Gossip

“අපි බොහොම ආදරයෙන් හිටියා. නොහිතපු විදියට එයා ජීවිතෙන් සමුගත්තා” – චන්න පෙරේරා

චන්න පෙරේරා කියන්නේ අපේ රටේ රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය තරුවක්.
දරුවන් දෙදෙනෙකුට ආදරණීය පියෙක් වුණු චන්නට තරුණියන්ගෙන් ලැබෙන ආදරයේනම් අඩුවක් නෑ.
දැන් වැඩිය රංගනයෙන් දකින්න නැතිවුණත් තවමත් ජනප්‍රිය චන්න සිය අතීත මතකය සතිඅන්ත පුවත්පතකට මේ විදිහට හෙළි කරලා තිබුණා.

ඉලන්දාරි කාලෙ
බොහොම නිව්ටල් චරිතයක්. සද්ද බද්දවලට දැඟලිලිවලට හරිම අකමැතියි.
පාඩුවේ නිදහසේ ඉන්න තමයි ප්‍රිය කළේ. ක්‍රිකට් ගහන්න දක්ෂයි. තැන් තැන්වල ක්‍රිකට් ගහන්න ගිහිල්ලා තාත්තගෙන් අනන්තවත් ගුටි කාල ඇති.
පුදුම ප්‍රොජෙක්ටර් පිස්සුවක් තිබුණා. කාඩ්බෝඩ් පෙට්ටි ගෙනත් මෝටර් බැට්රි හොයාගෙන දවසින් දවස එක එක නිර්මාණ කළා.

පාසල් ජීවිතේ
පාසල දෙකක අධ්‍යාපනය ලැබුවා. මුලින්ම ඇතුළත් වුණේ පානදුර ශ්‍රී සුමංගල විදුහලට.
ඒත් එහි අවුරුද්දයි ඉගෙනුම ලැබුවෙ. ඊට පස්සෙ කොළඹ රාජකීය විදුහලට ඇතුළත් වෙලා උසස් පෙළ දක්වා එහි අධ්‍යාපනය ලැබුවා.
තාත්තා අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් සහ අම්මා ගුරු උපදේශිකාවක් නිසා ගෙදර තිබුණෙම අධ්‍යාපන වටපිටාවක්. ඒ නිසා අධ්‍යාපන වැඩවලම තමයි වැඩිපුර ඉන්න වුණේ.

ඇසුරු කරපු යාළුවෝ
රෝයල් – තර්ස්ටන් පාසල් දෙකේ ලොකු යාළුවෝ සෙට් එකක් හිටියා.
ගොඩක් ළඟින් ආශ්‍රය කළේ රසික ද සිල්වා” නිශාන්ත දන්තනාරායන සහ අමල්.
අමල් හදිසියේ නැති වුණා බෙලිහුල් ඔය නාන්න ගිහින්. රසිකයි මමයි නිශාන්තයි අදටත් යාළුවෝ.

කල්ලි ගැහුනු තැන්
අපි සෙට් වුණාම කල්ලි ගැහෙන්න කැමැතිම තැන තමයි මොරොන්තුඩුව කලපුව. ඒ කාලෙ හැමෝම ගෙවල්වලට හොරෙන් එතනදි තමයි එකතු වෙන්නෙ.
රා බීලා සින්දු කියලා නටලා කාලා විනෝද වෙලා තමයි ගෙදර එන්නෙ. ඒ ඇවිත් හැමෝම වගේ ගෙදරින් ගුටිත් කනවා.

කරපු දඟ වැඩ
මම ගැන් එකට වැටිලා හිටියට දඟ වැඩ කරන්නෙ නෑ. හැබැයි කරන අයට එපා කියන්නෙත් නෑ. අපි බණ්ඩාරගමනෙ. දවසක් ක්‍රිකට මැච් එකක් ගැහුවා අටලූගම සෙට් එකක් එක්ක.
එතෙන්දී පොඩි රංඩුවක් වෙලා අපි දෙගොල්ලෝ ගහගත්තා. එදා තමයි මම ජීවිතේ ෆස්ට් ටයිම් දඟ වැඩක් කළේ. අපි හිතුවා සිද්ධිය එතනින් ඉවරයි කියලා ටික වෙලාවක් යද්දි ඒ මුස්ලිම් ගම්මානෙම අපිව වට කරා. ග්‍රාම සේවක ඇවිත් බේරුවෙ නැත්නම් අද අපේ කෑලිත් නෑ.

කරපු හොඳ වැඩ
ඒ කාලෙ ඉඳන් වයසක අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් දැක්කොත් මට හරියට දුක හිතෙනවා.
බයිසිකලේ යන ගමන නවත්තලා අතේ තියෙන කීයෙන් හරි පුළුවන් විදියට ඒ අයට කන්න බොන්න අරන් දෙනවා. අදටත් ඒ පුරුද්ද තියෙනවා. වයසක අය දැක්කම හරියට හිත උණු වෙනවා.

