Gossip

ලෙඬේ තිබුනත් හානියක් නැති මේරි තයිපොයිඞ් ලක්‍ෂ තුනක් මරා දැමු හැටි… වත්මන් කොරෝනා පැතිරීම ගැන කියවෙන අතීත කතාවක්…

නව කොරෝනා වෛරසය සමාජය තුළ පැතිර යන අවස්ථාවේදී පළමු පෙළ ආසාදිතයින් සහ ආශුතයන්ගෙන් සඳහා පසු ආශුතයන් වෙත සම්පේ‍්‍රෂණය වීමත් සමග සමාජය මතුව ඇති ගැටලූව වන්නේ නව කොරෝනා වෛරසය සමාජයේ පැතිර ඇත්ද යන්නය. පළමු පෙළ ආසාදිතයින් බොහෝ දෙනෙකුගේ මූලාශ‍්‍ර සොයා ගැනීමට සමත් වී ඇති නමුත් ඔවුන් රෝගය වැළඳී ඇති බවට තහවුරු කර ගන්නා විට ඔවුන් සැලකිය යුතු ප‍්‍රමාණයකට රෝගය බෝ කර ඇති බව පිළිගත යුතුය. නව කොරෝනා සමාජගත වීම ගැන කතා කිරීමට පෙර අපි මදක් ඉතිහාසයට පිය නඟිමු.

1900 දශකයේ ආරම්භයේ දී ඇමරිකාව තුළ ලක්ෂ 3කට ආසන්න ජනතාවකට පාචන රෝගයක් බෝ කිරීමෙන් මරණය කැඳවූ Typhoid Mary තමයි මේ ඉන්නේ.  මේ කතාව කියන්න හැදුවේ වසංගත රෝගයක් පැතිර යෑම කොයිතරම් වේගයකින් සමාජය තුළ සිද්ධ වෙන්න පුළුවන්ද කියලා පැහැදිලි කිරීමක් මේ අවස්ථාවේ දී සිදු කළ යුතු යැයි මා විශ්වාස කළ නිසායි.

එතෙක් මෙතෙක් ඇමරිකාවෙන් බිහිවූ වඩාත් භයානකම කාන්තාව Bloody Mary විදියට සැලකෙන්නේ මෙම කාන්තාවටය. ඇය නමින් මේරී මැලන්. Mary Mallon .ඒත් ලෝක ප‍්‍රජාව තුළ ඇය ප‍්‍රසිද්ධ Typhoid Mary නමින් ඇය ඉපදුණේ 1870 අවුරුද්දේ ඇමරිකාවේ දී. ඇය ලොව වසංගතයක් නිසා විශාලතම ජන සංඛ්‍යාවක් මරණයට හේතු වූ කාන්තාව one woman epidemic විදියට ඉතිහාසය තුළ සඳහන් වී තිබෙනවා.

තයිපොයිඞ් රෝගය ඇතිවන්නේ salmonella typhi කියන බැක්ටීරියාව නිසා. එම බැක්ටීරියාව මිනිසාගේ මුත‍්‍රා සහ මළපහ හරහා තවත් කෙනෙකුගේ ශරීරයට ඇතුළු වීමෙන් Typhoid රෝගය ඇති කිරීමට හේතු වෙනවා. රෝගය රෝග ලක්ෂණ විදියට උණ, උදරාබාධ, පාචනය ප‍්‍රධාන වශයෙන් ඇති වෙනවා. රෝගය ව්‍යාප්ත වෙන්නේ මිනිසාගේ මුත‍්‍රා හෝ මළපහ එහෙම නැත්නම් අදාළ රෝග කාරකය දරන සත්ත්වයින්ගේ මළපහ මිනිසාගේ ශරීරය තුළට ඇතුළු වීමෙන්. 1900 දශකයේ ආරම්භයේදී Typhoid රෝගයට ඇමරිකාව තුළ වැඩිම මරණ සංඛ්‍යාව වග කියන ලද රෝග වුණා. එරට සිවිල් යුද්ධ නිසා මිය ගිය සංඛ්‍යාව ලක්ෂ දෙකකට ආසන්න වන අතර මෙම කාලසීමාවේදී typhoid රෝගයට ගොදුරු වීමෙන් මිය ගිය සංඛ්‍යාව ලක්ෂ තුනකට ආසන්න වුණා.

