Gossip

කෙල්ලෙකුට පහරදෙන සිද්ධිය 2014 එකක්ලු – දැන් දෙන්නා විවාහ වෙන්නත් යනවලු

3333

සමාජ ජාල වෙබ් අඩවි තුළින් මේ දිනවල ප‍්‍රසිද්ධියට පත්ව ඇති තරුණයන් දෙදෙනෙකු තරුණියකට පහර දෙන දර්ශන ඇතුළත් සිදුවීම සම්බන්ධයෙන් වෙනස්ම පුවතක් මේ වන විට අප වෙත වාර්තා වී තිබෙනවා.  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසන්නේ මෙම සිදුවීම 2014 වර්ෂයේ වූ සිදුවීමක් බවයි. මේ සම්බන්ධයෙන් ඔවුන් එම කාලවකවානුවේදීම පැමිණිල්ලක් කළ බවයි.

එමෙන්ම මාධ්‍ය ඔස්සේ මෙම වීඩියෝව ප‍්‍රචාරය කිරීමත් සිද්ධියට අදලා සියළු දෙනා කටුනායක පොලිසියට පැමිණ පැමිණිල්ලක් කර තිබෙනවා. ඒ අනුව ඔවුන් පවසා ඇත්තේ සිද්ධියට සිදුවී ඇත්තේ මා¥ව ගÛ අසල ඉඩමකදී වන බවත් එය සිදුවූයේ 2014 නොවැම්බර් 15 දවල් 1ට පමණ වන බවත්ය.

මහත් ආන්දෝලනයකට තුඩු දුන් සමාජ ජාල වෙබ් අඩවිවල ප‍්‍රදර්ශනය වූ මෙම වීඩියෝ පටයේ තරුණයන් දෙදෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකු දර්ශනය වනවා. දර්ශනය නොවන වීඩියෝ ගතකරන පුද්ගලයා චාමර නමින් හඳුනාගත හැකියි.

පෙම්වතා ලෙසින් සැලකිය හැකි තරුණයා තරුණියට පළමුවෙන්ම පහරදෙන අතර, පසුව තම මිතුරා වෙනුවෙන් අනෙක් තරුණයාද පහරදෙන ආකාරයද දැකගත හැකියි. ඔවුන් දෙදෙනාගේ උඩුකය නිරාවරණය වී ඇති අතර, පහරකෑමට ලක්වන තරුණිය කපා දැමූ පොල් ගසක් අසළින් බිම ඇදවැටෙනවා. පසුව ඇය සමග සිටින අනෙක් තරුණිය ඇයට කාමරයට යාමට කතා කරන අයුරුද එහි සඳහන්.

කෙසේ නමුත් මෙම සිදුවීම මේ වන විට සමථයකට පත්ව ඇති අතර, මෙම වීඩියෝවේ සිටින තරුණයා හා තරුණිය මේ වන විට විවාහ ගිවිසගන්නට සූදානම්ව සිටින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසනවා.

අදාල තැනැත්තිය ඇගලූම් කම්හලක සේවය කරන බවටද මේ වන විට තොරතුරු වාර්තා වෙනවා. එමෙන්ම මෙම වීඩියෝව අන්තර්ජාලයට එක්කර ඇත්තේ දර්ශන වීඩියෝ කළ චාමර නම් තරුණයාගේ දුරකථනය අලූත්වැඩියා කිරීමට දුන් ස්ථානයේ සේවය කළ අයෙකු බවටද මේ වන විට තොරතුරු වාර්තා වෙනවා. එම ස්ථානයේ අයෙක් ඔහුගේ දුරකථනය පරීක්ෂා කර එම වීඩියෝව නරඹා අන්තර්ජාලයට එක්කර ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!