Gossip

“Unplanned trip යන කොල්ලො කෙල්ලන්ට වැදගත්ම දේවල් ටිකක්.” – කටින් විතරක් යන ට්‍රිප්වලට තිත තියන්න දැන්වත්

කලබලකාරී පරිසරයෙන් මිදිලා one day trip යන්න බලාගන ඉන්න හැම කෙනෙක්ටම වැදගත් වෙන දෙයක් ගැන තමයි අපිි මේ කියන්න යන්නේ.
අද කාලේ මිනිස්සු ගොඩක් කාර්යබහුලයි. life එක enjoy කරන්න, නිදහසේ ටිකවෙලාවක් හරි ඉන්න තියන වෙලාව ගොඩක්ම සීමාවෙලයි තියෙන්නේ. තරාතිරමක් නැතුව,
උදේ දවාලක් නැතුව හැම මනුස්සයෙක්ම වැඩ කරන්නේ මේ තරගකාරී ලෝකෙ එක්ක හැප්පිලා කොහොම හරි life එක ගොඩ දාගන්න.
මේ Busy life එකත් එක්ක කල්තියා කතා කරගෙන කට්ටිය එකතු කරගන trip යනවා කියන්නේ ඉතිම් හීන තමයි.
කතාකරගත්ත දවසේ trip එක organize කරපු කෙනාවත් හොයා ගන්න නැහැ. කොහොම හරි දැන් අපේ කොල්ලො, කෙල්ලො පුරැදු වෙලා ඉන්නේ අද රෑ කතා කරගන හෙට උදේම trip එකක් යන්න.
එහෙම නැත්තම් දැන් කතා කරගන තව පැයකින් දෙකකින් trip එකක් යන්න.
එහෙම හදිස්සියෙ trip එකක් යන්න වුණාම හදිස්සියට මොනද bag එකට ගෙනියන්න අහුරගන්නෙ කියලා හිතාගන්න බැරිවෙනවා.
අනිවාර්යෙන් අවශ්‍ය දේවල් ගොඩක් අමතක කරලා තමයි යන්නේ.
එහෙම ගිහින් අමාරැවෙ වැටෙන නිසාම trip එකක් යනකොට ගෙනියන්නම අවශ්‍ය දේවල් මොනවද කියලා තමයි අද ඔයාට කියලා දෙන්නේ.

1. අතරමගදි කන්න කෙටි සැහැල්ලු ආහාර වේලක් ( snacks) අරගන යන්න අමතක කරන්න එපා.
පාන්දරම යන්න පිටත් වෙනවනම් snacks හරිම වැදගත්.

2.ඔයා ඇදගන යන ඇදුමට අමතරව තව ඇදුම් 2ක් වත් bag එකට දාගන්න. ඒ වගේම යට ඇදුම් සහ
රෑට ඔයා කොහෙ හරි නවතිනවනම් Pajama ( පිජාමා) එකත් අරගන්න.

3.ඊළගට වැදගත් දෙයක් තමයි towel එක. පුඵවන් තරම් ඝනකමින් අඩු towel එකක් ගන්න.
4. ඒ වගේම පොඩි වතුර බෝතලයක් මතක් කරලා bag එකට දාගන්න.

5.මේක කියන්නේ විශේෂයෙන්ම අපේ කෙල්ලන්ට. බොරැවට make up items පුරවගන්න නම් එපා.
one day trip එකක් නිසා ඔයාලට මෙවා කොහොමටවත් පාවිච්චි කරන්න වෙන්නේ නැහැ.
ඔිනමනම් lipstick එකක් eyebrow pencile එකක් ගත්තට කමක් නැහැ.

6. ඔයාගේ Tooth brush එකයි toothpaste එකයි shampoo එකයි ඒ වගේම Deodorant.

7.Sunglasses ගන්න.

8. trip යනවා කියන්නෙ වැඩි හරියක් photos ගන්නවා කියන එකනේ.ඉතිම් මතක් කරලා ඔයාගේ
phone,camera, charger එක අරන් යන්න අමතක කරන්න එපා.

9.තව hair brush එකක් ඒවගේම ඔයා දාගන යන shoes වලට අමතරව Flip – flop ( රබර් සෙරප්පු) bag එකට දාගන්න.

10. අනිවාර්යෙන් ‌first-aid අරන් යන්නනම් කොහොමටවත් අමතක කරන්න එපා.
මේ ටික කියවනකොට ඔයාට මැවිලා පෙනෙයි සෑහෙන්න ලොකු ගමන් මල්ලක්. ඒත් ඇත්තටම
එහෙම වෙන්නෙ නැහැ. මේක ගොඩක් දේවල් තියන සාමන්‍ය bag එකක් කියලා ඔයා pack කරන්න ගත්තාම තේරෙයි.
ඉතිම් ඊළග පාර trip යනකොට මේ දේවල් ගෙනියන්න අමතක කරන්න එපා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!