Gossip

අනුෂ්කා ශර්මා ගැබ් ගනියි – කෝලිට සමාජ මාධ්‍ය හරහා සුබ පැතුම් ගොන්නක්

පසුගිය දිනවල දැඩි ලෙස කතාබහට ලක්වූ දෙයක් තමයි විරාත් කෝලි – අනුෂ්කා ශර්මාගේ විවාහය ගැන.

ඉතින් බොලිවුඩයේ ජනප්‍රිය යුවළක් වන මේ දෙදෙනා ගැන නැවතත් අලුත් ආරංචියක් පැතිරෙන්න අරන් තියෙනවා.

ඒ අනුෂ්කා ගැබ් ගෙන ඇති බවටයි.

මේ නිසා සමාජ මාධ්‍ය හරහා මේ යුවළට ඔවුන්ගේ මිතුරන්ගෙන් සුබ පැතුම් විශාල ප්‍රමාණයක් ලැබී තිබුණා.

මෑතකදී විරාට් කෝලි විසින් සිය ටිවිටර් ගිණුම හරහා පළ කර තිබූ අදහසකට අනුව ඔවුන් මෙලෙස උපකල්පනය කර ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

ඒ අනුව කෝලි කියලා තිබ්බේ මෙහෙමයි..”There’s a lot that’s happening right now. Fill you guys in real soon!”

මෙම අදහස කියවපු ඔහුගේ සමාජ මාධ්‍ය මිතුරන් අනුෂ්කා ගර්භනී තත්වයට පත්ව ඇති බවට උපකල්පනය කරලා අනාවැකි කියන්න පටන් අරන් තිබුණා.

කෙසේ වෙතත් මෙය උපකල්පනයක්ම පමණක් බවත් අනුෂ්කා ගැබ් ගෙන නොමැති බවත් ඉන්දීය මාධ්‍යවල පළවී තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!