Gossip

“සැමියා කියන්නේ අනිවාර්යෙන්ම පරිස්ම්වෙන්න කියන කතාව.. එයාගෙන් කිසිම බාධාවක් නැහැ.” – ජනප්‍රිය නිළි උපේක්ෂා ස්වර්ණමාලී අංගම්පොර ඉගෙන ගත්තේ ඇයි..?

උපේක්‍ෂා ස්වර්ණමාලී කියන්නේ සිය රංගන හැකියාවෙන් රසික හදවත් දිනාගත්තු ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
ඇයගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පපතකට උපේක්ෂා මේ විදිහට කියලා තිබුණා.

උපේක්‍ෂා කාලයකට පස්සේ ටෙලිනාට්‍යයකින් දකින්න ලැබෙනවා ?
ඉතාමත්ම හොදයි. සිරස නාලිකාවේ සහ අන්තර්ජාලයේ පළවුණු පූර්ව ප‍්‍රචාරක පට දැකලා මිනිස්සු හොද ප‍්‍රතිචාර දක්වන්න පටන්ගත්තා. ගොඩක් දෙනෙක් අහන්නේ පබාට පස්සේ අහිංසක චරිතයක් කරනවා නේද කියලා.

උපේක්‍ෂා දැන් ඉස්සරට වඩා චරිත තෝරාබේරාගන්නවාද?
නිර්මාණය ඇතුලේ මට යමක් කරන්න තියෙනවාද කියලා මූලිකවම මම බලනවා. ඊට පස්සේ රංගන ශිල්පීන් ශිල්පිණියන් කවුද ඉන්නේ කියලත් බලනවා.

ළගදී සිනමාවට සම්බන්ධවුණා කියලත් ආරංචියි ?
ඔව්. ඒ කතාව ඇත්ත. මානය කියලා එක සිනමා නිර්මාණයකට සම්බන්ධවුණා.

එතකොට අංගම්පොර සටන් කලාව ඉගෙන ගත්තා කියන කතාව ඇත්තක් ?
ඔව්. පසුගිය දවස්වල යම්තාක් දුරට අවශ්‍ය ප‍්‍රමාණයට අංගම්පොර සටන් කලාව හැදෑරුවා. වෙනස්ම අත්දැකීමක් වුණා. ඒ සටන් කලාව යම්තාක් දුරට හරි හදාරන්න තිබුණ හින්දා තමයි මේ චිත‍්‍රපටයත් භාරගත්තේ.

දුවගේ වැඩකටයුතු සහ පවුලේ වැඩකටයුතු එක්ක රගපාන එක අපහසු නැතිද?
ඇත්තටම මම ප්‍රෙග්නට් වුණාට පස්සේ රගපෑමෙන් ඉවත්වුණා. බබාට අවුරුද්දක් වුණාට පස්සේ තමයි ආපහු රගපෑමට පටන්ගත්තේ.
මුල් කාලයේ බොහොම අඩුවෙන් තමයි වැඩකළේ. හැබැයි දැන් බබාට අවුරුදු දෙකහමාරක් වෙනවා. එයා ඉස්සරට වඩා ස්වාධීනයි. දැන් ආපහු වෘත්තීය වශයෙන් රගපෑමට සම්බන්ධවෙන්න පුුළුවන්.

සැමියා කැමැතිද එහෙම වැඩකරනවාට?
ඔව්. සැමියා ඇත්තටම කැමැතියි. එයාගෙන් කිසිම බාධාවක් නෑ. හැබැයි එයා අනිවාර්යෙන් පරිස්සම් වෙන්න කියන කතාව කියනවා.
මට එල්ල කරන හැම දෙයක්ම සමන්තටත් වදිනවා. ඒ නිසා එයා පරිස්සම් වෙන්න කියනවා. හැමදේම ගැන විමසිල්ලෙන් ඉන්නවා. එයා කොහොමත් දන්නවා මම නිර්මාණ තෝරාගන්න විදිහ. එයාගේ සහයෝගය නැතිනම් මට මේ දේ කොහොමටත් කරන්න බැහැ. මොකද මගේ දරුවා මම දාලා යන්නේ මගේ මහත්තයා සහ නැන්දම්ම ළගයි.

