Gossip

“අපි හැමෝටම ජීවිතේ වරදින තැන් තියනවා. මම හිතනවා දුලාජ්ගේ ජීවිතයෙත් එහෙම තැන් තියෙන්න ඇති කියලා” – Photos

දුලාජ් ධනුෂ්ක කියන්නේ ජනප්‍රිය තරුණ ගායකයෙක් වගේම සංගීත අධ්‍යක්ෂවරයෙක්.
දුලාජ්ව රටම හඳුනගත්තේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවෙන්.
මේ දවස්වල දුලාජ් ඉන්නේ ලංකාවෙනම් නෙවෙයි. දුලාජ් සහ ඔහුගේ ආදරණීය බිරිඳ නිමා ෆර්නෑන්ඩෝ දැන් ඉන්නේ ඉතාලියේ.
දුලාජ්ගේ බිරිඳ තමන්ගේ ආදරණීය සැමියා ගැන සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

ආදරේ කරන කාලේ දුලාජ්
ඒ කාලේ දුලාජ් හරිම හොඳයි. මං ගැන හොයලා බලනවා. අපි නිතරම දුරකථනයෙන් තමයි කතාබහ කළේ. ඒ කාලේ එයාගේ වැඩ ගැන වුණත් මට කියනවා. මං ගැන පුදුම විදියට හොයලා බැලුවා.

දුලාජ්ට කැමැති වුණේ ඇයි?
දුලාජ් හරිම සිම්පල් විදියට ඉන්න කෙනෙක්. එයාගේ වැඩ ටික කරගෙන ඉන්නවා.
දුලාජ්ට තරහ යන්නෙත් නෑ. මට ගොඩක් ආදරේ කරනවා. අපි දෙන්නා හිතන දේවල් සමානයි. හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න ඕනෙ දේවල් දුලාජ්ට තියනවා.

පෙම්වතුන් විදියට හිටපු කාලේ අමතක නොවන සිදුවීම්
මම දුලාජ් එක්ක යාළුවෙලා පළමුවැනි වතාවට එයාව බලන්න ලංකාවට එනකොට දුලාජ්ට ගිටාර් එකක් ගෙනිච්චා.
දුලාජ් ඒ වෙලාවේ ගොඩක් සතුටු වුණා. ඇත්තටම එයා ඒ වෙලාවේ ගොඩක් පුදුම වුණා.

සැමියෙක් විදියට
තාමත් ඒ හිටපු පෙම්වතාම තමා. කිසිම වෙනසක් වෙලා නෑ. ආදරේ කරන කාලෙ වගේම තමයි අපි දෙන්නා තාම ඉන්නේ පෙම්වතුන් වගේ. අපි දෙන්නා අපි දෙන්නාගේ දේවල් හොයලා බලනවා.

ගෙදරදී කොයි වගේ කෙනෙක්ද?
ගෙදරදී නිතරම විහිළු කරනවා. මගේ වැඩවලටත් උදවු කරනවා. මම මොකක් හරි දෙයක් කරල දෙන්න කිවුවොත් ඒ දේ කරලා දෙනවා.
නිතරම මට උදවු කරනවා. මට උයන්න පවා උදවු කරනවා. මට මඟඇරෙන වැඩ එහෙමත් ඔක්කොම කරනවා.

වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද?
දුලාජ් තාම පොඩි ළමයෙක් වගේ. මම තමයි ගොඩක් දේවල් හිතලා බලලා කරන්නේ.
හැමදේම කියලා දෙනවා. ඒ කියලා දුන්නම තේරුම් ගන්නවා. මම ඉතින් හැමදේම හොයලා බලලා කරනවානේ. ඒ නිසා එයාට බයක් නෑ.

නිමාගේ උපදෙස් දුලාජ් පිළිගන්නවාද?
ඔව්. මම කියන දේවල් එයා අහනවා. නැත්නම් බැනුම් අහන්න වෙනවා කියලා දන්නවානේ. මොකද මට ගොඩක් තරහා යනවා.

වැඩිපුරම ආදරය කරන කෙනා
මම හිතනවා එයා වැඩිපුරම ආදරය කරන කෙනා මම කියලා. හැබැයි අම්මා තාත්තාටත් වැඩිපුර ආදරෙයි.

දුලාජ්ට නැතුවම බැරි අය
දුලාජ්ගේ අම්මා, තාත්තා ඒ වගේම මගේ අම්මා, තාත්තා. ඒ වගේම මම, එයාට නැතුවම බෑ.

