Gossip

අනුෂ්කා සහ සුපිරි ක්‍රීඩක කෝලිගේ විවාහයේ තොරතුරු එළියට – දිනය අවිනිශ්චිතයි, හෝටලය ස්ථිරයි, වැඩිම අයකිරීමක් සිදුකරන තැනක්

ඉන්දු ශ්‍රී ලංකා එක්දින තරගාවලිය අස්සේ නිතර ඇහෙන දෙයක් තමයි සුපිරි ක්‍රීඩක විරාත් කෝලිගේ විවාහය.
බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලිගේ විවාහ මංගල උත්සවය සඳහා ඔවුන් දෙදෙනාම ඉතිලියට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම මංගල උත්සවයට දෙදෙනාගේම පවුලේ සමීපතම හිතවතුන් පමණක් සහභාගී වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
Borgo Finocchieto නම් හෝටලයේ ඔවුන්ගේ විවාහ මංගල උත්සවය පැවත්වෙන බවත් සඳහන්.
මෙම හෝටලයේ හිටපු ඇමරිකානු ජනපති බැරැක් ඔබාමාද මෙහි නවාතැන් ගෙන ඇති බව සඳහන් වන අතර ෆෝබ්ස් සඟරාවට අනුව ලොව දෙවන වැඩිම අය කිරීමක් කරනා නිවාඩු නිකේතනයද මෙයයි.
මෙම මංගල උත්සවය හෙට පැවැත්වීමට නියමිත අතර ඇතැම් ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන පරිදි එම දිනය දෙසැම්බර් 15 වෙයි.
මෙම විවාහය ඔවුන්ගේ ජීවිත වලට බොහෝ සර්ථකත්වයන් ලබාදෙන බවද යම් යම් ආරවුල්ද ඇතිවිය හැකි බවද ඉන්දියානු ජෝතිෂ්‍යවේදියකු සඳහන් කර තිබෙනවා.

ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!