පටබැඳි නම්
මගේ සම්පූර්ණ නම දීපනාත් චන්න පෙරේරා. ගොඩක් වෙලාවට ඒ කාලේ මට චන්න කියනවා අඩුයි.
ඉස්කෝලෙදි වගේම අහල පහළ යාළුවෝ මට දීපෙ කියලයි කතා කළේ.

අහපු කයි කතන්දර
කිසිම කයි කතන්දරයක් අහල නෑ. මොකද දඟ වැඩ නරක වැඩ කළේම නෑනෙ. දැනටත් මම දැනුවත්ව නෑ.
ඒත් නොදැනුවත්ව කවුරු මොනව කියනවද දන්නෙ නෑ. මොනවා කිව්වත් ඒවා මට අදාළත් නෑ.

ගැහැනු ළමයින්ගෙ ආශ්‍රය
ඒ කාලේ ගෙවල් අවට ගෑනු ළමයි” පිරිමි ළමයි කියලා භේද නෑ. සම සමව ආශ්‍රය කළා. ගොඩක් ගෑනු ළමයි අනිත් අයට වඩා මට විශේෂයක් දැක්වුවා කියලා නම් මට තේරිලා තියෙනවා.

කරපු විලාසිතා
අම්මා තාත්තට ඕන විලාසිතානෙ ඒ කාලේ අපට කරන්න වෙන්නෙ. දෙන දෙයක් ඇන්දා. ටීෂර්ට්වලට එහෙම කැමැතියි.

තිබුණ බලාපොරොත්තු
ඕලෙවල් කරන කාලේ ඉඳලා පුංචි නළු පිස්සුවක් තිබුණා. ඒත් ඒවා ක්‍රියාත්මක කරගන්න විදියක් තිබුණෙ නෑ. අමතර දේවල්වලට අම්මා තාත්තාගෙන් සපෝර්ට් ඇත්තෙම නෑ.
ඉගෙනීමම විතරයි. හැමෝම කියනවා ඔයා නම් හරි යන්නෙ නළුවෙකුට කියලා.
එතකොට මගේ බලාපොරොත්තු දෙගුණ තෙගුණ වෙනවා. කොහොම හරි ඒ කාලේ තිබුණ බලාපොරොත්තුව ඉටු වුණ එක ගැන ගොඩක් සතුටුයි.

දුක හිතුන අවස්ථා
මගේ නළු පිස්සුව නවත්තන්න A/L කරපු ගමන් තාත්තා මාව බැංකුවක ජොබ් එකකට දැම්මා.
මම අවුරුදු 4 ක් ඒක කළා. සති අන්තෙ රඟපාන්න යනවා ගෙදරට හොරෙන්. කේ. ඩබ්ලිව්. පෙරේරා මහත්තයාගේ ෆිල්ම් එකක පුංචි චරිතෙකට මම තේරිලා ගල්කිස්සෙ ෂූටින්වලට ගියා. ඉවර වෙද්දි ? එකයි. පාරට එන්න කිලෝමීටර් 2 ක් විතර එන්න ඕන.
මම වාහන තියෙන හැමෝගෙන්ම ඇහුවා මාව පාරට එක්ක යන්න පුළුවන්ද කියලා.
කිසි කෙනෙක් මාව ගණන් ගත්තෙ නෑ. මම පයින් ආවා. වාහන මාව පහු කරගෙන ගියා. බස් නැතුව බෑග් එක බිම තියාගෙන ස්ටෑන්ඩ් එකේ වාඩි වෙලා හිටියා එදා මට ඇඬුණා. උදේ 5 යි බස් එකක් එනකොට.

සැබෑ නොවුණ හීන
මට තිබුණ එකම සහ ලොකුම හීනෙ රංගන ශිල්පියෙක් වෙන්න ඕන කියන එකනෙ ඒක ඉෂ්ට වුණා.
ජීවිතේ මම බලාපොරොත්තු වුණ හැමදේම මට ඒ විදියට ලැබුණා.

අමතක නොවන සිදුවීම්
මම ෆීල්ඩ් එකට එද්දි මුල්ම කාලෙ මගේ ප්‍රේම සම්බන්ධයක් තිබුණා. අපි බොහොම ආදරයෙන් හිටියා. නොහිතපු විදියට එයා ජීවිතෙන් සමුගත්තා.
මේ සිද්ධියත් එක්ක කිසිම පදනමක් නැතුව කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව බොහෝ දෙනෙක් මට චෝදනා එල්ල කරා මම නිසයි ඒ දේ සිද්ධ වුණේ කියලා.
ඒක එයාලගේ ගෙදරින්වත් මට එල්ල නොකරපු චෝදනාවක්. මම ආදරය කරපු කෙනා ජීවිතයෙන් සමු අරගෙන ඉන්න වෙලාවෙ ඒ විදියේ අස්ථාන චෝදනාවකට ලක් වෙන්න සිද්ධ වෙච්ච එක මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.
මම ටික කාලයක් ෆීල්ඩ් එකෙනුත් අයින් වෙලා හිටියා හැමදේම එපා වෙලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!