Gossip

විරාජ් පෙරේරාගේ ඇත්ත ස්වභාවය බිරිඳ හෙළි කරයි

විරාජ් පෙරේරා කියන්නේ දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක්.
ඔහු මියුසික් වීඩියෝවල රඟපාමින් බොහෝ දෙනාගේ අවධානය හිමි කරගත්තා.
දැන් ඔහු පුංචි තිරය තුළ චරිතාංග නළුවෙක්ට අවශ්‍ය සාක්ෂි ඉතිරි කරමින් යනවා. කඩවසම් පෙනුමක් වගේම උපරිම දක්ෂතාවක් ඇති පදමට රඳවාගත් විරාජ් දැන් දෙදරු පියෙක්. දක්ෂ, ජනප්‍රිය විරාජ් සැබෑ ජීවිතයේ කොහොම කෙනෙක්ද කියලා විරාජ්ගේ බිරිය චතූ සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා.

විරාජ් සහ ඔබගේ මුණගැසීම සිද්ධ වුණේ කොහොමද?
පාසල් කාලෙදි තමයි අපි දෙන්නා මුණගැසුණේ. විරාජ්ගෙ නෑදෑ කෙනෙක් හිටියා අපේ පන්තියේ. අපි ඉස්කෝලේ ඇරිලා එනකොට මාව දැකලා විරාජ් එයාගෙන් අහලා තිබුණා මං ගැන.

මුණගැහෙනකොට විරාජ් කොයි වගේ කෙනෙක්ද?
ඒ කාලෙත් හරිම ජනප්‍රියයි. හරිම ලස්සනයි. දැක්කම ආස හිතෙන පෙනුමක් තිබුණේ එයාට. හැමෝම කැමැතියි ඉතින් එයාට.

පෙම්වතා කාලේ.
එයා හරිම හොඳයි. මට හරිම ආදරෙයි. අනෙක් අයට වඩා හැඟීම්බරයි. මට දරුවකුට වගේ ආදරේ කරනවා.

සැමියෙක් විදියට ඔහු?
දැන් කලින්ටත් වැඩිය මටයි බබාලා දෙන්නටයි ආදරෙයි. ගොඩක් එළියෙ ඉන්න නිසා ගෙදර වැඩවලට දායක වෙන්න බැහැ. ඒත් හැම තිස්සෙම පවුල ගැන හොයලා බලනවා. සල්ලි හම්බ වුණාම අපිට අවශ්‍ය දේවල් ගන්න ඒ සල්ලි මුලින්ම අපිට එවනවා.

ජනප්‍රියත්වයට පෙර ඔහු.
එයාට කොහොමත් කලා ක්ෂේත්‍රයට එන්න ආසාවක් තිබුණා. ගමේ ඉඳන් කොළඹට ආවා. ඒත් ඒ ආසාව ඉෂ්ට කරගන්න බැරිවෙලා ආයෙත් ගමට ආවා.
ඒත් කොහොම කොහොම හරි එයා එයාගේ කැමැත්ත ඉෂ්ට කරගත්තා.

ජනප්‍රියත්වයෙන් පසු.
හරිම කාර්යබහුලයි. ගෙදර ආවත් ෆෝන් එකෙන් හැම දෙයක් ගැනම උපදෙස් දෙනවා. මාත් කරදර කරන්නෙ නැහැ. එයාට ඒ වැඩ කරගන්න දීලා මම බබාලා එක්ක වැඩ කරනවා.
ඒත් එයා හැම දේම සමබරව කරගෙන යනවා.

ඔහුගේ ජනප්‍රියත්වය ඔබට බලපාපු විදිය?
ඒක ඇත්තටම හොඳයි. ගොඩක් අවස්ථා ලැබෙනවා. කොහෙ හරි ගියත් ටිකට් ගන්න කලින්ම පෝලිමේ ඉන්නෙ නැතිව යන්න දෙනවා. එයාගේ ජනප්‍රියත්වය අපිට හොඳ විදියට තමයි බලපෑවේ.

ජනප්‍රිය වුණා කියලා විරාජ්ගේ ආදරයේ වෙනසක් වුණාද?
අනේ නැහැ. එන්න එන්නම එයාගේ ආදරේ වැඩි වෙනවා. ගොඩක් එයා එළියෙනෙ ඉන්නෙ.
ඉතින් ගෙදර නොහිටියත් අපිට කතා කරනවා. ගෙදර ආවම අපිට උපරිමයෙන් ආදරය දෙනවා. එයාගෙ අම්මලට, අපේ අම්මලට, ළමයින්ට, මට හරිම ආදරෙයි එයා.

