Gossip

අනියම් ඇසුර දුරදිග ගොස් ගින්නකින් කෙළවර වෙච්ච හැටි

යටිනුවර සූරියගොඩ ප්‍රදේශයේ කාන්තාවකගේ නිවසට ඇගේ අනියම් සැමියා බවට පැවසෙන පුද්ගලයෙකු විසින් ගිනි තබා පලාගොස්‌ ඇති බව පේරාදෙණිය පොලිසිය පවසනවා.

52 හැවිරිදි මෙම කාන්තාව තිදරු මවක්‌ වන අතර සැමියා ඇය හා දරුවන් අතහැර දමා යෑම හේතුවෙන් ඇය මෙම අනියම් ඇසුර අරඹා ඇති බවයි වාර්තා වන්නේ.‍

කෙසේවෙතත් ඇයගේ මෙම ක්‍රියා කලාපයට විරුද්ධ වූ දරුවන්ද ඇය අතහැර දමා ගොස්‌ තිබෙනවා.

අනියම් සැමියා හා ඇය මෙම නිවසේ සිටින අතර මෙම කාන්තාව තවත් අනියම් පෙම්වතකු සොයාගෙන ඇති බවට සැක පහළවී අනියම් සැමියා කාන්තාවට පහරදී බහින් බස්‌වී ඇය නිවසින් පන්නා දමා නිවසට ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

කාන්තාවගේ කෑ ගැසීම නිසා අසල්වැසියන් පැමිණ බැලීමේදී ගිනි ගන්නා ගෙයි එක්‌ කාමරයක්‌ තුළ දැඩිසේ බීමතින් සිටි අනියම් සැමියා දැක ඔහුට පහරදී පොලිසියට දැන්වීමට කටයුතු කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!