Gossip

අද රැලියට කට්ටිය ගේන්න බෑ කියපු නිසා කිහිලිකරුවක් කැඩෙනකම් පහර දීලා -හිටපු රාජ්‍ය ඇමතිගේ නිවසේ වෙච්ච ආන්දෝලනාත්මක සිද්ධිය මෙන්න

වෙන්නප්පුවේ පිහිටි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු හිටපු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ නිවසේ ඇති වූ බහින්බස්‌වීමකදී වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්‌සත් ජාතික පක්‍ෂ මහජන නියෝජිතයකු විසින් එම පක්‌ෂයම නියෝජනය කරන තවත් මහජන නියෝජිතයකුට පහරදී තිබුණා.

බරපතළ තුවාල ලැබූ ඔහු මාරවිල රජයේ රෝහලට ඇතුළත් කෙරුණා.

පසුගිය 28 වන ඉරුදින පෙරවරු 9.00 ට පමණ රාජ්‍ය අමාත්‍යවරයාගේ වෙන්නප්පුව නිවසේ දොරටුව අසලදී සිදුව ඇති මෙම පහරදීමට ලක්‌ව ඇත්තේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ අරුණ ශාන්ති විඡේතුංග (එජාප) මහතා වන අතර පහරදීම සිදුකර ඇත්තේ පියල් ප්‍රියන්ත පෙරේරා (එජාප) මහතා බව රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

මෙම සිද්ධිය සැලවූ විගස පහරකෑමට ලක්‌වූ අරුණශාන්ති විඡේතුංග මහතාගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු මෙසේ සඳහන් කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්පූර්ණ ඇත්ත. මම එය තරයේ හෙළා දකිනවා. පක්‌ෂය වෙනුවෙන් දරදිය ඇද්ද පක්‌ෂ නායකත්වයට හිසනැමූ මට අප පක්‌ෂයේ පුත්තලම් දිස්‌ත්‍රික්‌ක කාර්යාලයේදීම නිරපරාදේ පහරකෑමට සිදුවූ අතර පහරදුන් අය කළේ තිරිසන් ක්‍රියාවක්‌ සේම පක්‌ෂයටම කළ නින්දාවක්‌. කශේරු ආබාධයකින් පෙළෙමින් ශල්‍යකර්මයට ඉදිරිපත්වීමටයි මම සිටියේ. මටයි පහරදුන්නේ රටේ පවතින දේශපාලන අර්බුදයේදී පක්‌ෂය වෙනුවෙන් මට කළ හැකි දෙයක්‌ කිරීමට ඇද්දැයි දැනගන්නට මම පෙරවරු 08.45 ට පමණ වෙන්නප්පුවේ රාජ්‍ය ඇමැති කාර්යාලයට ගියා. එහි යනවිට ඇමැතිතුමාගෙ පෞද්ගලික ලේකම් ශ්‍රීලාල් ප්‍රනාන්දු මහතා සිටියා. ඔහු මට කීවා අඟහරුවාදා කොළඹ යැමට 20 ක්‌ පමණ සෙනගක්‌ කැටුව ආයුතු බව. මගේ ශල්‍යකර්මය අතළඟ නිසා මම කීවා මට මේ මොහොතේ නම් එක අමාරු වැඩක්‌ කියා. එම ස්‌ථානයේ සිටි පියල් ප්‍රියන්ත යන මහජන නියෝජිතද අපේ කතාවට සම්බන්ධ වී නිරපරාදේ මට දොස්‌ කීවා. ඔහු නිරපරාදේ රෝගී මට බැණවදින නිසා මම කීවා මෙතන රියදුරෙක්‌ව සිටින ඔයා එහෙම දොස්‌ කියන්න එපා මින් ඉදිරියට මම නිලධාරීන් හමුවන්න මෙම කාර්යාලයට නොඑන බවද කීවා. එසේ පවසනවාත් සමගම පියල් ප්‍රියන්ත යන අය අසල තිබූ කිහිලිකරුවකින් එය කැඩෙනතෙක්‌ මට බිම වැටෙනතෙක්‌ හොඳ හැටි පහර දුන්නා. අන්ත අසරණ වූ මම ගිලන් රථයක්‌ ගෙන්වාගෙන මාරවිල රෝහලට ඇතුළත්ව 03 වන වාට්‌ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියා. රෝහල් පොලිසිය මගෙන් කට උත්තරයක්‌ පවා ගත්තා. කෙසේ වෙතත් රටේ අස්‌ථාවර තත්ත්වය හා පක්‌ෂය වෙනුවෙන් සිතා රෝහලෙන් ටිකට්‌ කපා පිටතට එන්නැයි පක්‌ෂ බලධාරීන් දිගින් දිගටම කළ ඉල්ලීමට කන්දෙමින් මම මගේම කැමැත්තෙන් රෝහලෙන් ටිකට්‌ කපාගෙන නිවසට ආවා. මම රෝහලෙන් ආවත් මට සිදුවුණ දේ දැන් සිදුවී අවසානයි. පක්‌ෂයට ගරු කිරීමක්‌ ලෙසින් මම රෝහලෙන් පිටව ආවත් ඉදිරියේදී අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ශ්‍රීලාල් ප්‍රනාන්දු මහතා මට නිරපරාදේ දොස්‌ කීම ගැනත් කිහිලිකරුවක්‌ කැඩෙනතෙක්‌ නිරපරාදේ පහරදුන් අය සම්බන්ධවත් වහාම විධිමත් පරීක්‌ෂණයෙන් පවත්වා වරදකරුවන්ට නිසි දඬුවම් ලබාදෙන ලෙස මම එක්‌සත් ජාතික පක්‌ෂයෙන් හා පක්‌ෂ නායකත්වයෙන් ඉල්ලන බවද අරුණශාන්ති මහතා දැඩි වේදනාවෙන් යුතුව පවසා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!