Gossip

අනියම් පෙමක සැකය ඝාතනයකින් කෙළවර වෙයි – මිතුරාව ඝාතනය කළ පුද්ගලයාට මරණ දඬුවම

තම මිතුරාව ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙක්ට මරණ දඬුවම නියම කිරීමේ සිද්ධියක් ගම්පහ මහාධිකරණයෙන් වාර්තා වුණා.

ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අදාළ චූදිතයාට මරණ දණ්ඩනය නියම කළා.

2006 වසරේදී තම මිතුරෙක්ව නිදියහනේදී ගෙලකපා ඝාතනය කළ බවට මහින්ද රත්නායක නමැති එම විත්තිකරුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණා.

චූදිතයා 42 හැවිරිදි, ආණමඩුව මහදිවුල්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වතුපිටිවල, යටියන ප්‍රදේශයේ පිහිටි තාවකාලික නවාතැන්පොළකදී එවකට 22 වියේ පසුවූ චමින්ද බණ්ඩාර නමැත්තාව 2006 නොවැම්බර් 30 වනදා හෝ ඊට ආසන්න දිනකදී ඝාතනය කර තිබූ බව අධිකරණයේදී හෙළිවුණා.

විත්තිකරු සහ මරණයට පත්කර තිබූ පුද්ගලයා එකම ස්ථානයක සේවය කර තිබූ අතර විත්තිකරු විවාහ වී තිබුණේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ඥාති සහෝදරියක් සමගින්.

එම තැනැත්තිය සහ මරණකරු අතර අනියම් සම්බන්ධයක් ඇති බවට ඇතිවූ සැකය මත එම ඝාතනය සිදුකර ඇති බවට මහාධිකරණයේදී අනාවරණය වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!