Gossip

“වික්ටර් එක්ක නිස්කලංකව ඉන්න පුළුවන් රටකට යනවා” – හෂිනි අමේන්ද්‍රා

වික්ටර් රත්නායක-හෂිනි අමේන්ද්‍රා යුවළගේ විවාහය මාධ්‍ය ලෝකයේ හා අන්තර්ජාලයේ ආන්දෝලනාත්මක සිද්ධියක් වුණා.

මේ සියල්ල අතරතුර මොවුන් දෙදෙනා රට යාමට තීරණය කර තිබෙනවා.

ඒ ගැන හෂිනි කියා ඇත්තේ මෙලෙසින්.

“ඇත්තටම පසුගිය දින ගණනාවම හරිම වෙහෙසකර වූවා. වික්ටර්ගේ ‘වජ්‍ර ප්‍රභා’ ප්‍රසංගයට එක දිගට වෙහෙස වුණා. ඊළඟට අපේ විවාහය හා ඒ එක්ක ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වය වෙහෙස නිවාගන්න අපි දෙන්නා ඉක්මනින් ම විදේශ සංචාරයක නියැළෙන්නයි ඉන්නේ.”

“දැනට බලාපොරොත්තුවෙන් ඉන්නේ බැංකොක් යන්න. වෙනත් රටකට යැවෙන්නත් පුළුවන්. කොහොම වුණත් වික්ටර් එක්ක නිස්කලංකව ඉන්න පුළුවන් ඕනෙම තැනකට යන්න මම කැමැතියි.”

“යුග දිවියට එළඹ බිරියක වූවාට පසු ඕනෑම කාන්තාවක් බලාපොරොත්තුව මවක වීම. ඔව්. මගේ සි‍තේත් ඒ ‍බලාපොරොත්තුව තදින් ම තියෙනවා. මගේ වැඩි කැමැත්ත දුවකට. ඒත් පුතකු වේවා දුවක වේවා මම බොහොම සෙනෙහසින් ඒ දරුවා පිළිගන්නවා වික්ටර්ගේ තම ගෙනියන්නට දරුවෙක්. ඒ දරුවා ගැන මම ඇත්තෙන් ම සිහින මවනවා.”

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!