Gossip

“රංගන ශිල්පී උදාරි වර්ණකුලසූරිය පැහැර ගනී – කිඩ්නැප් කරගෙන ගිහිං රබර් වත්තක මරලා දානවා. මුලින්ම මගේ ඇස් දෙක කළු පටිවලින් බැඳලා”

උදාරි වර්ණකුලසූරිය කියන්නේ පුවත් මවන දක්ෂ රංගන ශිල්පිනියක්.
ඇයව පසුගියදා පැහැරගැනීමකට ලක්වුණා.
සතිඅන්ත පුවත්පතකට ඇය මේ විදිහට ඒ ගැන කියලා තිබුණා.

පසුගිය දවසක (මාර්තු 22) උදාරිව කට්ටියක් එකතු වෙලා පැහැරගෙන ගියා කියන්නේ ඇත්තද?
මේ පැහැර ගැනීම නම් හරිම සුන්දර පැහැර ගැනීමක්. ඒ සිදුවීම මතක් වෙනකොටත් හරිම සුන්දරයි.
ටෙලි නාට්‍ය කණ්ඩායමක් තමයි මාව මේ විදියට ‘කිඩ්නැප්’ කළේ.
22 වැනිදා තමයි මගේ 30 වැනි උපන්දිනේ යෙදිලා තිබුණේ.
ටෙලි නාට්‍යයේ හැටියට හීනයක් දකිනවා. මාවයි, විශ්වවයි කිඩ්නැප් කරගෙන ගිහිං රබර් වත්තක මරලා දානවා.
ඒක ඇත්තටම ටෙලි පිටපතේ තිබුණ සීන් එකක්. ඉතිං මං ඒ සීන් එක ෂූට් කරනවා කියලා හිතාගෙන ඇක්ට් කළා.
මුලින්ම මගේ ඇස් දෙක කළු පටිවලින් බැන්දා. මමත් සීන් එකේ තිබ්බ විදිහට ‘මාව අතඇරපල්ලා’ කියලා හයියෙන් කෑ ගැහුවා. කට්ටිය මාව වාහනෙන් බිමට බස්සලා අත්දෙකේ ගැටත් ලිහලා, ඇස්වලට බැඳලා තිබුණු පටියත් ලිහුවා.
පටිය ගැලෙව්වා විතරයි විශ්ව ලොකු චොකලට් කේක් එකක් අරගෙන මගේ ඉස්සරහ ඉන්නවා දැක්කා. වටවෙලා හිටපු කට්ටියම “හැපී බර්ත් ඩේ” කිය කියා මට විෂ් කරන්න ගත්තා. කට්ටියම එකතු වෙලා මට බර්ත්ඩේ එක දවසේ දුන්නේ කවදාවත් අමතක නොවන සප්රයිස් එකක්.

ඔය කියන සප්රයිස් එක විතරද උපන් දිනේට ලැබුණේ ?
නෑ. තව පුදුම සහගත දේවල් ගොඩක් වුණා. මගේ දයාබර සැමියත් ලංකාවට ඇවිත් මගේ යාළුවෝ ටිකත් එක්ක එකතු වෙලා සප්රයිස් බර්ත්ඩේ පාටි එකක් දුන්නා.
සුරාජ් මාපා ඇතුළු මගේ සහෝදර කලාකරුවනුත් මට සප්රයිස් බර්ත්ඩේ පාටි එකක් දුන්නා. ඒවා ඔක්කොම හිතාගන්නත් බැරි සප්රයිස් පාටි. මගේ 30 වෙනි උපන්දිනේ නම් ජීවිතේ තියෙනතුරු මට කවදාවත්ම අමතක වෙන එකක් නැහැ.
ඇත්තම කියනවා නම් මම මෙදා සැරේ බර්ත්ඩේ කේක් හතක්ම කැපුවා.

එතකොට බබාගෙන් අම්මිට ලැබුණේ මොන වගේ සුබ පැතුමක්ද?
දුව දැන් ඉන්නේ එක වසරේ. එයත් මට එයාගේ අතින්ම බර්ත් ඩේ කාඩ් එකක් හදලා ඒකේ එයාගේම අත් අකුරුවලින් I Love You Ammi, I Love You thaththi කිවලා Happy birth day Ammi කියලා විෂ් කරලාත් තිබුණා. ඒ වගේම අම්මි “මල්ලි බබෙක් මට ඕනේ” කියලා ලියලත් තිබ්බා.

උදාරිගේ සැමියත් ලංකාවට ඇවිත් හිටපු නිසා මේ හැම සතුටක්ම ඔහුත් අත්විඳින්න ඇති?

ඇත්තටම ඔව්, මගේ හස්බන්ඩ් සුජිත් රට ඉඳගෙනම මගෙන් ඇහුවා. “බබා බර්ත්ඩේ එකට මොනවද ඔයාට ඕනේ” කියලා. මම එතකොට කිව්වා අනේ ඩාලිං මුකුත් ඕනේ නැහැ. මට දැන් 30යිනේ… ඉතිං ටුවෙන්ටිවලට බයිබායි කියලා කියමු කියලා. ඊට පස්සේ එයා බර්ත්ඩේ දවසේ පාන්දර 2.00ට ලංකාවට ඇවිත් පහුවදාම අනිත් ෆලයිට් එකින් සිංගප්පූරුවට ගියා. එයා තරමක් කාර්යබහුල කෙනෙක්. ඒත් මට තියෙන ආදරේ නිසාම හැම වැඩක්ම නතර කරලා මං වෙනුවෙන් ලංකාවට ආවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!