කළේ බන්ටි විසිනි. එහෙත් පසුව එම රථ­යද රාජ­පක්ෂ රාල­හා­මිගේ බාර­යට පත් විය.

ඒ අතරේ රාජ­ප­ක්ෂට අධික මිල­කින් යුත් යතු­රු­පැ­දි­යක්ද පත්මිණි මිලදී ගත්තාය. එසේ පොලිස් නිල­ධා­රියා සුර­සැප ලබද්දී බන්ටි සතුව තිබූ ත්‍රීරෝද රථයේ ලීසිං වාරි­කද නොගෙ­වීම නිසා හිඟ වාරික කිහි­ප­යක්ම එකතු වීමෙන් බන්ටි මහත් ගැට­ලු­ව­කට මුහුණ දී සිටි­යේය.

එවැනි සිදු­වීම් සමඟ සුද්දා, බන්ටි දෙදෙනා රාජ­පක්ෂ රාල­හාමි සමඟ විර­ස­ක­ය­කට මුල පිරීය.

නිවෙසේ වන සිදු­වීම් අකු­රක් නෑර බන්ටි බන්ධ­නා­ගා­රයේ පසු­වන පියාට පැව­සීය. අන­තු­රුව පියා පවසා තිබුණේ,

“යකෝ… උඹලා පිරිමි ද? ඕකව ගෙද­රට ගන්නෙ ඇයි… එළ­වලා දාපන්…“

ඒත් සමඟ බන්ටි සහ සුද්දා පොලිස් නිල­ධා­රි­යාට එරෙ­හිව නැඟි සිටි­න්නට වූහ. එසේ හැළ­හැ­ප්පිලි මැද කාලය ගත වෙද්දී පසු­ගිය 16 වැනිදා ගැටු­මක් ඇති වී තිබුණේ බන්ටි සහ සිය මව පත්මිණි අත­රයි. ඒ පත්මි­ණිට පහ­ර­දී­මට බන්ටි පැමි­ණී­මත් සම­ඟයි. 16 වැනිදා රාත්‍රියේ වූ එම ගැටුම ගැන පත්මිණි ඇමැ­තු­මක් ගෙන දන්වා සිටියේ රාජ­පක්ෂ රාල­හා­මි­ටය.

ඒ අව­ස්ථාවේ පොලිස් නිව­ස්නයේ විවේකී සුව­යෙන් කල් ගෙවූ රාජ­පක්ෂ ක්ෂණ­යෙන් ගොස් තිබුණේ පත්මිණි විසූ වත්තල නිවෙ­ස­ක­ටයි. එම නිවෙස ඩී. මංජු නමින් ප්‍රක­ටව සිටි වත්තල ප්‍රදේ­ශයේ ප්‍රබල පාතාල අප­රා­ධ­ක­රු­වාගේ නිවෙ­සයි. 2018 වසරේ පෙබ­ර­වාරි 23 වැනිදා ඩී. මංජු පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රහා­ර­ය­කින් මර­ණ­යට පත්වී­මෙන් පසු එම නිවෙසේ වෙසෙන්නෙ ඔහුගේ බිරිය කෝකි­ලායි. ඇයට, පත්මිණි ඥාති­ක­මින් නැන්ද­ණි­යයි. පොලිස් නිල­ධා­රියා සහ පත්මිණි නිවෙසේ වූ මොහොතේ පැමිණි තිබුණේ බන්ටි සහ සුද්දායි. පත්මිණි සහ පොලිස් නිල­ධා­රියා නිවෙසේ සැඟවී සිටි­යදී පුතුන් දෙදෙනා කෑකෝ­ගසා මඳ වේලා­ව­කින් යන්නට ගොසිනි. එසැ­ණින් කෝකිලා සිය නැන්ද­ණි­යට කියා ඇත්තේ, “නැන්දෙ… දැන් මෙහෙන් යන්න නැත්නම් අරුන් ආයෙත් ඇවිත් ලොකු ප්‍රශ්න­යක් වෙන්න පුළු­වන්…“ කෝකිලා එසේ කීමත් සමඟ පත්මිණි, රාජ­පක්ෂ සමඟ රාත්‍රී එකට පමණ කිරි­බ­ත්ගොඩ, හුනු­පි­ටිය මාර්ගයේ හෝට­ල­ය­කට ගොස් නතර වී තිබේ. හෝට­ල­යට ගොස් මඳ වෙලා­ව­කින් පත්මිණි ඇමැ­තු­මක් ගෙන කෝකි­ලාට කීවේ,

“දුවේ… හරිම බඩ­ගි­නියි… මේ හරියේ කෑමට දෙයක් ගන්න තැනක් නෑ… ඔයාට පුළු­වන්ද මොන­ව­හරි ගෙනත් දෙන්න…“

ඊට ප්‍රති­චාර දක්ව­මින් රොටි වැනි ආහා­ර­යක් ගෙන කෝකිලා සිය බාල සොහො­යුරා සමඟ ස්කූටි යතු­රු­පැ­දි­යක නැඟී දෙදෙනා නැවතී සිටි හෝට­ලය කරා ගොස් ඇත. ඒ අතරේ පත්මිණි, රාල­හා­මිට කියා ඇත්තෙ,

“දැන් දුව කෑම අරන් එනවා කීවා…. ඔයා හෝටලේ ළඟින්ම කෑම ගත්තොත් පුතාලා අපි ඉන්න තැන දැන­ග­නිවී… ඒක නිසා ටිකක් ඉස්ස­ර­හට ගිහින් කෑම ටික ඉල්ල­ගන්න..“

ඒ අනුව නැවතී සිටි හෝට­ලයේ සිට මීටර් සිය­යක් පමණ ඉදි­රි­යට පයින් ගමන් කර­මින් සිටි­යදී කෑම රැගෙන පැමිණි කෝකිලා හමුවී කෑම ලබා­ගත් රාජ­පක්ෂ නැව­තත් ‍හෝටල­යට ගමන් කිරී­මට සැරැ­සුණා පමණි. ක්ෂණ­ය­කින් පැමි­ණියේ ත්‍රිරෝද රථ­යකි. ඊට මාර්ගයේ ගමන් කර­මින් සිටි රාජ­ප­ක්ෂව බලෙන්ම නංවා­ගෙන යන ආකා­රය අසල සීසී­ටීවී කැම­රා­ව­කද සට­හන් වී ඇති බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී හෙළි විණි.