ලක්ෂ තුනක ජනතාවට ටයිපොයිඞ් රෝගය වැළඳීම ආරම්භකරන ලද පුද්ගලයා විදියට සලකන්නේ Mary Mallen . මෙහි විශේෂත්වය තමයි ඇයට කවදාවත් ටයිපොයිඞ් රෝග ලක්ෂණ නොපෙන්වීම. රෝග ලක්ෂණ නොපෙන්වන ඇගෙන් රෝගය වැළඳීම නිසා සමාජය තුළ අනුක‍්‍රමණයෙන් ලක්ෂ තුනකට ආසන්න ප‍්‍රමාණයක් මියගොස් තිබෙන්නවා.

ඇමරිකාවේ නිව්යෝර්ක් ප‍්‍රාන්තයේ මෙම ප‍්‍රදේශයේ නිවසක ගෘහ සේවිකාවක් ලෙස ආහාර පිසීමේ කාර්යය තමයි ඇය සිදු කළේ. ආරම්භයේ දී ඇගේ නිවසේ ආශ‍්‍රිත කලාපයේ සාමාජිකයන් Typhoid රෝගය වැළඳී වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා පැමිණෙනවා. ඉන්පසුව ඇය Manhattan ප‍්‍රදේශයට සංක‍්‍රමණය වෙනවා. එම කලාපයේ දීත් ආහාර පිසින නිවස ආශ‍්‍රිත කලාපවල ජනතාවට රෝගය වැළඳිලා මිය යනවා. ඇය ජීවිකාවක් ලෙස ආහාර පිසීමට සම්බන්ධ වන බොහෝ නිවෙස්වල හා ඒ ආශ‍්‍රිත පුද්ගලයන් තයිපොයිඩි රෝගීන් නිසා දරුණු ලෙස ආසාදනයට ලක්වෙනවා. කාටවත් රෝගය ඇති වෙන්නේ කොහොමද කියල හොයාගන්න බැරි වෙනවා.

Mary ඊට පස්සේ ලෝන්ග් අයිලන්ඞ් කියන ප‍්‍රදේශයට යනවා. සති දෙකක් ඇතුළත එම ප‍්‍රදේශයේ ද සැලකිය යුතු ප‍්‍රමාණයකට රෝග ආසදනය සිදුවෙනවා. සාමාන්‍යයෙන් පාචන රෝගයක් ඇති වෙන්නේ දුප්පත් හා පිරිසිදු භාවයෙන් අඩු පුද්ගලයන් අතර. ඒත් 1906 අවුරුද්දේ දී මෙම ටයිපොයිඞ් පාචන රෝගී තත්ත්වයන් සමාජයේ වැදගත් පුද්ගලයන් තුළ ව්‍යාප්ත වීමත් සමග නිව්යෝර්ක් ප‍්‍රාන්තය හි වෛද්‍යවරයෙකු වන ජෝර්ජ් සොපර් තුළ යම් සැකයක් මතුවෙනවා. ඔහු ඇය දිගින් දිගට ම පරීක්ෂා කිරීමේදී අනාවරණය කරගන්නා ලද්දේ රෝගය ආසාදනය වූ වැඩි දෙනෙකු ගේ ආහාර පිසීමේ කාර්යය සිදුකර තියෙන්නේ මෙම ගෘහ සේවිකාවක් වූ Mary බව.

