Gossip

ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරය ඉදිරියේ බබළවන විනෝමා – Photos

එක්සත් රාජධානියේ විවාහක රූ රැජිණ කිරුළේ එක් අංශයක ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ උපත ලැබූ සැන්ඩි විනෝමා මහත්මියට හැකිවී තිබෙනවා.

එංගලන්තයේ ජීවත්වන ඇය මේවනවිට 37 වන වියේ පසුවනවා. ඒවගේම තමයි ඇය දරුවන් තිදෙනෙකුගේ මවක්.

2017 Mrs United Kingdom International තරඟයේදී ළමයින් වෙනුවෙන් ලෝක සාමය කියන අංශයෙන් තමයි ඇය ජයග්‍රහණය හිමිකරගෙන ඇත්තේ.

ඇය ඔටිසම් ආබාධ සහිත දරුවන්ට සහ මොළයට ආබාධ වූ දරුවන්ට උදව් කරනවා. විශේෂයෙන් දුප්පත් රටවල දරුවන්ට තමයි ඇය උදව් කරන්නේ.

මේ ඇය කියපු කතාවයි.

හැම යුද්ධයක්ම ළමයින්ට බලපානවා. ළමා කාලෙදී මමත් ශ්‍රී ලංකාවේදී යුද්ධය දැකලා තියෙනවා. මම ඒවායේ නරක දේවල් අත්විඳපු නිසා ඒ ළමයින්ට උදව් කරනවා. මේ යුද්ධ නවත්තලා හැමෝම හැමෝටම ගෞරව කරන්න ඕන. වෙන ආගමක හෝ වේවා, කලු සුදු වේවා ඒ හැමෝටම. මම කතෝලික වුනත් ලංකාවේදී මම බුද්ධාගම ඉගෙන ගෙන තියෙනවා. සමහර වෙලාවට කෝවිල්වලට පවා තාමත් යනවා. අපි ඔක්කෝටම තියෙන්නේ රතු ලේ. මිනිස්සු තමයි වෙන වෙන වෙනස්කම් හදාගෙන තියෙන්නේ.

ඔටිසම් යන රෝගය මට විශේෂයි. මොකද මගේ පුතාටත් ඔටිසම් තිබුණා. දැන් මගේ පුතාට වයස අවුරුදු 04 යි. අවරුදු දෙකහාමාරෙදී විතර තමයි අපි ඒක හදුනගත්තේ. ඒක නිසා එයාගේ පුතාගේ තත්වය ගැන හිත හදාගෙන ඒක ගැන රිසර්ච් කරලා එයාටයි ඒවගේ අනිත් අයටයි උදව් කරන්නේ කොහොමද කියලා හොයලා බැලුවා. පොඩිකාලේ මගේ නෑදෑකෙනෙක්ටත් ඔටිසම් තිබුණා.

මගේ පුතා එංගලන්තේ ඉන්න නිසා මෙහෙ පහසුකම් තිබුණා පුතාට බෙහෙත් කරන්න.ඒත් දුප්පත් රටවල දරුවන්ට ඒ පහසුකම නෑ. මම පොඩි කාලේ ඉදන් ස්වේච්ඡා වැඩ කලා. ඒක මම ලබන ආත්මීය සතුටක්.

හොඳ දේවල් ලැබෙන්නේ හොඳ වැඩ කරන්න ඕන. මං මිනිස්සුන්ට උදව් කරනවා . හැබැයි ඒ මිනිස්සු මං කවුද මොනවද කරන්නේ කියලාවත් දන්නේ නෑ. හැබැයි මට කරන්න ඕන මිනිස්සුන්ට සේවයක් නිසා මට ඒ දේවල් කියන්න අවශ්‍යතාවයකුත් නෑ. මොකද මට වැදගත් වෙන්නේ සමාජ සේවය නිසා. මං සාමාන්‍ය අම්මලට ආදර්ශයක්. ඒ මගේ බොරු ජීවිතයක් නැති නිසා.

ඉදිරියේදී ලංකාවේ යි, එංගලන්තයේයි මෙවැනි ස්වේච්ඡා වැඩකටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. Mrs United Kingdom International 2017 දිනපු හැමෝම එකතු කරන් තමයි ඒක කරන්න මං බලාපොරොත්තු වෙන්නේ.

මේ ඇයගේ ඡායාරූප කිහිපයක්.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!