කලා ක්ෂේත්‍රයට සහ රැකියාවට හිර වුණු ඔහුට ඔබව සහ පවුල මඟහැරෙන්නේ නැද්ද?
ගොඩක් වෙලාවට එයාට පවුලේ වැඩවලට එන්න බැරි වෙනවා. එයාගෙ පවුලේ යම් දෙයකට එයාට එන්න බැරි වුණොත් ඒකට මම හරි සහභාගි වෙනවා.
හැමතැනටම දෙන්නම යන්න උත්සහ කරනවා. ජීවිතයේ එහෙම තමයි හැමදේම සමබර කරගන්නේ.

සාමාන්‍ය ජීවිතයේදි ඔහු කොහොම චරිතයක්ද?
එයා හරිම හොඳයි. හැබැයි ඉක්මනින් තරහ යනවා. ඒත් ඉක්මනින් ඒ තරහ නිවෙනවා. හැමෝටම කරුණාවන්තයි. අපේ ගමේ අය වුණත් එයාට කැමැතියි.

විරාජ් වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද?
ඔව්, හැමදේම හොයලා බලලා කරනවා. බබාලගෙ දේවල් වුණත් මට කරගන්න බැරි වුණොත් එයා කරනවා. එයා ගොඩක් දුර හිතලා වැඩ කරන කෙනෙක්.

ඔහු අද ඉන්න තැන ගැන ඔබ සතුටු වෙනවද?
ඇත්තටම සතුටු වෙනවා. මොකද එයා ගොඩක් මහන්සි වෙලා මේ තැනට ආවේ. අද ඉන්න මට්ටම ගැන ගොඩක් සතුටුයි.

විරාජ්ට නැතිවම බැරි අය?
බබාලා දෙන්නා.

ගොඩක් දුක හිතුණාම ඔහුගේ හැසිරීම කොයි වගේද?
දුක හිතුණම ඒක එළියට පෙන්නන්නෑ. ඒත් පස්සෙ කියනවා ඒ වෙලාවේ මට බොහොම දුක හිතුණා කියලා.

ගොඩක් ලොකු සතුටකින් හිටියොත්
ඒ වෙලාවට උපරිමයෙන් ඒ සතුට විඳිනවා. බබාලට සෙල්ලම් බඩු ගොඩක් ගේනවා.
ඇයි මෙච්චර ගේන්නෙ ඇහුවම කියනවා ඒක මගෙ සතුට. ඒ මගෙ දරුවො කියලා.

ඔහු වැඩිපුරම සතුටු වුණු දවස?
ලොකු බබා ලැබුණු දවසේ වගේම ඊට පස්සේ පොඩි එක්කෙනා ලැබුණු දවසෙත් එයා ගොඩක් සතුටු වුණා.

ගොඩක් තරහ ගියාම?
තරහක් තිබ්බොත් මූණටම කියන අවස්ථා තියෙනවා. ගෙදරදි නම් ඒ තරම් තරහ යන්නේ නැහැ.
කාර්යාලයේදී, රූගත කිරීම්වලදී වගේ තරහ ගියොත් නම් එතැනදිම ප්‍රශ්න විසඳගෙන එන්නෙ එයා.

විරාජ් ජීවිතයේ ජය ගත්ත දේවල්?
දැනට ලැබුණු හැමදේම ජය අරන් තියෙන්නෙ. ඊළඟට තියෙන්නෙ ගෙයක් හදාගන්න හීනය තමයි. ඒකත් එයා ජය ගනියි.

විරාජ්ට වැඩිපුරම ගැළපෙන නිළිය?
මම හිතන්නෙ නයෝමි තක්ෂිලා. නයෝමි එක්ක රඟපාන්න ලේසියි කියලා විරාජ් කියනවා.

ඔහු ගැන අහන්න ලැබුණු සතුටුම ආරංචිය?
එකක් කියලා විශේෂත්වයක් නැහැ. කාර්යාලයේ උසස්වීම් ලැබුණාම, නාට්‍යයක චරිත ලැබුණම වගේ දේවල්වලදි මටත් සතුටුයි.
මොකද ඒ හැම අවස්ථාවක්ම එයාට ලැබෙන්නේ එයාගේ මහන්සිය නිසා.

ඔහු ගැන අහන්න ලැබුණු නරකම ආරංචිය?
තවම නම් එහෙම නරක ආරංචියක් ඇවිත් නැහැ. හැමෝම කියනවා වගේ මට එයා හොඳටම ආදරෙන් ඉන්නවා.

නරක ආරංචියක් ආවොත්?
මම හිතන්නෙ නැහැ එහෙම ආරංචියක් එයි කියලා. ආවොත් ඉතින් එදාට බලමු. මට එයාව විශ්වාසයි.

ඔහුගෙන් ඔබට ජීවිතයේ ලැබුණු හොඳම තෑග්ග?
එයාගෙ ආදරේ තමයි.

උපුටා ගැනීම – මව්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!