Gossip

අපේ රට වෙනුවෙන් දිරි දෙන්න ගිය ක්‍රීඩා ලෝලියාගේ පියා වෙනුවෙන් හිත උණුවුණු රෝහිත් ශර්මාගේ උතුම් ක්‍රියාව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහාය දක්වන ප්‍රේක්ෂකයන් අතරින් මෑත කාලීනව ගොඩක් කතාබහට ලක්වුණු ප්‍රේක්ෂකයින් තමයි ගයාන් සේනානායක, පුබුදු හා මොහොමඩ් නීලාම් කියලා කියන්නේ. ඔවුන් තිදෙනා ඉන්දු- ශ්‍රී ලංකා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සහාය දැක්වීම සඳහා ඉන්දියාව ගොස් සිටියා.

කොහොමවුනත් නව දිල්ලි නුවර පැවති තෙවන ටෙස්ට් තරගය අතරතුරදී නීලම්ගේ පියා අසනීප වී තිබෙනවා. ඔහු පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටියදීයි. මේ නිසා නීලම්ට නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය වෙලා තිබෙනවා. ඔහුට ඒ සඳහා ගුවන් ටිකට්පතද වෙන්කර තිබුණේ දෙසැම්බර් 26 වනදායි.

නමුත් ගුවන් ටිකට්පත වෙනුවෙන් ප්‍රමාණවත් මුදල් නීලම් ගාව තිබී නැහැ. මේ පිලිබඳව දැනගත් ඉන්දීය ප්‍රේක්ෂකයින් වෙත නීලම් මුහුණ දී ඇති ගැටලුව ගැන රෝහිත් ශර්මාට දන්වා තිබෙනවා. ඒ හරහා නීලම්ට නැවතත් කොළඹට පැමිණීමට අවශ්‍ය ගුවන් ටිකට්පත වෙනුවෙන් ඇවැසි ඉන්දීය රුපියල් 20,000ක මුදල් රෝහිත් ශර්මාට පරිත්‍යාග කර තිබෙනවා.

එසේම නීලම්ගේ පියාගේ සෞඛ්‍ය වියදම් සඳහා උපකාර කිරීමටත් රෝහිත් ඉදිරිපත්ව ඇති අතර නීලම් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව නීලම් පසුගිය 05 වනදා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. මීට අමතරව ඉන්දීය නායක විරාත් කෝලිද නීලම්ගේ පියාගේ ශල්‍යකර්මය සඳහා උපකාර කිරීමට ඉදිරිපත්ව ඇතත් එයද නීලම් ප්‍රතික්ෂේප කර ඇති බවටයි වාර්තා වන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!