17 වැනිදා පාන්දර 1.20ට පමණ එසේ පස්දෙ­නෙ­කු­ගෙන් පමණ යුත් පිරි­සක් විසින් පැහැ­ර­ගත් රාජ­පක්ෂ ගැන පරී­ක්ෂණ කළ නිල­ධා­රින්ට පොලිස් බාර­යට ගැනුණු පත්මිණි හෙළි­ද­ර­ව්වක් කළාය. දිනක් සුද්දා පවසා ඇත්තෙ, “ ලොකු අම්මෙ… ඔය ‍රාලහාමි මට පාට් එකක් දැම්මොත්…. දන්න­වනේ මගේ හැටි… මං නම් කරන්නෙ පන්නල පැත්තට අරන් ගිහින් කැලේ­කට දානවා… ආයෙත් ජීවි­තේට එන්න බැරි වෙන්න…“

පොලිස් බාරයේ පසු වන පත්මිණි ඒ බව පොලි­සි­යට පැවැ­සී­මත් සමඟ රාජ­පක්ෂ පැහැ­ර­ගෙන පන්නල ප්‍රදේ­ශ­යට රැගෙන යන්නට ඇති බව සැක පළ වීමත් සමඟ පොලිස් නිල­ධා­රීහු පන්නල සුද්දාගේ නිවෙ­ස­ටද ගියහ. ඒ අනුව පසු­ගිය දින කීප­යේම පෑලි­ය­ගොඩ කොට්ඨාස අප­රාධ විම­ර්ශන නිල­ධා­රින් සහ කුලි­යා­පි­ටිය පොලිස් නිල­ධා­රීන් දිවා රෑ වෙහෙ­සුණේ රාජ­පක්ෂ ගැන හෝඩු­වා­වක් සොයා ගැනී­ම­ටයි. ඒ පන්නල කංකා­නි­ය­මුල්ල රක්ෂි­තය සහ ඒ අවට පොල් වතු පීර­මිනි. එහෙත් ඔවු­නට සොයා­ගැ­නී­මට හැකි වූයේ රාජ­පක්ෂ පැලඳ සිටි බවට සැක කළ පාව­හන් යුග­ලය සහ මිනිස් ලේ පැල්ලම් කීප­යක් පමණි. කුලි­යා­පි­ටිය පොලිස් නිල සුනඛ විකී සහ ප්ලෑෂ්ද යොදවා විම­ර්ශන සිදු කළත් කිසිදු හෝඩු­වා­වක් නොවිණි.

ඒ අතරේ පොලිස් නිලධාරින් රාජ­පක්ෂ පැහැ­ර­ගත් දින රාත්‍රියේ සුද්දා සමඟ දුර­ක­කන සංවා­ද­යක් කළ කඳානේ නාගොඩ වෙසෙන සුද්දාගේ බාප්පාගේ පුත්‍රයා පොලිස් බාර­යට ගනු­ ලැ­බීය. නිල­ධා­රින් ඔහුට කීවේ සුද්දාට ඇමැ­තු­මක් ගන්නා ලෙසයි. ඒ අනුව සුද්දා එම ඇමැ­තු­මට කීවේ,

“මගේ අතේ සල්ලි නෑ බං… දහ­යක් හෝ පහ­ළො­වක් දාපන්… මං එක­වුන්ට් නම්බර් එකක් එව­න්නම්…“

සුද්දා එවූ එම ගිණුම් අංක­යට අදාළ පදිංචි ලිපි­නය සොයා ගැනී­මට පොලි­සිය සමත් විය. ඒ රාජ­පක්ෂ ඝාත­නය කොට තිබූ පන්නල, බුළු­ගොඩ ප්‍රදේ­ශයේ නිවෙ­සකි. එම නිවෙස සුද්දාගේ මිත්‍ර­යෙකු වන සංජුගේ නිවෙ­සයි. සංජුද මත්කුඩු ජාවා­රම්හි නිරත අප­රා­ධ­කා­ර­යෙකි. 20 වැනිදා හඳු­නා­ගත් එම නිවෙ­සට 21 වැනිදා පාන්දර පහට පමණ පොලි­සිය කඩා පැන්නේය. ඒ මොහොතේ සුද්දා සහ සංජු නිවෙසේ සිටි­යහ.

දෙදෙ­නා­ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ සංජුගේ නිවෙසේ සිට මීටර් 750ක් පමණ දුරින් පිහිටි ලඳු කැලෑ­වක තිබී කපාකොටා ඝාත­නය කළ රාජ­ප­ක්ෂගේ සිරුර සොයා ගැනී­මට හැකි විය. විම­ර්ශන සිදු­ක­රන පොලිස් නිලධාරියෙක් කීවේ, එකී ඝාත­නය පත්මි­ණි­ගේද අනු­දැ­නුම මත සිදු කළ ඝාත­න­යක් ලෙස සැක කෙරෙන බවත් ඉදිරි විම­ර්ශන අනුව සියලු තතු හෙළි කර­ගැ­නී­මට හැකි වන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!