Gossip News

අන්සතු බැංකු කාඩ්පත්වලින් කෝටි ගණන් මුදල් අරන් – සැකකරු අත්අඩංගුවට

අන්සතු බැංකු කාඞ්පත්වල විස්තර ලබාගෙන වවුනියාවේ බැංකුවලින් රුපියල් කෝටි ගණනක මුදල් ඒ.ටී.එම්. යන්ත‍්‍රවලින් ලබාගත් පුද්ගලයකු පෙරේදා (16 )දා වවුනියාව පොලිසියේ විශේෂ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැදවච්චිය, ඇටවීරගොල්ලෑව ප‍්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි මොහු වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ මෙම වංචනික ක‍්‍රියාව සිදුකොට ඇතත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි වී නොමැත.

ගිණුම් හිමියන්ගේ කාඞ්පත්වල විස්තර ඉතා සූක්ෂම අන්දමට ලබාගෙන ව්‍යාජ ලෙස සකස් කරන ලද කාඞ්පත්වලින් මේ අන්දමට සැකකරු මුදල් ලබාගෙන තිබේ.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වවුනියාව පොලිසිය පියවර ගෙන තිබේ.
 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!