Gossip

රට වෙනුවෙන් පෙරට විත් ආබාධිත වූ රණවිරුවන් තිදෙනාගේ විවාහ මංගල්‍යයේ සොඳුරු දසුන් මෙන්න – Photos

රට වෙනුවෙනුත් අපි වෙනුවෙනුත් කුරිරු ත්‍රස්තවාදීන් එක්ක සටනට ගිහින් ආබාධිත වූ තරුණ රණවිරුවන් තිදෙනෙකුගේ විවාහ උත්සවය ගැන පසුගිය දවස්වල හැමෝම වගේ කතාවුණා.
ජීවිතේ වටිනාම දවසක් වන ඔවුන්ගේ විවාහ උත්සවය ඉතාමත් ලස්සනට ගම්පහ සියනෑවේ අපි සංවිධානයේ දායකත්වයෙන් බෝයගනේ යුද හමුදා “සැලියුට්” උත්සව ශාලාවේදී පැවැත්වුණා.
මේ සොඳුරු මංගල්‍යයේදී මනාල මනාළියන්ගේ රණ්‌ ආබරණ, මංගල ඇඳුම්, මංගල කේක්‌, ආහාර පාන, මානාළියන් හැඩ ගැන්වීම, ඇඳුම් නිර්මාණය, සංගීතය ආදී වශයෙන් වූ බොහෝ දේ ලබා දෙන්නට වීරත්වයට ගරු කළ සැබෑ මිනිස්‌සු රැසක්‌ පෙරමුණ ගෙන සිටීම විශේෂත්වයක්.
හෙල සිරිතට මුල්තැන දෙමින් මේ විරුවන් තිදෙනා තමන්ගේ ආදරණීය මනාළියන් එක්ක පෝරු මස්‌තකාරූඪ වී එකම නැකතකදි අපේ චාරිත්‍රවලට අනුව අලුත් ජීවිත ගමන ඇරඹූ මොහොත කාගේත් හිත්වලට සුන්දර මොහොතක් වුණා.
මේ වීර හමුදා පුතුන් තිදෙනාගේ ඉදිරි ජීවතයට සුබ පත්න්නට පියකු මෙන් වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහෙෂ් සේනානායකද එක්‌ව සිටීම විශේෂත්වයක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!