Gossip

මංගලගේ මංගල අයවැයෙන් වාහන ගන්න හිටපු අයටත්, වාහන විකුණන්න හිටපු අයටත් වෙච්ච දේ මෙන්න

2018 අයවැයෙන් ඛනිජ තෙල් මඟින් ධාවනය වන මෝටර් රථ සම්බන්ධයෙන් තීරණාත්මක පියවර රැසක් ගෙන තිබෙනවා.
2040 වසර වනවිට රටේ ඇති සියලුම වාහන දෙමුහුන් හෝ විදුලියෙන් ධාවනය වන වාහන බවට පරිවර්තනය කර හරිත ප්‍රවාහන සේවයක් ඇති කරන බවයි මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා පැවසුවේ.
දෙමුහුන් සහ විදුලියෙන් ධාවනය වන වාහන සඳහා පනවා තිබූ බදු මුදල අඩු කිරීමටද මෙවර අයවැයෙන් යෝජනා වූ අතර ඛනිජමය ඉන්ධන මත ධාවනය වන වාහන මත පනවා තිබූ බදු යාවත්කාලීන කිරීමටද තීරණය ගෙන තිබුණා.
විදුලියෙන් ධාවනය වන මෝටර් කාර් රථයක බදු ලක්ෂ 10 කින් අඩුකිරීමට යෝජනා කළ මුදල් අමාත්‍යවරයා සුඛෝපභෝගී වාහනවල බදු ලක්ෂ 25 කින් වැඩිකරන බවද පැවසුවා.
එමෙන්ම පරිසර හිතකාමී විදුලි ත්‍රීරෝද රථ භාවිතය දිරිමත් කිරීමට හා ඩීසල් ත්‍රීරෝද බද්ද 50,000 කින් ඉහළ දැමුනා.
විදුලි බස් භාවිතා කිරීම දිරිමත් කිරීම සඳහා 90:10 ක්‍රමවේදය භාවිත කිරීමටද පියවර ගැනුනා.
එමගින් පාරිභෝගිකයාට 10% ක මුදලක් පමණක් යෙදවන විට ඉතිරිය රජය විසින් ලබාදීමට නියමිතයි.
ලංකාවේ භාවිත කරන ලද ත්‍රීරෝද රථ බංග්ලාදේශයට විකිණීමටද අවස්ථාව උදාකරන බව මුදල් අමාත්‍යවරයා පැවසුවා.
සූර්ය බලයෙන් ක්‍රියාත්මක Charging Station ඇතිකිරීම සඳහා පෞද්ගලික අංශය සඳහා බලය ලබාදීමට කටයුතු කරන බවත් අයවැය යෝජනාවලින් ඉදිරිපත් කෙරුණා.
වායු බැලුන සහිත වාහන ගෙන්වීම අනිවාර්ය කිරීමටද 2018 අයවැයෙන් යෝජනා වුණා.
තවද විදුලි බස් රථ 50 ක් සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කෙරුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!