ජනප්‍රියත්වය කියන දේ අඩුවෙලාද ? වැඩිවෙලාද?
මගේ ජනප‍්‍රියත්වය වෙනස්වෙලා තමයි. ඒකට ප‍්‍රධාන වශයෙන් බලපෑ හේතුව තමයි මම දේශපාලනයට ගිය එක. දේශපාලනඥයන් ආදරණීය චරිත නෙමෙයි.
එතැනට මාව වැටිච්ච එකත් එක්ක තමයි යම්තාක් දුරට පිරිසත් එක්ක දුරස්වෙන්න සිද්ධ වුණේ. හැබැයි රංගන ශිල්පිණියක් විදිහට අවංකවම මට එහෙම ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. දේශපාලනයෙන් ඉවත්වෙනකෙට මම දැනගෙන හිටියේ නැහැ මට මේ වගේ අවස්ථාවක් උදාවේවි කියලා.

හැබැයි තවම මිනිස්සු පබාට ආදරෙයි. ඒකද ඇත්ත?
ඔව්. ඒක තමයි ඇත්ත. ඒක මට දැනුත් දැනෙනවා. දේශපාලනය හින්දා මට නැතිවුණ දේත් මම දකිනවා. හැබැයි ඒ සියල්ලටම වඩා යළි මට අවස්ථාව උදාවුණා.

ඔබේ සමකාලීන නිළියන්ට ඔබට තරම් ආරාධනා නැහැ. හැබැයි උපේක්‍ෂාට වැඩවලින් අඩුවක් නෑ ?
අනෙත් අය වෙනුවෙන්නම් මම කතා කරන්න කැමැති නෑ. මම ගැන කතා කළොත් මම ප‍්‍රාර්ථනා කළා ඇත්තටම ප්‍රේක්ෂකයන් අතර රැදෙන්න. මේ වෙනකොට ඒක ඇත්තටම ඉෂ්ඨවේගෙන යනවා. තරුණියක් විදිහට ඒක භූක්තිවිදින්න බලාපොරොත්තුවක් නෑ. මගේ වයසත් එක්ක අද මවක් විදිහට මගේ ජීවිතයේ මම වෙනස්ම තැනකට ඇවිත් තියෙනවා.
අවුරුදු විස්සේදී තිබුණ කෙළිලොල්කම මම බලාපොරොත්තුවෙන්නේ නැහැ. නමුත් මගේ හැකියාව මිනිස්සුන්ට ඉදිරිපත් කරන්න ලොකු අවස්ථාවක් තිබීම මම සුළුපටුවට භාරගන්නේ නෑ. ඉස්සරට වඩා මේක මට වටිනවා.

දේශපාලනය නොකර කලාවේම හිටියා නම් මීට වඩා ලොකු ගමනක් යන්න තිබුණා කියලා හිතෙන්නේ නැතිද?
පැහැදිලිවම. මම හිතන්නේ මම උපේක්‍ෂා ස්වර්ණමාලීට කරන සාධාරණයක්. කලාවේ විතරක් නියැලී දේශපාලනය නොකර හිටියානම් සෑහෙන වටිනවා.
දේශපාලනය කරලා මම ලොකු අසාධාරණයක් කරගත්තා. ආපහු කවදාකවත් දේශපාලනය කරන්නේ නෑ.

ජීවිතය ආපහු හැරී බැලූවොත් මොකද හිතන්නේ ?
බොහොම කෙටි කාලයකින් අත්දැකීම් බොහොමයක් ලැබුණා. සුරක්‍ෂිතව ජීවිතය ඉදිරියට යන්න තමයි හිතන්නේ. මූලිකවම මගේ දරුවා” සැමියා පවුල මට දැන් සෑහෙන වටිනවා. කලාවෙන් මට ලැබුණ දෙයක් තිබුණා නම් ඒකත් පරිස්සම් කරගන්න උත්සාහ කරගන්නවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!