Gossip

මියගිය බිරිඳගේ මළ සිරුර බාරගන්න සැමියන් තිදෙනෙක්!

පසුගිය දිනක පානදුර දී බස් රථයක ගැටීමෙන් කාන්තාවක් මියගිය අතර බරපතල තුවාලලැබූ ඇය රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

පානදුර මණ්ඩාවල පදිංචි වී සිටි නිරෝෂණී පෙරේරා නම් ඇයගේ සිරුර භාර ගැනීමට සැමියා යැයි කියාගත් තිදෙනෙක් පැමිණි බව වාර්තා වෙනවා.

හදිසි මරණ පරීක්ෂකවරයා ඇගේ මරණය සිදුවූ අනතුර හේතුවෙන් වූවක් බව තීරණය කොට සිරුර අයිතිකරුවෙකුට භාරදෙන්නැයි නියෝග කළ අවස්ථාවේ මෙම ගැටළුකාරී සිදුවීම ඇතිවී තිබේ.

කෙසේවුවත් ඇගේ නීත්‍යානුකූල පළමු සැමියාට ඇගේ දේහයේ අයිතිය භාරකරන බවත් ඇගේ මවට අවසන් කටයුතු සඳහා දේහය භාරකරන බවත් හදිසි මරණ පරීක්ෂකවරයා නියෝගකර තිබෙනවා.

මරණ පරීක්ෂකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන්කර තිබෙන්නේ මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයන් හා දරුවන් යැයි කියන අනෙක් පිරිසත් සාමයෙන් හා සමඟියෙන් අවමංගල්‍ය කටයුතුවලට සම්බන්ධ වියයුතු බවයි.

death

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!