Gossip

ලොව සුපිරි ධාවන ශූරයා වූ උසේන් බෝල්ට් පැරදූ ගැට්ලින් ප්‍රේක්ෂකයන් හැඟුම්බර කරමින් බෝල්ට් ළඟ දණින් වැටෙයි – වීඩියෝ

කෙටි දුර ධාවන ශූරයා ලෙස ලෝකයේ නම් දරා සිටින උසේන් බෝල්ට් ඔහුගේ අවසන් මීටර් 100 ඉසව්වේදී පරාජයට පත්වුණා.
ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ඊයේ පැවති තරඟයෙන් උසේන් බෝල්ට් පරදා ජයගත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ජස්ටින් ගැට්ලින්.
තත්පර 9.92 ඉසව්ව නිම කරමින් ඔහු රන් පදක්කම දිනාගත් අතර ඇමරිකානු ක්‍රීඩක ක්‍රිස්ටියන් කෝල්මන් තත්පර 9.94 කින් ඉසව්ව නිමකරමින් රිදී පදක්කමට හිමිකම් කිව්වා.
උසේන් බෝල්ට්ට හිමිවුණේ ලෝකඩ පදක්කමයි.
උසේන් බෝල්ට් පිට පිට ඔලිම්පික් තරගාවලි තුනකදී මීටර් 100,200 සහ මීටර් 100 සහය දිවීමේ ඉසව්වල රන් පදක්කම් හිමිකර ගෙන තිබෙනවා.
ඔහු මෙවර ලන්ඩන් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගවලියෙන් පසුව පිටියෙන් සමුගැනීමටයි තීරණය කර  තිබුණේ.
උසේන් බෝල්ට් ඔලිම්පික් සහ ලෝක ශූරතා රන් පදක්කම් 19 ක් හිමිකරගෙන තිබෙනවා.
එමෙන්ම මීටර් 100 ලෝක වාර්තාවේ හිමිකරුද උසේන් බෝල්ට්.
උසේන් බෝල්ට්ගේ එකම බලාපොරොත්තුව වුණේ තරගාවලියේ රන් පදක්කම ජයග්‍රහණය කරමින් සිය සමුගැනීම සිදුකිරීමටයි.
මෙම තරගයේ රන් පදක්කම දිනාගත් ගැට්ලින් සිය තරගය නිමා කළ පසු ලොව සුපිරි ධාවකයා වුණු උසේන් බෝල්ට දණ නමා ආචාර කළේ ප්‍රේක්ෂකයන්ගේ සිත් හැඟුම්බර කරමින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!