Gossip

අනියම් පෙමට බාධාවක් වුණා කියලා දස හැවිරිදි දරුවාටා වස දුන්නු මවට සහ අනියම් සැමියාට වැඩ වරදී..

අනියම් පෙමට බාධාවක් වූ දස හැවිරිදි පුතුට වස පොවා සැඟවී සිටි මවක හා ඇගේ අනියම් සැමියා කොත්මලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අනියම් සැමියා නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේදී මහෙස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය විසින් ඔහු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා මෙම මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේ පදිංචි දස හැවිරිදි දරුවකුට විෂ සහිත දියරයක් පානය කිරීමට දීමෙන් එම දරුවා කොත්මලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පොල රෝහල වෙත යවා තිබුණා.මෙම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් මඟ තොටේදී හමු වූ 30 හැවිරිදි පුද්ගලයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනඟා ගෙන අනියම් ඇසුරක් පවත්වා ගෙන ගොස් තිබුණා.විවාහක 40 හැවිරිදි මෙම කාන්තාවට දරුවන් තිදෙනකු සිටින අතර වැඩිමහල් දියණියන් දෙදෙනාම විවාහ වී වෙනත් ප්‍රදේශවල පදිංචිව සිටිනවා.ඇගේ සැමියා පිට ප්‍රදේශයක රැකියාවට යන අතර අද නිවසේ සිට ඇත්තේ දස හැවිරිදි මෙම පිරිමි දරුවා සමඟයි.ඒ අතර මෙම අනියම් සැමියා සමඟ ඇය දිගටම ඇසුර පවත්වා ඇති අතර ඔවුන්ගේ මෙම ඇසුරට පුංචි පුතු බාධාවක් වී තිබෙනවා.ඒ අනුව පසුගිය මස 8 වැනිදා මෙම අනියම් සැමියා මෙම පුතුට විෂ සහිත යමක් පානය කිරීමටදී ඇති අතර එයින් ඔහු බරපතළ ලෙස රෝගී වීම නිසා මෙසේ රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.ඒ සමග මෙම අනියම් යුවළ ද නිවසින් අතුරුදන්ව ඇති අතර පොඩි පුතුගේ කට උත්තර අනුව ඔවුන් සොයා ගැනීම සඳහා කොත්මලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. ඒ. ප්‍රේමලාල් මහතා ඇතුළු කණ්ඩායමක් පුළුල් පරීක්ෂණයක් අරඹා තිබුණා.ඒ අතර මෙම කාන්තාව යළි ගමට පැමිණ ඇති අතර ඇගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් දෙදෙනා කටුගස්තොට ප්‍රදේශයේ සිටි බව අනාවරණය වී ඇති අතර අනියම් සැමියා අඹේවල පට්ටිපොල ප්‍රදේශයේ ඥාති නිවසකට ගිය බව ද හෙළි වී තිබෙනවා.ඒ අනුව සිද්ධියෙන් දින 24 කට පසු මෙම අනියම් සැමියා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති අතර ඔහු මෙසේ 2 දා සවස නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.මෙම දරුවාට දී ඇති විෂ වර්ගය හඳුනා ගැනීම සඳහා එහි කොටස් රස පරීක්ෂකවරයා වෙත යැවීමට කොත්මලේ පොලිසිය පියවර ගෙන තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!