Health & Beauty

ගැබිණි මව්වරුන්ට ඉස්සෝ කෑම සුදුසුද..?

ඉස්සෝ කෑම ගැන හුඟක් අය අතර විවිධ මත තියෙනවා.
කාන්තාවක් ගැබ් ගත්තම එක එක කෑම වර්ගවල රස බලන්න ආසාව ඇතිවෙනවා.
ඉතිං මේ ඉස්සෝ ආහාරයට ගන්නත් සමහර ගැබිණි මව්වරුන්ට ආසාවක් එන්න පුළුවන්.
සමහරු ආසාව ආවට කෑම වර්ග පාවිච්චියට ගන්න බයක් දක්වනවා.
ඒකට හේතුවක් තමයි ඉස්සෝ කියන්නේ උෂ්ණ අධික කෑමක් කියලා හැමෝම හිතන නිසා.
සමහරුන්ට විවිධ ආසාත්මිකතා ඇති වෙන්නත් පුළුවන්.
ඒ නිසාම අපි බලමු ගර්භණී මවක් ගැබිණි සමයේ ඉස්සෝ කෑම ආරක්ෂිතය නැද්ද කියන කාරණාව ගැන.

ගැබිනි සමයේ ඉස්සෝ කෑම සුදුසුද..?
ගැබිනි සමයේ සමහර මුහුදු ආහාර ගන්න එපා කියලා විශේෂයෙන්ම කියනවා.
ඒත් අපිරිසිදු, දූෂිත නොවුන ජලය ඇති තැනකින් ලබා ගන්නා ඉස්සන් හොඳින් පිස ගැනීමෙන් අනතුරුව ආහාරයට ගැනීමේ කිසිම ගැටලුවක් මතු වන්නේ නෑ.
නමුත් පමණ ඉක්මවා කන්න නම් එපා.
ආසාවට ටිකක් කෑවට ගැටලුවක් මතු වෙන්නේ නෑ. නමුත් සමහර ගැබිනි මව්වරුන් ආසාත්මිකතා දක්වන නිසා වෛද්‍ය උපදෙස් ඇතුවම ඉස්සන් කෑමට ගැනීම උචිතයි.

ගැබිනි සමයේ ඉස්සෝ කෑමෙන් සෞඛ්‍යමය වාසි ලැබෙන්නේ මේ විදිහට.
ඉස්සෝ කියන්නෙ රසවත් ආහාරයක්. ඊට අමතරව ඉස්සන් කියන්නේ පෝෂණ ගුණයෙන් අධික ආහාරයක්. විටමින්, ඛණිජ ලවණ වලින් පොහොසත්, අම්මලා වෙන්න ඉන්න අයට හොඳ පෝෂණයක් ලබා දෙන ආහාරයක්.

ප්‍රෝටීන් වලින් පිරුණු ඉස්සන්
ඉස්සන් කියලා කියන්නේ ගැබිනි සමයේ ප්‍රෝටීන් ලබා ගන්න හොඳ මූලාශ්‍රයක්. ගැබිනි සමයේ ප්‍රෝටීන් බහුල ආහාර වැඩියෙන් ගැනීම රුධිර ගත සීනි ප්‍රමාණය ස්ථිර මට්ටමක පවත්වා ගැනීමට උදව් වෙනවා. ඒ නිසා ගැබිනි කාකයේ දියවැඩියා තත්වයන්ගෙන් පරිස්සම් වීමටත් ගැබිනි සමයේ ඉස්සෝ කෑම වැදගත්.
ඉස්සන්ගේ කැලරි අඩු නිසා අනවශ්‍ය ලෙස බර වැඩි වෙන්නෙත් නෑ.