දුලාජ්ට කේන්ති ගියොත්
දුලාජ්ට ලේසියෙන් කේන්ති යන්නේ නෑ. කේන්ති ගියාම කන්ට්‍රෝල් කරන්න අමාරුයි දුලාජ්ව. හැබැයි මට නම් පොඩි පොඩි දේවල්වලටත් කේන්ති යනවා. ඒ වෙලාවට දුලාජ් සිංදු කියනවා.

දුක හිතුණම
දුලාජ්ට මාත් එක්ක කතා නොකර ඉන්න බෑ. මගේ පස්සෙන්ම තමයි ඉන්නේ හැම තිස්සේම. දුක හිතෙන දෙයක් වුණත් පැත්තකට වෙලා ඉන්නෙ නෑ.
ඒක ගැන මට කියනවා. ගොඩක් දේවල් මං කරයි කියල එය බලාපොරොත්තු වෙනවා. සමහර වෙලාවට මට ඒ දේවල් මඟහැරුණොත් ඒක හිතේ තියාගෙන ඉඳලා මගෙන් ඒ ගැන අහනවා.

සතුටකදී
සතුටක් දැනෙන දේවල් මාත් එක්ක බෙදා ගන්නවා. හැම තිස්සෙම ඒ සතුටු හිතෙන දේවල් ගැන කියවනවා.

තෑගි විදියට ලබන්න කැමැති දේවල්
සංගීත කටයුතුවලට අවශ්‍ය දේවල්වලට තමයි දැන් ගොඩක් කැමැති. ෆෝන්වලට එහෙමත් කැමැතියි.
කොහොමත් දුලාජ් තෑගිවලට ආසයි. නිතරම මොනවාහරි අලුත් දෙයක් ඕන. මොකක්හරි දෙයක් දැක්කොත් ඒකට කැමැතියි නම් කියනවා.
ඉල්ලන්නේ නෑ. ඒ වුණාට මම දන්නවනේ කැමැතියි කියලා. ඉතින් මම ඒක අරගෙන ඇවිල්ලා දෙනවා. නිතරම ඒ වගේ සර්ප්‍රයිස් කරනවා. හරි පරිස්සමට ඒ දේවල් තියාගෙන ඉන්නවා එතකොට.

දුලාජ්ගේ ළඟම යාළුවෝ
ඉස්කෝලේ යාළුවෝ තමයි ආශ්‍රය කරන්නේ. වෙන අය ලොකු ආශ්‍රයක් නෑ. මාත් එක්කම තමයි ඉන්නේ. ලංකාවේ ඉඳිද්දී හිටියා යාළුවෝ. දැන් ලොකු සම්බන්ධතා නෑ. එහෙම ලොකුවට යාළුවෝ ආශ්‍රය කරන්න දුලාජ් කැමතිත් නෑ.

ගායනයට අමතරව දුලාජ්ගේ වෙනත් දක්ෂතා
පොඩි කාලේ ෆුට්බෝල් සෙල්ලම් කරලා තියෙනවා. හැබැයි ඒ කාලේම ඒකෙන් අයින් වෙලා. වෙලාවක් හම්බවෙලා නෑ වෙන දෙයක් කරන්න.

දුලාජ්ට විවේකයක් ලැබුණාම
නිවාඩුවක් ලැබුණාම කොහෙ හරි ඇවිදින්න යන්න තමයි කැමති.

නිවාඩුවක් ලැබුණාම යන්න කැමැති තැන්
ලංකාවේ ඉඳිද්දිත් අපි ගොඩක් තැන්වල ඇවිදින්න ගියා. ඉතාලියේ ගොඩක්ම කැමැති පල්ලිවලට යන්න තමයි.

දුලාජ් ජීවිතේ කලකිරුණු තැන්
අපි හැමෝටම ජීවිතේ වරදින තැන් තියනවා. මම හිතනවා දුලාජ්ගේ ජීවිතයෙත් එහෙම තැන් තියෙන්න ඇති කියලා. හැබැයි දුලාජ් ඒවා ගැන හිත හිතා ඉන්නේ නෑ. ජීවිතේ ඉදිරියට යන කෙනෙක් දුලාජ්

දුලාජ් ජීවිතේ හැම දෙයක්ම නිමාට කියනවාද?
ඔව්. මාත් එක්ක හැම දෙයක්ම කියනවා. ඒ දේවල් බෙදාගන්නවා. මම බැන්නත් ඒ දේවල් මාත් එක්ක කියනවා.

දුලාජ්ගේ නොදන්න රහස්
දුලාජ් කියන්නේ හරිම විනෝදෙන් ඉන්න කෙනෙක්. අනික් අයට උදවු කරනවා. ඒ වගේම තමයි පවුලේ අයට සලකන හරිම හිත හොඳ කෙනෙක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!