Gossip

රට පුරා පැතිරෙන කුලාල් සුළි කුණාටු කතාවේ ඇත්ත මෙන්න

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ සමාජ මාධ්‍ය හරහා පැතිර ගිය කතාවක් තමයි කුලාල් නම් සුළි කුණාටුවක් ලංකාවට ඇතුල්වීමේ සිද්ධිය.

මෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

 

මේ වෙද්දි ගැඹුරු අවපීඩන තත්ත්වයක් ඇති වී තිබෙන බවත් එනිසා තද සුළං හැමුවත් එය තවමත් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී නැති බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.

එවැනි තත්ත්වයක් වර්ධනය වුවහොත් කඩිනමින් ඒ පිළිබඳව දැනුම් දෙන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

විවිධ සමාජ මාධ්‍ය හරහා පැතිරෙන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසද වැඩිදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

කෙසේ වෙතත් තවදුරටත් තද සුළං සහ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

මුහුදු බඩ ප්‍රදේශවල පැයට කිලෝමීටර 100 වැඩි වේගයකින් ද ගොඩබිම් ප්‍රදේශවල පැයට කිලෝමීටර 80කට ආසන්න වේගයක සුළං ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!