Gossip

ඇති වූ ගැටුම ගැන විරාට් කෝලි , දික්වැල්ල ගැන කියපු පුදුම හිතෙන කතාව

ශ්‍රි ලංකා කණ්ඩායමේ කඩුළු රකින ක්‍රිඩක නිරෝෂන් දික්වැල්ල ඉන්දීය නායක විරාට් කෝලිගේ පැසසුමට ලක්ව තිබේ.

නිමා වූ ශ්‍රි ලංකා ඉන්දියා පලමු ටෙස්ට් කරගයේ පස්වන දිනයේදී තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීම සදහා දික්වැල්ල විවිධ උපක්‍රම අනුගමනය කල අතර , වේග පන්දු යවනමොහොමඩ් ෂමී ,විරාකෝලි හා දික්වැල්ල අතර යම් උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවියත

දික්වැල්ලගේ මෙම හැසිරීම විස්තර විචාරක රසල් ආනල්ඩ්ගේ මෙන්ම සුපිරි පිතිකරු මහේල ජයවර්ධනගේද පැසසුමට ලක්ව තිබුණි.

මම ඒ වගේ පෞර්ෂත්වයක් දකින්න කැමතියි.පිටිය මැදදි ඒ වගේ තරගකාරිත්වයක් දකින්න මම කැමතියි.ඔහු ඉතා ආඩම්බරයෙන් ඔහුගේ ක්‍රිඩාව ගැන හිතනවා.මෙතෙක් කල් ඔහුගෙන් දුටු දේ වලින් මා පුදුමයට පත්වුණා.අවසාන තරගාවලියේදීත් මම ඒ දේ දැක්කා.ඒ වගේම ශ්‍රි ලංකා ක්‍රිකට් වලට සුවිශේෂි සේවයක් කරන්න ඔහුට හොද හැකියාවක් තියනවා.යනුවෙන් අද ආරම්භ වන තරගයට පෙර ඊයෙ පැවති මාධ්‍ය හමුවකදී ඉන්දීය නායකයා පවසා සිටියේය.

මේ ගැන අපි ගුවන් යානයේදිත් කතා වුණා.මගේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයන්න මා ඕනෑම දෙයක් කරනවා.උණුසුම් අවස්ථා ඇතිවෙනවා.ඒත් ඒවා පිටිය මැදදීම ඒ දේවල් අවසන් වෙනවා.ඕනෑම ප්‍රතිවාදියකුට අපි ගරු කරනවා.පුංචි ක්‍රිඩකයකු වුවත් ඔහු ආක්‍රමණශිලි වගේම ධෛරිය සම්පන්න ක්‍රිඩකයෙක්.එය එක දිගටම පවක්වාගෙන යාමපිලිබදව ඔහුට ගෞරවය හිමිවිය යුතුයි.ඔහු ශ්‍රි ලංකා ක්‍රකට් වලට හොඳ දේවල් ටිකක් කරයි යනුවෙන්ද ඉන්දියානු නායකයා සදහන් කරයි.

එම තරගයේ දෙවන දිනය අවසානයේ ශ්‍රි ලංකා දෙවන ඉනිම 75 කඩුළු 7 ක් බිද වැටී අසීරු තත්වයක පසු වූ අතර ,තවත් පන්දුවාර කිහිපයක් යොමු කිරීමට අවස්ථාව තිබුණා නම් ඉන්දීය කණ්ඩායමට තරගය ජයගැනීමේ අවස්ථාව පැවතිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!