රෝගය ශීඝ‍්‍රයෙන් පැතිර යන හැම වෙලාවකම ඇය තමන් සේවය කර ප‍්‍රදේශයෙන් මාරුවෙලා වෙනත් ප‍්‍රදේශයකට කිසිවෙකුට සැක නොහිතෙන අන්දමට ගමන් කරන්න සමත් වෙලා තිබෙනවා. වෛද්‍ය ජොර්ජ් පරීක්ෂණ මගින් හෙබි වන්නේ මෙරී පිළියෙල කරන ආහාර සහ ඇය විසින් අතපත ගාන ලද ආහාර බඳුන් හරහා ටයිපොයිඞ් රෝගය පුද්ගලයන් වෙත සම්පේ‍්‍රශනය වූ බව වෛද්‍යවරුන් අනාවරණය කර ගන්නවා. ප‍්‍රශ්න කිරීම දී අනාවරණය වුණේ ඇය ඉතාමත්ම දුර්වල පෞද්ගලික සනීපාරක්ෂක කටයුතු පවත්වාගෙන යන බවත් වැසිකිළි යෑමෙන් පසුව පවා එය නිසි පරිදි අතදීමක් සිදු නොකරන බවත් මේ නිසා ඇගේ ශරීරය තුළ සිටින තයිපොයිඞ් රෝග කාරකයා ඉතා පහසුවෙන් ඇගේ අතැඟිලි හරහා ඇය පිසින ආහාර හා ආහාර බඳුන් ලෙස මිශ‍්‍ර වන බව අනාවරණය කර ගත්තා. රෝගය පැතිරයෑම වැළැක්වීමට රෝගය ඇගේ ශරීරය තුළ නිෂ්පාදනය වන පිත්තාශය කපා ඉවත් කරන්නට බලධාරීන්ට අවශ්‍ය වුණත් ඇය එයට කැමැත්ත ලබා දෙන්නේ නෑ.

අවසානයේදී ඇය සමාජයෙන් වෙන් කරන ලද නිරෝධායන කඳවුරකට යවනවා. ඉන් කලකට පස්සේ සමාජයට රෝගය බෝ නොකරන පොරොන්දුව මත ඇයව නිදහස් කරනවා. ඇය ඇගේ නම මේ Mary Brown විධියට වෙනස් කරගෙන නැවතත් පෙර පරිදිම විවිධ ආයතනවල නිවෙස්වල මුළුතැන්ගේ රාජකාරියට එකතු වෙනවා. නැවත වරක් 1915 දී පෙර පරිදි ම භයානක තයිපොයිඞ් රෝග වසන්තයකට නිව්යෝර්ක් ගොදුරු වෙනවා. රෝගය ශීඝ‍්‍රයෙන් නිව්යෝර්ක් ප‍්‍රාන්තයේ පැතිර යනවා. බලධාරීන් ජීවිතාන්තය දක්වා නිරෝධයන කඳවුරක තැබීමට තීරණය කරනවා. 1938 අවුරුද්දේදී ඇය නිව්මෝනියා රෝගයෙන් මිය යනවා. ඇය මියගිය පසුව කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී පිත්තාශය තුළ තයිරොයිඞ් රෝගකාරක සැල්මොනෙල්ලා පවතින බව අනාවරණය වෙනවා.

මෙන්න මේ විදියට තමයි ඇමරිකාව පුරා ලක්ෂ තුනකට ආසන්න ප‍්‍රමාණයකට හේතුවන තයිරොයිඞ් පාචන රෝගී තත්ත්වයන් ඇමරිකාව තුළ විසිවන සියවස ආරම්භයේ දී ඇතිවීමට මූලික වූ බව සැලකෙන Typhoid Mary කතාව සඳහන් වෙන්නේ.

මෙම කතාවදී පැහැදිලි එක දෙයක් තමයි සමාජයට ම පරිපූර්ණ රෝගය බෝ කරපු මේරිට මෙම ටයිපොයිඞ් රෝගයේ රෝග ලක්ෂණ කවදාවත් ඉස්මතු වෙලා නෑ. ඒ නිසා ඇය අහිංසක රෝග වාහකයකු ලෙස කටයුතු කරලා. හැබැයි. සමස්ත නිව්යෝර්ක් ප‍්‍රාන්තයම ඇතුළු ලක්ෂ ගණනක ජීවිතවලට වග කියන්නට සිදු වෙලා.