විටමින් වලින් පොහොසත් ඉස්සෝ
ඉස්සෝ කියන්නේ විටමින් D, විටමින් B12, යකඩ, සින්ක්,පොස්පරස්, අයඩීන්, තඹ කියන පෝෂණ සංඝටක වලින් යුතු ආහාරයක්. ගැබිනි සමයේ ඉස්සෝ කෑම නිසා මේ කාලයේ සිරුරට අවශ්‍ය වන ප්‍රතිශක්තිය නොඅඩුවම ලැබෙනවා.
ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්ථියේ මනා ක්‍රියාකාරීත්වයට වගේම මොළයේ වර්ධනයටත් වැදගත්. එමෙන්ම දත් සහ අස්ථි ශක්තිමත් කරනවා.
අනිකුත් පෝෂණ සංඝටක වලිනුත් පොහොසත් ඉස්සෝ
ඉස්සන්ට තියනව මැජික් පෝෂණයක්. ඉස්සෝ කෑවාම අපේ ඇඟට ඒ පෝෂණය ඉතාම ඉක්මනින් උරා ගන්නවා.
වෙන ආහාර වගේ ගොඩාක් වෙලාව යන්නේ නෑ. ඒ වගේම ඉස්සන්ට තියනවා අපේ ශරීරය ආරක්ෂා කරන්න වගේම සුව කිරීමේ බලයක්.

ගැබිනි සමයේ ඉස්සෝ කෑම”
ඉස්සන්ගේ තියන සෙලීනියම් කියන ප්‍රතිඔක්සිකාරකය අපේ සිරුරේ සෛල විනාශ වීමට එරෙහිව සටන් කරනවා.
ඒ වගේම සමහර පිළිකා වලටත් එරෙහිව සටන් කරනවා. ඉස්සන්ගේ තියන ඇමයිනෝ අම්ල අලුත් සෛක නිපදවන්නටත්, හානි වූ සෛල නැවත පිළිසකර කරන්නටත් උදව් වෙනවා.

කැලරි අඩු ඉස්සෝ
ගැබිනි සමයේ බර වැඩි කර ගන්න ඕනි උනත් අනවශ්‍ය විදියට බර වැඩි වීමත් ප්‍රශ්නයක් නේ. නමුත් ගැබිනි සමයේ ඉස්සෝ කෑම නිසා නිරෝගී විදියටයි බර වැඩි වෙන්නේ. අනවශ්‍ය මේදය නැති නිසා.
ඔමේගා – 3 වලින් පොහොසත් ඉස්සෝ
ඔමේගා – 3 බහුල ආහාරයක් තමයි ඉස්සෝ කියලා කියන්නේ. අධ්‍යනයන්ගෙන් හොයාගෙන තියෙනවා ඔමේගා -ඇස් වලවර්ධනයට සහ කළලයේ ස්නායූ වර්ධනයට වැදගත් කියලා.
බබා කුසේ ඉන්න කාලේ ඉස්සෝ කෑම අහිතකරයිද? ඒ නිසා ඉස්සෝ කෑමෙන් වළකින්න ඕනිද?

කලිනුත් අපි කතා කලා වගේ ගැබිනි සමයේ ඉස්සෝ කෑමට ගැනීම නිසා සෞඛ්‍ය වාසි රැසක් ලැබෙනවා. නමුත් මුහුදු ආහාරයක් නිසා, ආසාත්මික වෙන්නටත් ඉඩ තියන නිසා ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව ආහාරයට ගන්නවා නම් ඒක තමා වඩාත්ම සුදුසු.
එහෙම නැත්නම් ඉතාම පුංචි ප්‍රමාණයක් ආහාරයට ගෙන බලන්නට වෙනවා ඔබේ සිරුර ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා.
ආසාත්මිකතාවයක් නැත්නම් කිසිම ගැටලුවක් නෑ. එයින් ඔබට සහ කුසේ ඉන්න දරුවාට ලැබිය හැකි සෞඛ්‍ය වාසි ලැබිය හැකියි.
කොහොම උනත් ඔබ කලින් ඉස්සන් කාලා නැත්නම්, ගැබිනි සමයේ මුල්ම වතාවට කන්න හදනවා නම් වෛද්‍ය උපදෙස් ගන්න එක අනිවාර්යයෙන්ම කරන්න. අලුත් ආහාර අත්හදා බලන්නට සුදුසු කාලයක් නොවෙයි ගර්භනී සමය කියන්නේ.
සමහර ගැබිනි මව්වරුන්ට ඉස්සන් ආසාත්මික වීමේ අවධානමක් තියෙනවා. ඒ වගේ අය මේ දේවල් ගැන කල්පනාවෙන් ඉන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!