Gossip

ගැහැණු Jeans අඳින නිසයි භූමිකම්පා සිදුවෙන්නේ

ගැහැණු ඩෙනිම් කලිසම් ඇඳීම හේතුවෙන් භූමිකම්පා වැනි අපල උපද්‍රව ඇති වන බව පකිස්ථානයේ Jamiat Ulema-e-Islami Fazl (JUI-F) පක්ෂයේ නායක මවුලානා ෆස්ලූර්  රහ්මන් මහතා පවසනවා.

එසේම ඩෙනිම් කලිසම් පැළඳගෙන පකිස්ථා‍යේ තුළ සැරිසරන කාන්තාවන් ආරක්ෂක අංශ  විසින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසද ඒ මහතා එරට පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කියා ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙනවා

ඒ එගේම පකිස්ථානට අපල උපද්‍රව වගේ ප්‍රශ්න  දිගින් දිගටම මතුවෙමින් පවතින්නේද ගැහැණු ‍එරට තුළ ඩෙනිම් කලිසම් පැළඳගෙන සිටීම නිසා බවද මවුලානා මහතා බවසා තිබෙනවා.

ගැහැණු පිටිගෝනියක් වගේ ඇඳුම් පැළඳීය  යුතු බවද එසේ ඇඳුම් නොඅදින ගැහැණු යුද ආයුධයකට උපමා කර ඇති ඒ මහතා පකිස්ථානයේ පිපිරෙන බෝම්ම වලටද ගැහැණුන්ගේ ඩෙනිම් උපමා කර ඇති බව සඳහන් වෙනවා.

තවද ඩෙනිම් කලිසම් අඳින ගැහැණු  එළියට බසින්නේ නැතුව ඇතුළට වෙලා ඉන්නවා නම් තලේබාන්වරු පකිස්ථානයට ප්‍රහාර එල්ල නොකර සිටිනු ඇති බවද ඒ මාධ්‍ය හමුවේදී  මවුලානා ෆස්ලූර් රහමන් මහතා කියලා තියෙනවා.

111111111111111111111111

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!