Gossip

අගමැතිට මොකද වෙන්නේ..? ආණ්ඩුවේ ඇමතිවරු විශ්වාසභංගයට අත්සන් කරයි – විස්තරේ මෙන්න

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වංසභංගයට ආණ්ඩුවේ ඇමතිවරු කිහිපදෙනෙක්ද අත්සන් කර තිබෙනවා.
ටී. බී ඒකනායක, නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන් හා වවුනියාව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් සහ සුසන්ත පුංචිනිලමේ යන නිදහස් පක්ෂ සාමාජිකයන් අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.
මන්ත්‍රීවරුන් 55 දෙනෙකු විසින් අත්සන් තබන ලද විශ්වාසභංග යෝජනාවක් පස්වරු 2.30 ට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කථානායකතුමන් වෙත බාර දී තිබෙනවා.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් සහභාගීවූ බවද සඳහන්.
මෙම විශ්වාසභංග යෝජනාව සඳහා එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 51ක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 4 දෙනෙක් අත්සන් කළ ඇති බවයි වාර්තා වුණේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!