Video

අපි CID, වැල්ලම්පිටිය පොලිසියේ, මේ වාහනේ ඇතුලේ කුඩු තියෙනවා – වීඩියෝ

අපේ රටේ ආර්ථිකය ඉහළ නංවන්න සංචාරක කර්මාන්තයෙන් ලැබෙන්නේ ලොකු පිටුවහලක්.
අපේ රටේ සුන්දරත්වයට මනුස්සකමට විදෙස් සංචාරකයින් බෙහෙවින්ම ආදරය කරනවා.
ඒ පැහැදීම විනාශ කරලා දාන මිනිස් වෙස් ගත් සතුන් වැනි පුද්ගලයින්ද සිටීම කණගාටුවට කරුණක්.
ඒ බව මනාවට කියාපාන වීඩියෝවක් මේ දවස්වල මුහුණුපොත පුරාම හුවමාරු වෙනවා.
ඒ ලංකාවේ අසිරිය විඳගන්න ආපු විදේශිකයෙක් කුලියට ගන්නා ලද වාහනයකින් දකුණේ සිට නැවතත් කොළඹ හෝටලයට පැමිණෙන අතරතුර “CID එකෙන්, වාහනේ කොකේන් තියෙනවා. වැල්ලම්පිටිය පොලිසියට යමු” කියා අදහස් හුවමාරුවක් වෙන වීඩියෝවක්.
මෙම විදේශිකයා Facebook Live එකක් තුලින් මුළු ලෝකෙටම ඒ සිද්ධිය එම අවස්ථාවේදී පෙන්වනවා.
මෙම විදේශිකයා පැමිණි කණ්ඩායමේ හැඳුනුම්පත් පරික්ෂා කිරීමට අවශ්‍ය බව දිගින් දිගටම පැවසීම හා Facebook Live එක නිසා මෙම කල්ලිය අවසානයේ පලායනවා.
CAE-1114 දරන Honda Vezel රථයකිනුයි ඔවුන් පැමිණෙන්නේ.
මේ ගැන වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපති ඉන්දික තුෂාරගෙන් අපි විමසීමක් කළාම ඔහු කිව්වේ ඒ ගැන දැනුවත්වීමක් හෝ පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

කොහොම වුණත් පසුව අපිට දැනගන්න ලැබුණේ මෙම සිද්ධියේ සිටින්නේ පොලිස් නිලධාරීන් බවත් අදාල නිලධාරීන්ගේ හැදුනුම්පත් පිළිබඳව වූ ගැටළුවක් නිසාවෙන් විදේශිකයා විසින් ඔවුන් සමඟින් පොලිසියට යාම ප්‍රතික්ෂේප කිරීමක් සිදුවූ බවත්ය.

පසුව රහස් පොලිසියේ නිලධාරීන් මඟහැර අදාල පුද්ගලයා ඔහු නැවතී සිටින හෝටල් කාමරය වෙත යන අතර පසුව පැමිණෙන විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් විදේශිකයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය වෙත රැගෙන ගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා විසින් පොලිසියේදී දුරකථන භාවිතා කරමින් ෆේස්බුක් ඔස්සේ මෙම සිද්ධිය බොහෝ දෙනෙකුට සජීවීව පෙන්වා තිබුණු අතර ඇතැම් අවස්ථාවල ඔහු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබෙනවා.

පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසුව ගමන්මළු පරීක්ෂාකර බැලීමේදී එහි තිබී වල්ලපට්ටා දැව සොයාගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා. පසුව ඔහු අධිකරණය ඉදිරිපත් කර ඇති අතර දඩ නියම කිරීමෙන් පසුව නිහදස් කර ඇතැයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ.

අදාල වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!