මේ වනවිට ශීඝ‍්‍රයෙන් පැතිර නව corona virus සමග මේ කතාව සම්බන්ධ වෙන්නේ දැනට ලංකාවේ අනාවරණය වන රෝගීන් අතරින් සැලකිය යුතු ප‍්‍රමාණයක් තමන් තුළ රෝග ලක්ෂණ නොපෙන්වන රෝග වාහකයන් ලෙස කටයුතු කිරීම නිසා.

ඔවුන්ගෙන් රෝගය බෝවන පුද්ගලයන් ඉදිරි කාලයේදී රෝග ලක්ෂණ පෙන්වන්නත් රෝගී තත්ත්වය අසාධ්‍ය වෙන්නත් ඉඩකඩ පවතිනවා. රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් නොසලකා හැරීම සිදු කළ යුතු නොවන්නේ මේ නිසා. ටයිපොයිඞ් රෝගය මළමුත‍්‍රා හරහා එම මළමුත‍්‍රා ආහාර සමග මිශ‍්‍ර වීමෙන් ඉතා වේගයෙන් පැතිර ගියා ට වඩා වැඩි වේගයකින් නව corona වෛරස් රෝගය පැතිර යන්න පුළුවන්. මක්නිසාදයත් corona කියන්නේ වායුගෝලය හරහා නිදහසේ බෝවෙන්න පුළුවන් රෝගයක් නිසා. අපි සැකේ වාසිය මහජනතාවට දෙන්න ඕන ඒ නිසා.

ඇත්තට ම ප‍්‍රජා සම්පේ‍්‍රෂණය කියන්නේ කුමක්ද?

ප‍්‍රජා සම්පේ‍්‍රෂණය සනාථ වන්නේ විශාල සංඛ්‍යාවක් සඳහා සම්පේ‍්‍රෂණ දාමයන් හරහා තහවුරු කරන ලද සිද්ධීන් සම්බන්ධ කිරීමට ඇති නොහැකියාව හෝ සිදු කරන සාම්පල හරහා ධනාත්මක පරීක්ෂණ වැඩි කිරීමෙන. (ස්ථාපිත රසායනාගාරවලින් ශ්වසන සාම්පල ක‍්‍රමානුකූලව පරීක්ෂා කිරීම).

ප‍්‍රජා සම්පේ‍්‍රෂණය යනු හුදෙක් සමාජයක් තුළ වසංගතය කෙතරම් පුළුල් වී ඇත්ද යත්, ආසාදනය කාගෙන් කාට බෝ වුණා ද යන්න තීරණය කිරීම අපහසු, නොහැකිකම, ආසාදනවල ප‍්‍රභවය සහ දාමය තවදුරටත් ස්ථාපිත කළ නොහැකි අවස්ථාවයි. ආසාදන දාමය තීරණය කිරීම අනුගමනය කරනු ලබන උපාය මාර්ගයට අනුව සම්බන්ධතා සොයා ගැනීම, හඳුනා ගැනීම, පරීක්ෂා කිරීම සහ සැක සහිත සිද්ධීන් හුදකලා කිරීම යන සියල්ලම මෙම දාමය ස්ථාපිත කිරීම මත රඳා පවතී.

වෛරසය පැතිරීමේ විවිධ අවධීන් මොනවාද?

අදියර 1 – imported cases

මෙම සිද්ධීන් විදේශ රටවලට ගොස් ඇති අයයි. වෛරස් රෝගීන් තහවුරු කර නැවත රටට පැමිණ ඇති පුද්ගලයින් හමු වීමයි.

අදියර 2 – දේශීය සම්පේ‍්‍රෂණය- local transmission

ඉහත සඳහන් කළ පරිදි, මෙම සිද්ධීන් සංචාරක ඉතිහාසයක් ඇති අය සමඟ සම්බන්ධ වූ අය වේ.

