Gossip

“අප්පච්චි… වීඩියෝ එකට ඉන්න ඕනෙමයි කියලා කියද්දි මම කවදාවත් හිතුවේ නෑ ඔයාව මේ විදියට මේ සින්දුවට ගන්න”- පියාගේ දේහය ඉදිරියේ පුතු ගායනා කරපු ගීතයෙන් බුකියම සංවේදී වෙයි

තමන් වැදුව අම්මයි තමන්ව හැදුව තාත්තායි කියන්නේ මේ ලෝකේ අපි හැමෝටම වටින දෙයක්.

ඉතිං ඒ දෙන්නා අපෙන් සමුඅරන් යන දවස ගැන හිතන්න කාටවත් බැරිවේවි.

අපි මේ කියන්න යන්නේ ෆේස්බුක් තුළ දකින්නට ලැබුණු ඉතාමත් සංවේදී සිදුවීමක් ගැන.

ඒ තමයි තමන්ගේ පියාගේ වියෝව හමුවේ තරුණයෙක් සංවේදී ගීතයක් ගායනා කරන අයුරුයි.

ඉතිං මේ වීඩියෝව බොහෝ දෙනෙකුගේ දෙනෙතට කඳුලක් එක්කරනු නොඅනුමානයි.

පියාගේ බලොපොරොත්තුවක් වී තිබුණු සිහිනයක් මෙලෙස සැබෑ කරන්නට සිදු වූ අයුරු ගැන ඔහු ෆේස්බුක් සටහනක් යොදා තිබුණේ මෙලෙසින්.

“මයෙ අප්පච්චි වෙනුවෙන්ම ලියපු අප්පච්චි වෙනුවෙන්ම මම කියපු මයෙ අප්පච්චිගෙ ආසම සින්දුව..මයෙ අප්පච්චිගෙ සින්දුව..වීඩියෝ එකට ඉන්න ඕනෙමයි කියලා කියද්දි මම කවදාවත් හිතුවේ නෑ ඔයාව මේ විදියට මේ සින්දුවට ඔයාව ගන්න..ඒත් ඔයා ඉක්මන් උනා..ඒ ආසාව වෙනුවෙන් ඔයා දීපු හයිය අරන් මුලු සින්දුවම කිව්වේ ඔයාම වෙනුවෙන් අප්පච්චියේ..අවසන් මොහොතේ ඔයාගෙ මුණ දිහා බලන් මේ සින්දුව කියපු මගෙ හිතට දැනුන දේවල් කවමදාකවත් කිසිම කෙනෙක්ට හිතාගන්නවත් බෑ අප්පච්චි..සුබ ගමන්..අප්පච්චිගෙ හීනෙ වෙනුවෙන් මම මේක හැමෝටම බලන්න දෙනවා..ඒක මයෙ අප්පච්චිගෙ ලොකුම හීනයක්…එයාගෙ සින්දුවේ එයා ඉන්නම ඕනෙ..බුදුසරණයි අප්පච්චි..ආදරෙයි මම..”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!