Gossip

අගමැති වෙනස් වෙයිද..? ආන්දෝලනාත්මක කතාව මෙන්න

අග්‍රමාත්‍ය තනතුරෙහි කිසිඳු වෙනසක් සිදුනොවන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.

හිටපු ජනාධිපතිනිය මේ බව කියා සිටියේ මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර විශ්වාසභංග යෝජනාවේ දී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද ඊට පක්ෂව ඡන්දය භාවිත කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අග්‍රමාත්‍යවරයාට සහය පල කරන බවට අත්සන් තැබූ මන්ත්‍රීවරුන්ද විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට සූදානම් බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ පක්ෂයේ කුමන අඩුපාඩු පැවතිය ද විශ්වාසභංගයේ දී යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කරන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!