3 වන අදියර – ප‍්‍රජා සම්පේ‍්‍රෂණය- community transmission

වෛරසය කිසියම් පුද්ගලයෙකුට සොයා ගත හැකි ක‍්‍රමයක් නොමැති බැවින් අප වැළකී සිටිය යුතු අදියර මෙයයි.

4 වන අදියර – වසංගතය- epidemic

මෙය අවසාන අදියර වන අතර ලෝකය චීනය සමඟ අත්වැල් බැඳගෙන සිටිනු දුටුවේය.

ප‍්‍රජා සම්පේ‍්‍රෂණය

වෛරසය පැතිරීමේ ආරම්භක අවධියේදී, ආසාදිත පුද්ගලයින්ට චීනයට යම් හෝ වෙනත් සංචාරක ඉතිහාසයක් තිබුණි හෝ රටට සංචාරය කළ පුද්ගලයින් සමඟ සම්බන්ධ වී ඇත. කෙසේ වෙතත්, දැනට සමහර නව රෝගීන්ට සංචාරක ඉතිහාසයක් හෝ ඇති අයෙකු සමඟ සම්බන්ධතා ඇති බවට පැහැදිලි සාක්ෂියක් නොමැත. යම් ප‍්‍රදේශයක රෝගීන් විශාල සංඛ්‍යාවක් සඳහා ආසාදන ප‍්‍රභවය සොයාගත නොහැකි වූ විට ප‍්‍රජා සම්පේ‍්‍රෂණය සිදුවනු ඇතැයි අර්ථ දක්වයි: වෛරසය සංසරණය වන රටවලට සංචාරය නොකර හෝ දන්නා පුද්ගලයින් සමඟ සම්බන්ධ නොවී පුද්ගලයන් ආසාදනය වූ විට තහවුරු කළ අවස්ථා ප‍්‍රජා සම්පේ‍්‍රෂණයට අයත්ය.

කාඩිෆ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඇන්ඩ ෆ‍්‍රීඞ්මන් බීබීසී ප‍්‍රවෘත්ති සේවයට පැවසුවේ, ”ප‍්‍රජා ව්‍යාප්තිය යනු ඔබ එය වෙනත් පුද්ගලයින්ගෙන් – රැකියාවේදී, සාප්පු සවාරියේදී, පොදු ප‍්‍රවාහනයේදී අල්ලා ගන්නා විටය, නමුත් ඔබ එය අල්ලා ගන්නේ ඔවුන්ට ආසාදනය ඇතැයි නොසිතන අයගෙනි. ඔවුන්ට කිසිසේත්ම රෝග ලක්ෂණ හෝ ඉතා මෘදු රෝග ලක්ෂණ තිබිය හැකිය. එසේ වුවද, ඔවුන්ගෙන් රෝගය බෝවන අතර ආසාදනය පැතිර යා හැකිය.” ආරම්භක දිනවල, විදේශයන්හි සංචාරකයින් විසින් මෙම රෝගය ගෙන එන විට, ආසාදිත සෑම පුද්ගලයෙකුම ඔවුන්ගේ සංචාරක ඉතිහාසය හෝ සංචාරක ඉතිහාසයක් ඇති අයෙකු සමඟ ඔවුන්ගේ සම්බන්ධතාවය පරීක්ෂා කරනු ලැබීය. ඒ දවස්වල සෑම නව ආසාදනයක්ම ඇත්ත වශයෙන්ම විදේශ ගත වූ කෙනෙකුගේ ප‍්‍රාථමික හෝ ද්විතීයික සම්බන්ධතා ඇති අයෙකු සමඟ සම්බන්ධ විය හැකිය. එවකට ප‍්‍රජා සම්පේ‍්‍රෂණය නොමැතිවීම පිළිබඳව රජය පුන පුනා ප‍්‍රකාශ කිරීම ද විදේශ සංචාරකයින් සමඟ සම්බන්ධතා පැවැත්වූ අයගෙන් සුළු ප‍්‍රමාණයක් පමණක් අවදානමට ලක්විය හැකි බවට මහජනයාට සහතික කිරීමේ පියවරක් ලෙස ද සැලකේ.

දිවයින.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!