Gossip

“අනාගතයේ නැවතත් අපි පෙම්වතුන් වෙන්න බැරිකමක් නෑ”- කාවින්ද්‍යා සමග ඇති පෙම බිඳ වැටුණු ගයාන් මාධ්‍යයට කිව්ව දේ

ගයාන් ගුණවර්ධන හා හා පුරා රටම හඳුනාගත්තේ ප්‍රවීණ ජනප්‍රිය ගායක නුවන් ගුණවර්ධනගේ පුතු ලෙසිනි. පිය උරුමයෙන් ගායනයට පිවිසි ඔහු පියාගේ ගී තුළ නොරැඳී තමාගේම හැකියාව තුළින් ගායකයකු ලෙස ජනප්‍රියත්වය ලැබූ අතර ටෙලි නාට්‍ය පසුබිම් ගායනයටද යොමුවිය. ගායන හැකියාව සමගම උපතින් උරුම වූ කඩවසම් රුව ඔහුට නළුකමේ දොරටුවද විවර කර දුනි. එසේම ඔහු මේ වන විට නිවේදනයටද පිවිස ඇත. මේ සියලුම දක්ෂතා ඔස්සේ දිගු ගමනක යෙදෙන ගයාන් ගැනයි මේ.

ගයාන් ගායකයෙක් විදියට ක්ෂේත්‍රයට එකතු වුණාට අද වනවිට වැඩි ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉන්නේ නළුවෙක් විදියට?
එහෙම කිව්වට වැරදි නැහැ. මගේ පළමු ටෙලි නාට්‍යය වගේම මේ දවස්වල විකාශය වන හුස්මක් තරම් ටෙලි නාට්‍යය තුළින් මට ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට යන්න ලැබුණා.

දිගින් දිගටම නළුවකු විදියට කාර්ය බහුල වුණොත් ඉබේම ගායනය යටපත් වේවිද?
මගෙ තාත්තා නුවන් ගුණවර්ධන ප්‍රවීණ දක්ෂ ගායනයෙක්. මට ඕනෑ වුණේ තාත්තා වගේ දක්ෂ ගායකයෙක් වෙන්න. තාත්තාගේ ගීත මුලදි ගැයුවත් පස්සෙ මම මගේම ගීත ගැයුවා. ටෙලි නාට්‍ය පසුබිම් ගායනයට පවා ඒ ඔස්සේ එන්න මට හැකිවුණා. ඔය අතරේ තමයි මම රංගනයට ආවේ.

නිවේදනයටත් යොමුවුණා. මම මේ වෙද්දි කිසිම වෘත්තියක නියැළෙන්නෙ නැහැ. සම්පූර්ණ කාලය වෙන්කරල තියෙන්නේ ගායනයට, රංගනයට හා නිවේදනයට. ඔය සියලුම අංශ දියුණු කරගෙන ඉදිරියට යන්නයි මට ඕනෑ. හැබැයි ඉතින් හැමදාම මුල්තැන දෙන්නේ පරම්පරාවෙන් උරුම වූ සංගීතයට. ඒ හින්දා කවදාවත් ගායනය නම් යටපත් වන්නේ නැහැ.

ඔබ මේ රටේ ජනප්‍රිය නව යොවුන් කලාකාරියක සමග පෙම්දමක් තිබූ බව ප්‍රසිද්ධ රහසක්. ඒ පෙම්දම බිඳී ගිය බවත් අද හැමෝම දන්නවා..?
ඔය දෙකම ඇත්ත. කාලයක් ඇයයි මමයි හොඳ යාළුවෝ විදියට හිටියා. ඊට පස්සෙ ආදරවන්තයන් වුණා. දෙපාර්ශ්වයේම ආශිර්වාදයත් ලැබුණා. ඒත් අපි අතර තියෙන නොගැළපීම් අපිට දැනුණේ ආදරවන්තයන් වූ පසුව. ඊට පස්සේ අපි කතාබහ කරලා වෙන්වුණා. හැබැයි අදටත් අපේ යාළුකම තියෙනවා.

පෙම්දමක් බිඳී ගියාට පස්සේ යාළු මිත්‍රයන් විදියට ඒ ඇසුර ගෙනියන්න පුළුවන්ද?
ඇයි බැරි … පණ වාගේ ආදරය කරලා වෙන්වුණාට පස්සේ දෙන්නට දෙන්නා වෛර කරගන්න අය ඉන්නවා. ඒක වැරදියි. බැඳීම් ඇතිවනවා නැති වනවා. ඒක අපි වටහාගත යුතුයි. අපි අදටත් හොඳ යාළුවො. පසුගියදා රටේ ඇතිවූ කලබලකාරී අවස්ථාවලදීත් ඇය මට දුරකථනයෙන් කතා කරලා මම කොහෙද ඉන්නේ ප්‍රශ්නයක් නැද්ද කියලා හොයලා බැලුවා.

බැඳීම් වෙනස් වෙනවා. මිතුදම පෙම් දමකට හැරිලා ඒ පෙම්දම බිඳිලා ආයේම මිතුරන් වූ ඔබලාගේ ඔය මිතුරු බැඳීම අනාගතේ දවසක ආයෙමත් ආදරයකට වුණත් හැරෙන්න බැරි නෑ නේද?
අනාගතයේ නැවතත් අපි පෙම්වතුන් වෙන්න බැරිකමක් නෑ. අනාගතේ ගැන දැන් අනාවැකි කියන්න බෑනේ. ඒත් දැනට නම් එහෙම දෙයක් අපි දෙන්නගේම නෑ. දැන් අපි හොඳ යාළුවෝ විතරයි.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!